මං එදා සාකේත ලඟදී වගේම ආයේම සැරයක් බිනූ ලඟ මගේ කතාව කියමින් හිටියා. වෙනසකට තිබුනේ එදා සාකේත ගාවදී වගේ කෑ ගහලා අඬන්නේ නැතුව මං සන්සුන්ව කතාව කිව්වා. මං දැන් ටිකක් ලොකු නිසාද මන්දා ඒ කතාව මාව ඇඬෙව්වේ නෑ. එහෙම නැත්තන් මට කාලයක් තිස්සේ අඬන්නේ නැතුව ඉඳලා අඬන විදිය මතක නැද්ද දන්නෑ. ඉඳහිට වැටෙන කඳුළක් දෙකක් මං පිටි අල්ලෙන් පිහිදගත්තා.
මගේ ඉස්සරහ හිටපු බිනූශ සම්පූර්ණෙන්ම මගේ අනිප්පැත්ත විදියට හැසිරෙමින් හිටියා. මාව අත් දෙකෙන්ම බදාගෙන සද්දයක් ඇහෙන්නැතිවෙන්න එයා ඇඬුවා. සද්දයක් නැතත්, අසාමාන්ය විදියට හෙලවෙන උරහිස් දෙක, මූණ නොපෙනුනත් එයා අඬන බව මට ඒත්තු ගැන්නුවා.
"අයියේ....ඔයා...කොහොමද කියන්න....කොහොමද...ඒ දේවල් දරාගෙන හිටියේ....?ම්ම්ම්.....?" කඳුලු පිහිදන්න උනන්දුවක් නැතුවම උරහිසේ මූණ තියාගෙන එයා මගෙන් ඇහුවා.
"හිටියා ඉතින්....හුරු වුනාම අමාරු නෑ. අනික ඕනම දෙයක් හුඟාක් අමාරු වෙන්නේ විකල්පයක් තියෙද්දි. මට විකල්ප තිබුනේ නෑ"
"ඒ කිව්වේ?"
"විකල්පයක් තියෙනකොටනේ අපිට හිතෙන්නේ මෙහෙම වුනා නම් කොච්චර දෙයක්ද....මෙහෙම නොවී මෙහෙම වුනානම් මට මෙහෙම වෙන්නෑ. එහෙම හිතෙන්නේ විකල්පයක් තියෙද්දී....ඒත් මට එහෙම එකක් තිබ්බේ නෑ. වේදනාවෙන් වුනත් අකමැත්තෙන් වුනත් දරාගන්න සිද්ධවුනා මට හැමදේම" මං එහෙම කියනකොට කඳුලු බිංඳුවක් මගේ ඇස්වලින් ගලාගෙන ගිහින් බිනූගේ කම්මුලකට වැටුනා.
"අඬන්නෙපා කියන්නෑ මං. ඔයාට ඕනේ නම් අඬන්න....ම්ං මෙහෙම ඉන්නම් ඔයාව අල්ලගෙන" බිනූ එහෙම කිව්වම නම් මට තවත් කඳුලු හංගන් ඉන්න බැරිවුනා.
.......................................................................
ඇක්ටින් කමාන්ඩර් කෙනෙක් කියන්නේ කොයිතරන් ලොකු තනතුරක්ද කියලා දන්නවද? මුළු කෑම්ප් එකක්ම භාරව ඉන්න කෙනෙක්, සෝල්ජර්ස්ලා 300 - 400 අතර ගානකට නායකත්වය දෙන කෙනෙක්, අනික මං දන්න තරමින්....මං හොයාගත්ත තරමින් බ්රිගේඩියර් යොශේන් බෙල්ල ගහලා ගියත් නීතියට වැඩ කරන, හිනාවෙන්න අඬන්න දන්නෙ නැති, සාකේතට විතරක්ම ඔලුව නවන හැඟීම් දැනෙන්නැති කොල්ලෙක්. එහෙම කොල්ලා මගේ පපුව අස්සේ පොඩි එකෙක් වගේ උණුහුමට ගුලිවෙලා අඬ අඬ ඉන්න එක....ලෝකේ හැමෝටම රිදීම් දැනෙන බව මට ආයේ ආයෙම ඔප්පු කරා.
YOU ARE READING
Drizzle
General Fictionරළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇ...