Author POV
"රජතුමනි...හෙට දිනයේ අලුතින් සේවිකාවන් බදවා ගැනීමට අවශ්‍යයි...මේ ඒ සදහා නම් ලැයිස්තුව..."
ප්‍රධාන සේවිකාව නම් ලැයිස්තුවක් බෙක්ජේ රජතුමාට පෙන්වන ගමන් කිව්වා...
"හ්ම්ම්...පුරප්පාඩු සදහා ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බදවගන්න...කුමරු යුන්ගිටත් ප්‍රධාන සේවිකාවක් ලබාදෙන්න..."
"එසේය රජතුමනි..."
ප්‍රධාන සේවිකාව නම් ලැයිස්තුවත් අරගෙන රජතුමාගේ කුටියෙන් පිට වුනේ සේවිකාවන් බදවා ගැනිමේ වැඩ සටහනේ ඉතිරි කටයුතු සූදානම් කිරීමට...
===============
"යුන්ගි..මේ අහන්න...හෙට අලුත් සේවිකාවක් එනවලු...ඔයාගේ ප්‍රධාන සේවිකාව විදිහට...හෙට එන කෙනාටවත් හොදින් සලකන්න හරිද? නැත්තන් ඔයා මගෙන් හොද ගුටියක් කනවා...!"
"ආශ්.. හරි හ්‍යුන්ග් හරි..."
සොක්ජින් කුමාරයා යුන්ගිගේ කන් අඩි පැලෙන තරම් සද්දෙන් කෑගැහුවා....සොක්ජින් කුමාරයා විතරයි දන්නේ යුන්ගිගේ ප්‍රධාන සේවිකාව විදිහට එන ගෑනු ළමයි තනතුර අත ඇරලා යන හේතුව...
"ඇයි හ්‍යුන්ග් ඔහොම බලන්නේ...බය වෙන්න එපා...මං දග නොකර හොද ලමෙක් වගෙ ඉන්නම්ම්..."
යුන්ගි ජින් ගාව හුරතල් වෙද්දී ජින් කටට ඉබේම හිනාවක් ආවා...ජින්ගේ හුරතල් මල්ලිනේ යුන්ගි ...
"හරි හරි...බලමුකෝ...හොද දරදඩු සේවිකාවක් එන්න ඕනි...එතකොට ඔය සෙල්ලම් දාන්න බෑනේ..."
ජින් මහ හයියෙන් හිනාවෙවී එහෙම කියද්දී යුන්ගි රවාගෙන ජින් දිහා බැලුවා...
ඇත්තම කිව්වොත් සේවිකාවො එහෙම අස් වෙලා යන්නේ යුන්ගිගේ දග වැඩ නිසා...අවුරුදු 24ක් උනාට වැඩ අවුරුදු 2 ළමයෙක්ගේ වගේ...
"ඇයි මං කියන්නේ බොරුද..? ඉස්සෙල්ලා ආපු සේවිකාවගේ ඇගට පණ පිටින් හිටපු මකුලුවෙක්ව දැම්මා..ඒ ළමයා මකුලුවන්ට බයයි කියලා දැන දැනම එහෙම කලා...පව් ඒ කෙල්ල..."
"යැයි යැයි තමා...මාත් එක්ක ඉන්නව නම් යකාටවත් බය වෙන කෙනෙක් වෙන්න බෑ...ශක්තිමත් වෙන්න ඕනි..."
"අනෙහ්...එහෙම සේවිකාවෝ හොයාගන්න වෙන්නේ අහසින් තමයි...මොකෝ ගෝර්යෝවේ කුමාරිකාව මෙහෙට ගෙන්නගෙන සේවිකාවක් කරන්නයෑ...මං කියන්න්නෑ ඉතින්..."
"ඒක තමා ප්‍රශ්නේ...එයා වගේ නිර්භීත කෙනෙක් මට ඕනි...මද හුලගටත් වැනෙන පරඩැල් වගේ අය මට හරියන්නෑ හ්‍යුන්ග්..."
"හරි...හෙට තෝරාගැනීම් තියෙනවනේ...ඔයාම ඇවිත් තෝරගන්න එකයි ඇත්තේ එතකොට හරිනේ..."
සොක්ජින් එහෙම කියද්දී යුන්ගි ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තා...
"ම්හ්හ්...ඒකත් හොද අදහසක් වගේ හ්‍යුන්ග්...මම ම ගිහින් තෝරගන්නම් ඒක කෝකටත් හොදයි..."
YOU ARE READING
SPY LOVE ♥️✔️
Fiksi Sejarah"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...