Author POV
කුමරු යුන්ගි ඇතුලු හෝසෝක්, නම්ජුන් සහ ජන්ග්කුක්...
කුමරිය ජීහා, යුවරජු පාර්ක් ජීමින් වගේම ගෝර්යෝවේ මහ රජු...
එසේම රාජ්‍යයේ සියලුම ජනතාව සහ ගෝර්යෝවේ සෙබලුන්...මේ වෙනකොට බෙක්ජේ මාලිගාව වට කර අවසන්...
හැමෝම බලන් ඉන්නේ බෙක්ජේ රජතුමා ප්‍රතිචාරයක් දක්වනකන්...
ඝෝෂාවෙන් මුලු නගරය පිරිලා...
එක්වරම බෙක්ජේ රාජ මාලිගාවේ විශාල දොරටු දෙක විවෘත වුනා...ඔව් බෙක්ජේ රජතුමා තමන්ගේ සෙබලුත් එක්ක සටනට ඇවිත්...
කුමරු යුන්ගි හිතුවේ තමන්ගේ අප්පා ඔම්මා කියපු දේ අහලා ඇති කියලා...ඒත් වෙක එහෙම නෙවෙයි කියලා කුමරුට තේරුණා...
ඒත් ඔම්මයි හ්‍යුන්ග්නුයි කොහෙද..??
යුන්ගි හිටියේ ඒ දෙන්නා ගැන බයෙන්..."පහර දෙනු!!!!!"
බෙක්ජේ රජු තමන්ගේ සෙබලුන්ට අණ දෙද්දී සෙබලුන් ගෝර්යෝවට පහර දෙන්න ගත්තා...ගෝර්යෝවේ රජු බෙක්ජේ රජු සමග සටන් කරද්දී කුමරු යුන්ගි වගේම කුමරිය ජීහා උත්සහා කලේ කෙසේ හෝ මාලිගාව තුලට යන්න...
"යුන්ගියා...රැජිනයි..සොක්ජින් කුමරුයි..."
"අපි කොහොමහරි එයාලා හොයාගන්න ඕනි ජීහා..."
කුමරු යුන්ගි තමන්ගේ කඩුවෙන් ආපු සෙබලෙකුව ඇනලා මරලා දාන අතරතුර පැවසුවා...
"හරි..මං පාර හදලා දෙන්නම්...ඔබ ඇතුලට යන්න.."
"හ්ම්..."
එහෙම කියපු කුමරිය ජීහා කුමරු යුන්ගිගේ පිටිපස්සෙන් පහර දෙන්න ආව සෙබලට කකුලෙන් පහර දුන්නේ කුමරු යුන්ගිව තමන්ගේ පසුපසට ගන්න අතරතුර...
"පැමිණෙන්න..."
ඉස්සරහට හමුවන හැම සෙබලටම පහර දෙන අතරතුරදී බෙක්ජේ රාජ්‍යයේ ඉහල මාලයේ සිට ඊතල වරුසාවක් එන්න පටන් ගත්තේ බෙක්ජේ රජු කටකොනින් හිනාවෙද්දී...
එයින් බොහෝ දෙනෙකු මියගියත් ඔවුන්ගේ ශක්තිය නම් කිසිසේත් මියැදුනේ නැහැ...
ගෝර්යෝවේ රජු බෙක්ජේ රජුට දිගින් දිගටම පහර දුන්නා...දෙදෙනාගෙන් කෙනෙකු අද මිය යායුතුයි...
"ජීහා බලාගෙන..."
කුමරු යුන්ගි දැක්කේ කුමරිය ජීහාට ප්‍රහාර දෙන්න ආව සෙබලව...දැනටමත් කුමරිය ජීහාට යාන්තමින් තුවාලයි...අතේ තිබුනු කැපුම් තුවාලේ නිසා ඇය සටන් කලේ වම් අතින්...
"ආර්හ්හ්හ්හ්...."
"ආහ්..."
කුමරිය ජීහාට පහර දෙන්න යන විටම කුමරු යුන්ගි කුමරියව ඉන වටින් අත දමා ඇයව තමන්ට ලං කරගත්තේ සෙබලගේ කඩු පහරින් කුමරු යුන්ගිගේ අත යාන්තමට කැපෙද්දී...
"යුන්ගියා..."
"එන්න...අපි යමු ඇතුලට..."
කුමරු ජීමින් කුමරු සන්වූ සමග සටන් කලා...කුමරු සන්වුත් සටනට බොහොම දක්ෂ නිසා ඔහුව පරාජය කරනවා කියන්නෙත් ලේසි දෙයක් නෙවේ..
නමුත් කුමරු ජීමින්ට නම් එයින් කිසිදු වැඩක් නෑ...ඔහුයි යුවරජු....යුවරජු හැටියට ඔහුට තිබෙන බලයන් පිලිබදව අමුතුවෙන් කතා කල යුතු නැහැ...
මුලු රාජ්‍යයම එකම ලේ විලක්...!!!
මැරී වැටී සිටින සෙබලුන් ජනතාව අතරින් කුමරු යුන්ගි සහ කුමරිය ජීහා මාලිගාව ඇතුලට පැමිණියා..."ජීහා...ඔයා මේ පැත්තෙන් යන්න...මං මේ පැත්තෙන් යන්නම්...ඔවුන්ව හමුවුනොත් අනිවාර්යෙන්ම මෙතනට පැමිණෙන්න...ම්ම්ම්...පරිස්සමින් මැණික..."
"ඔයත්..."
කුමරිය මාලිගාවෙ දකුනු පැත්තට යද්දී කුමාරයා ගියේ වම් පැත්තට...

YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...