Author POV
කුමරු යුන්ගි රාජ සභාවෙන් එලියට ආවා...
කුමාරයාට හිතාගන්න බැරි..කාන්තාවක් කොහොමද මේ වගේ වැඩක් කරන්නේ කියලා...කුමරු හිතන්නේ කාන්තාවකට කරන්න බෑ කියල නෙවේ...ඒත් බෙක්ජේවල එහෙම කෙනෙක් නෑ කියලාමයි එයාට හිතුනේ...එහෙම නම්...වෙන ගමකින් කවුරුන් හෝ ඇවිත් කියලම තමා යුන්ගි කුමරුට හිතුනේ...
"හ්ම්ම්...සජා...කවුද ඇය..."
කුමරු යුන්ගි හිත කියන දේවල් පැත්තකට දාලා කෙලින්ම කියේ කඩු සටන් පුහුණු වෙන ස්ථානයට...
ඒ වෙනකොටත් සෝයෝන් එතනට ඇවිල්ලා අනිත් සේවිකාවන් සමග අවශ්ය දේවල් සූදානම් කරලා තිබ්බේ කුමරු මේ වෙලාවට මෙතනට එන බව දන්න නිසා...
"ම්හ්ම්..සෝයෝන්..."
කුමරු යුන්ගි දැක්කේ සෝයෝන් එතන තිබ්බ කඩුවක් අත ගාන හැටි...ටික වෙලාවක් කුමරු සද්ද නොකර බලන් හිටියේ සෝයෝන් හැසිරෙන්නේ කඩුව හරිම පලපුරුදු කෙනෙක් වගේ නිසා...
"ඔහ්...කුමරුනි...චොසම්නිදා...!"
කුමරු යුන්ගිගේ කටහඩ ඇහිච්ච ගමන් සෝයෝන් හිටපු තැනින් අඩි දෙක තුනක් පස්සට ගියේ බය වෙලා...කවුද හිතුවේ මේ වෙලාවෙම මෙයා මෙතනට එයි කියලා...
"සෝයෝන්ට කඩුව හොදට පුරුදුයි වගේ නේ..."
"ම්වෝ...?"
සෝයෝන් ගැස්සිලා බිමට බර කරන් හිටපු ඔලුව උස්සලා කුමාරයා දිහා බැලුවා...
"නෑ...මං ඉතින් කිව්වේ සෝයෝන් කඩුව අල්ලපු විදිහෙන් මට තේරුණ නිසා...ඕහ්..!! සෝයෝන් මොකද ඔය මූන රතුවෙලා..."
"මගේ? මූන...ආහ්...එ..ඒ නිකන්..අව්ව සැරයි නේ...ඒ..නි..නිසා වෙන්නැති..."
සෝයෝන් ගොත ගගහාම ඒ විදිහට වචන ගලපන් කිව්වා...යුන්ගි ඉස්සරහට එද්දී එන ලෙඩේ ආයෙමත් ඇවිත්...සෝයෝන්ට හිතුනා තනතුරෙන් අයින් වෙන්නත්...ඒත් බෑනේ...තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න හම්බවුනු හොදම තනතුර තමයි රාජකීයෙකුගේ ලගම සේවකයා ලෙස සේවය කිරීම...
"දේ...මං කඩු සටන් ටිකක් ඉගෙන ගෙන තියෙනවා..."
සෝයෝන් බිම බලාගෙන උත්තර දෙද්දී කුමරු යුන්ගි සෝයෝන් දිහා බලන් හිටියා...කුමරුට එක පාරට හිතාගන්න බැරි උනා...
YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...