SPY LOVE 彡 16

196 51 1
                                    

Author POV

මේ ගෙවුණු සති දෙක තුන ඇතුලත සජාගේ වැඩ තවම නැවතුණෙත් නෑ...තනි කාන්තාවක් උනත් ඇයගේ හිතේ ශක්තිය වගේම ශරීර ශක්තිය බුද්ධිය ඉතාමත් ඉහල බව බෙක්ජේ රාජ්‍යයටම තේරුණා...

රාජ්‍යයේ අකටයුතුකමක් සිදු වන්නේ කොතනද එතන අනිවාර්‍යෙන්ම 'සජා' හිටියා...

ඒ අතරින් පතර කුමරු යුන්ගිගේ කණ්ඩායමත් හිටියේ නැතුවම නෙවේ...මේ නිසා තමන්ගේ වැඩ රාජ්‍යයේ ක්‍රියාත්මක කරන්න අමාරු නිසා රජතුමා හිටියේ මේ දෙගොල්ලෝ එක්කම ලොකු වෛරයකින්....

අපේ කුමරු යුන්ගිගේ පැත්තෙන් ගත්තොත් සෝයෝන් සතියක් දෙකක් තිස්සෙම කුමරු යුන්ගිව මග අරින එක කුමාරයාට ලොකු ප්‍රශ්නයක් උනා...ඒ වගේම සෝයෝන් ගැන තමන්ගේ හිතේ තියෙන සැකෙත් වැඩි වුනා...ඒත් සෝයෝන් ගැන කිසිම තොරතුරක් තමන්ගේ කණ්ඩායමට හොයාගන්න එක කරන්න බැරි වුනා...

=====

සෝයෝන් කුමාරයාගේ කාමරේට ඇවිත් කාමරේ පිලිවෙලක් කරන්න ගත්තා...මොකද සෝයෝන් දන්නවා මේ වෙලාවේ කුමාරයා ඉන්නේ රාජ සභාවේ කියලා...

එදා වුනු කඩු සටන නිසා සෝයෝන් දැනන් හිටියා යුන්ගි කුමරු තමන් ගැන ලොකු සැකේකින් ඉන්නේ කියලා...

"ම්හ්ම්.."

ඒත් එක්කම ඇහුණේ කවුදෝ තමන්ට පිටිපස්සේ ඉදන් උගුර පාදන හඩක්...ලගින්ම තමා ඇහුණේ...

සෝයෝන් අඩියක් ඉස්සරහට තියලා තමන්ගේ ඉනේ හංගගෙන ගිටපු කිනිස්ස අතට අරන් කුමරු ඉන්න පැත්තට වේගෙන් හැරුණා...

කිනිස්ස උස්සලා පහර දෙන්න යනවත් එක්කම කුමරු සෝයෝන්ගේ කිනිස්ස අල්ලන් ඉන්න සිනිදු අතින් අල්ලගෙන නවත්තගත්තා...

"කු..කුමරුනි..ඔබ..."

සෝයෝන් ඒ ඉන්නේ යුන්ගි කුමරු කියලා දැන ගත්ත ගමන් ඇස් බයෙන් වගේම පුදුමෙන් ලොකු උනා...

පස්සට වෙන්න හැදුවත් සෝයෝන්ට කුමාරයා ඈත් වෙන්න දුන්නේ නෑ...දෙන්නා අතරේ තිබ්බේ බොහොම පොඩි ඉඩ පරතරයක්...

"කුමරුනි...චෙබල්...මාව අතාරින්න..."

රතු වුනු කම්මුල් හංගගන්න දැඩි උත්සහයක යෙදෙන ගමන් සෝයෝන් වචන ගැටගහගත්තා...කුමරු යුන්ගි ඉන්නේ සෝයෝන්ට ළගින්ම නිසා සෝයෝන් අපහසුතාවෙන් බිම බලන් හිටියා...

මේකෙන් වෙන්නේ කුමරු යුන්ගි ගැන තමන්ගේ හිතේ තියෙන හැගීම් වැඩි වෙන එක විතරයි...

"මාව මරන්නද ඕනි...ම්ම්ම්.."

"අනී...අනී..කුමරු...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..."

"හ්ම්ම්ම්..."

යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...දෙදෙනා කොච්චර ළගින් ඉන්නවද කිව්වොත් කුමරු යුන්ගිගේ උනුහුම් හුස්ම සෝයෝන්ගේ මූනෙත් වැදෙනවා...

"කුමරුනි...මාව අතාරින්න...කවුරුන් හෝ දැක්කොත් වැරදි විදිහට හිතාවි..."

සෝයෝන් එහෙම හිමින් කිව්වත් කුමරුට නම් ඒවා ඇහුන බවක් පේන්න තිබ්බේ නෑ...ඔහු සෝයෝන්ගේ නිල් පැහැති ඇස් අස්සේ මොකද්දෝ හේතුවකට හිර වෙලා...

"ඔහ්! මේ මොකද්ද.."

ඒත් එක්කම කුමරු දැක්කේ සෝයෝන්ගේ අතේ තියෙන සලකුණ...

"මොකක්ද මේ?.."

ඒ සලකුණ තමයි රජයෙන් රාජකීයන්ට ලබාදෙන සලකුණ...හොද වෙලාවට යුන්ගි ඒක සම්පූර්ණයෙන් දැක්කේ නෑ...හැන්බොක් එකට වැහිලා තියන නිසා...

කුමරු යුන්ගි ඒ සලකුණ දිහා බලන්න ඕනි කමට සෝයෝන්ගේ අත බුරුල් කලා...ඒත් එක්කම සෝයෝන් තමන්ගේ අත අරගෙන හැන්බොක් එකේ අත හදාගත්තා...

"චොම්මල් මිආන්හේ...මට දැන් යන්න වෙනවා කුමරුනි..."

සෝයෝන් බයෙන් වගේ කුමරු යුන්ගිට ආචාර කරලා එතනින් පිට වුනේ යුන්ගිව ප්‍රශ්න ගොඩක ගිල්ලවන ගමන්....

"මං ඔයා කවුද කියලා කොහොමහරි හොයාගන්නවා සෝයෝන්..."

SPY LOVE ♥️✔️Where stories live. Discover now