SPY LOVE 彡 12

190 45 0
                                    

Author POV

"අනේ කරුණාකරලා අත අරින්න මාව...චෙබල්..."

අවුරුදු 20ක පමණ තරුණ ගෑනු ලමයා තමන් ඉස්සරහා ඉන්න පිරිමි දෙදෙනාට කෑගැහුවේ හුගක් බයෙන්...

"එහෙම කොහොමද ම්ම්...?"

"මේ දවස එනකන් අපි කොච්චර බලන් හිටියද ..?"

ඒ මිනිස්සු දෙන්නා ඒ කෙල්ල ගාවට එද්දී කෙල්ල තව තවත් පස්සට ගියා...බෙක්ජේ රාජ්‍යයේ මේ වගේ දේවල් සාමාන්‍යයෙන් නිතරම සිදු වෙනවා...

ඒත් එක්කම ඒ කෙල්ල ගිහින් වැදුනේ තවත් පපුවක...

"😳"

තද කලුපාට හැන්බොක් එකකින් සැරසුනු ඒ කෙනාගේ ඉනේ කඩුවක් තිබුණු බවත් උරහිසේ ලියවිල්ලක කොපුවක් තිබුණු බවත් පේන්න තිබ්බා...

ඒ ඇස්වල බයක් ගෑවිලා නොතිබුණු තරම්...කේතියෙන් තද රතු වුනු ඇස්...දිග අක්බමරු...පිට වසාගෙන තිබුනු කොන්ඩය...මුව ආවරනයක් දමාගෙන හිටපු නිසා කවුරුද කියා අදුරගන්න අමාරුයි..

කෙල්ල බය වෙලා වගේ බලන් ඉද්දී අර කෙනා තමන්ගේ පිටිපස්සට කරලා කෙල්ලව තියාගත්තේ කෙල්ලට කරදර කරන්න ආව මිනිස්සු දෙන්නා දිහා එක එල්ලේ බැල්මක් හෙලන ගමන්...

පොඩි කෙල්ලට තේරුණා එයා අල්ලපු විදිහෙන්ම මේ ඉන්නේ තව කාන්තාවක් බව...

"ඔන්නි...මාව බේරගන්න...චෙබල්..."

තමන්ගේ පිටිපස්සට වෙලා ඉන්න කෙල්ල තමන්ගේ හැන්බොක් එකෙන් තද කරලා අල්ලද්දී එයාට තේරුනා කෙල්ල කොච්චර බය වෙලාද කියලා..

"ඔහෝ...සූයෝන්...එතකොට අද අපෙන් උබව බේරගන්න ඇවිත් තියෙන්නේ ගෑනු කෙනෙක්ද..හහ්හ්හා..."

ඒ මිනිස්සු දෙන්නගෙන් එකෙක් විහිලුවෙන් වගේ හිනාවෙවී එහෙම කියද්දී ඇයගේ ඇස් රතු වුනා තවත් තරහින්...අත් මිටි මෙලෙවෙද්දී වැරෙන් තමන් ඉදිරියේ හිටපු මනුස්සයට ගැහුවේ ඔහු අඩි හතරක් පහක් එහාට විසි වෙද්දී...

ටිකක් දරුණු ප්‍රහාරයක්...
වැටුණු කෙනා දිහා අලන් හිටපු අනිත් මනුස්සයත් ඇයට ගහන්න අත උස්සද්දී ඒ අත අල්ලගෙන අනිත් පැත්තට ඇඹරුවේ මනුස්සයා වේදනාවෙන් මොර තියද්දී....

'කරස්...'

අනිත් පැත්තටම අත අඹරලා කැඩුවේ ඇටකටු කැඩෙන හඩ ඇහෙද්දී...

විනාඩි 10කින් වගේ ඒ කාන්තාව පිරිමින් දෙදෙනාව බිම හෙලුවේ නැගිට ගන්න බැරිවෙන්න...

ඔවුන් දෙදෙනා නැවත එසේ නොකරන බවට දිවුරුම් දෙමින් කෑමොර දුන්නත් අපේ ජීහා කුමරිය නැවැත්තුවේ නම් නෑ...

ඔව් ඔව්! ජීහා තමා...
ශින්වූට ලියකියවිලි භාර දීලා නැවත නවාතැන වෙත යනවිටදී තමයි ඇය නැවතුණේ...

මිනිසුන් දෙදෙනාට තවත් කාගෙවත් උදව්වක් නැතිව නැගිටිනවා කියන්නේ බොරු...නැවැතත් කාන්තාවක් දිහා වැරදි විදිහට බලද්දිත් බය හිතෙන විදිහට ජීහා පහර දීම් සිදු කලා...කාන්තාවකට නැවැතත් අපහාස කරද්දිත් බයක් දැනෙන විදිහට ජීහා පහර දුන්නා...

"ඔන්නි...චොම්මල් කම්සාම්නිදා..."

ඒ කෙල්ල කුමරිය බදාගද්දී කුමරියත් ඇයව පෙරලා වැළදගත්තා...

"ආරස්සෝ..."

"ඔන්නි...මං මින් සූයෝන්...ඔන්නිගේ නම මොකද්ද...?"

සූයෝන් ඇස් දෙකත් ලොකු කරගෙන එහෙම අහද්දී ජීහා ටික වෙලාවක් කල්පනා කලා...

"සජා..."

කෙටියෙන් උත්තර දුන්නු ජීහා ඉක්මනින් අශ්වයාගේ පිටට නැගලා එතනින් පිට වුනේ සූයෝන් පුදුමෙන් බලන් ඉන්න අතරේ...

"සජා....හ්ම්ම්...කම්සාම්නිදා ඔන්නි..."

SPY LOVE ♥️✔️Where stories live. Discover now