Author POV
"කුමරුනි මේ පාර්ක් යොන්හි...ඇයව ඔබේ සේවිකාව ලෙස සුදුසුද බලන්න.."
මාලිගාවේ ප්‍රධාන සේවිකාව යුන්ගිව නව සේවිකාවන් සිටින ස්ථානයට කැදවාගෙන ගියා...
"හ්ම්ම්...අපි වෙන කොනෙක් බලමු..."
පාර්ක් යොන්හි කුමරු යුන්ගි දිහා බලන් හිටියේ කටත් ඇරන් යොන්හි විතරක් නෙවේ අනිත් හැමෝමත්...කොටින්ම කිව්වොත් කිම් සෝයෝන් හෙවත් අපේ ගෝර්යෝ අනාගත මහ රැජිනත් එහෙම තමා...
යුන්ගි කුමරු ගැන අහලා තිබ්බට කවදාවත් ඔහුව දැකලා තිබුණේ නෑ...ජීහා හිතුවටත් වඩා යුන්ගි කඩවසම්...කලු කොන්ඩය, අසාමාන්‍ය සුදු පැහැති සම...ලස්සන හිනාව...මාංශ පේශි පිරුණු සිරුර...හැම අතකින්ම කුමරු යුන්ගි පරිපූර්ණයි...
ඕනිම ගැහැණු කෙනෙක්ගේ හිත ඇදලා ගන්න පුලුවන් බලයක් ඒ කුමාර රූපෙට තිබුණා...
"හ්ම්ම්...එයත් හරි නෑ වගේ..."
යුන්ගි එහෙම කියලා ආධුනික සේවිකාවෝ දිහා ආපහු ඇස් යැව්වා...ඒත් එක්කම කුමරුගේ ඇස් යොමු උනේ තමන් කෙරෙහි එක එල්ලේ බලාගෙන ඉන්න ජීහාව...
ජීහා තවමත් එක එල්ලේ බලාගෙන යුන්ගි දිහා...ඇස් අහකට ගන්නෙම නෑ...සාමාන්‍යයෙන් සේවිකාවන් රාජකීයන් දිහා කෙලින් බලන්නේ නෑ...ඒක සේවකයන් රාජකීයන්ට කරන අගෞරවයක්...
ඒත්...
මොකද්දෝ හේතුවකට ජීහා යුන්ගි දිහා බලන් ඉන්නවා...යුන්ගිත් ඇස් අහකට ගන්නේ නැතුව ජීහා දිහා බලන් ඉන්නේ දැහැනකට සම වැදිලා වගේ...ජීහාගේ ලස්සන පෙනුමත් එක හේතුවක්...මාලිගාවේ ප්‍රධාන සේවිකාවගේ ඉහෙන් කනින් දාඩිය දාලා...එයා හොදටම බය වෙලා ඉන්නේ රාජකීයෙක් දිහා බලන් ඉන්න බැරි නිසා...
හැමෝම ඇස් දල්වාගෙන බලන් ඉන්නේ කුමාරයා දිහා වගේම ජීහා දිහා...
යුන්ගි ජීහාගේ ළගටම ආවා...ඒත් තවමත් ඇස් එකට යා වෙලා...යුන්ගි අත්පුඩි දෙකක් ගහලා දැනුම් දුන්නේ හැම කෙනෙක්ටම කුටියෙන් පිට වෙන්න කියලා...ජීහා යුන්ගිට වඩා ටිකක් මිටි...ඒ නිසා ජීහාට සිද්ධ වුනේ ඔලුව උස්සලා කුමාරයා දිහා බලන්න...
යුන්ගි දන්නවනම් මේ ඉන්නේ පාර්ක් ජීහා කියලා...එයාගේ මනසේ රූපයකින් මවාගෙන ඉන්න අනාගත ගෝර්යෝවේ මහ රැජිණ කියලා...මොනා වෙයිද...??
"හ්ම්ම්...ඔබගේ නම..."
"මං..කිම් සෝයෝන්...කුමරුනි..."
ජීහා යුන්ගි කුමරුට හිස නවලා ආචාර කලේ එහෙම කරන්න ඕනි නිසා...තමන් කුමරියක් උනත් මේ තත්ත්වේ හැටියට එයා සේවිකාවක්...
ටික වෙලාවක් සෝයෝන් හෙවත් අපේ කුමරිය ජීහා දිහා බලන් හිටපු යුන්ගි ටික වෙලාවක් කල්පනා කලා...
යුන්ගිට ටිකක් සෝයෝන් ගැන සැක නොහිතුනාමත් නෙවේ...සෝයෝන් දිහා බලනකොට එයාට පෙනුනේ රාජකීයෙක්ගේ ස්වරූපයක්...සේවිකාවකගේ වගේ රළු ගතියක් සෝයෝන්ගෙන් යුන්ගි දැක්කේ නෑ...ඒ වගේම කුමරු යුන්ගි සෝයෝන්ගෙ ඇස්වලින් දැක්කේ පුදුමාකාර නිර්භීත බවක්...ශක්තියක්...
ඒත් යුන්ගි ඒ තමන්ගේ මොලේ කියන දේවල් පැත්තකින් තියලා තමන්ගේ හදවත කියපු දේ කලේ සෝයෝන්ගේ ඇස් උඩ යවන තරමට පුදුම කරවලා...
"හ්ම්ම්ම්...කිම් සෝයෝන්...ආරස්සෝ...ඔබ අකමැති වුනත් මට දැන් කරන්න දෙයක් නෑ...මං කැමති ඔබව මගේ ප්‍රධාන සේවිකාව කරගන්න..."

YOU ARE READING
SPY LOVE ♥️✔️
Ficção Histórica"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...