SPY LOVE 彡 09

199 47 3
                                    

Author POV

(A/n : මෙතන ඉදලා ජීහාට මං සෝයෝන් කියලා දාන්නේ...ජීහාගේ නම දාන්න ඕනි තැන්වලදි දානවා..ඕකේ..නැත්තන් නම් දෙක බැලන්ස් කරන්න අමාරුයි..)

එදා හවස් වෙනකන් සෝයෝන් යුන්ගි කුමරුව දැක්කේ නෑ...තමන්ව තෝරගත්තා කියලා දැනුම් දුන්නට පස්සේ යුන්ගිගේ අනු සේවිකාවක් එක්ක මුලු මාළිගාව වටේම ගියා...

ඒකෙන් ජීහාට එක වාසියක් වුනා..බෙක්ජේ මාලිගාවේ ඇතුලත පිහිටීම හොදින් දැන ගන්න පුලුවන් උනා...

"මේ ඉන්නේ යුන්ගිගේ අලුත් සේවිකාව වෙන්න ඇති..."

සේවිකාව වගේම සෝයෝන් හිටියේ මාලිගාවේ ලොකු පොකුණ ගාව...ඒත් එක්කම දෙන්නම කට හඩ ඇහුණු පැත්තට හැරුණා...

ලස්සන හිනාවකින් තවත් කුමාරයෙක් බලන්න ඉන්නවා..

"ඕහ්! කුමරු සොක්ජින්...චොම්මල් චොසම්නිදා..අපි ඔබව දැක්කේ නෑ..."

සේවිකාව හිස නවලා කියද්දී සෝයෝනුත් ඒ දේම කලා...ඒත් එක්කම සෝයෝන්ට මතක් උනේ මින් සොක්ජින් කියන නම...ඔව් යුන්ගි කුමාරයාගේ වැඩිමහල් සහෝදරයා...

ඒ දෙන්නා ගැන හැමවෙලේම වගේ ගෝර්යෝ මාලිගාව ඇතුලත කියවෙනවා...මොකද ගෝර්යෝවේ ශිල්ලාවේ වගේම බෙක්ජේවලත් කුමාරවරු දෙන්නා හරිම ප්‍රසිද්ධයි...එයාලගේ කරුණාවන්ත කම නිසයි එයාලා එච්චර ප්‍රසිද්ධ...තමන්ගේ පියාගේ එක නරක ගතිගුණයක්වත් කුමාරවරුන්ට ගෑවිලාවත් නොතිබුණු එක තමයි හැමෝම සතුටු වෙච්ච කාරණේ...

"ආනි...එයට කම් නොවේ...ඔබට යා හැකි...මං මැය සමග යන්නම්..."

පුරුදු හිනාව පිරුණු මුහුණින්ම සේවිකාව දිහා බලද්දී සේවිකාව සෝයෝන් දිහාත් බැල්මක් හෙලලා කුමරුට නැවතත් හිස නවලා ආචාර කරලා එතනින් පිටත් වුනේ සේවිකාව යන දිහා සෝයෝන් බලන් ඉද්දි...

"එතකොට ඔබේ නම..??"

සොක්ජින් කුමාරයාගේ කටහඩින් තමයි සෝයෝන් පියවි සිහියට ආවේ...

"මගේ නම කිම් සෝයෝන් කුමරුනි..."

"ආරස්සෝ..සෝයෝන්..එන්නකෝ මාත් එක්ක..."

සොක්ජින් කුමාරයා සෝයෝන් එක්ක එකට යන්න හැදුවත් සෝයෝන් කුමාරයාට වඩා අඩියක් දෙකක් පස්සෙන් හිටියේ ඒක බෙක්ජේවල සිරිතක් නිසා...

රාජකීයෙකු සහ සමව සේවිකාවකට හෝ සේවකයෙකුට ගමන් කල නොහැකි...!

සෝයෝන් බෙක්ජේවලට එන්න කලින් සිරිත් විරිත් ගැන හොද අධ්‍යනයක යෙදිලා ආවේ.. මොකද බෙක්ජේවල පොඩි හරි වැරද්දක් වුනොත් කිසිම සමාවක් නැති නිසා...

"අයිගො සෝයෝන්ශි...අපි දෙන්නම එකට යමු...ඔය සිරිත්වලින් වැඩක් නෑ..."

සොක්ජින් කුමාරයා එහෙම කියද්දී සෝයෝනුත් ඔහුට එකග වෙලා ඔහුත් සමගම ගියේ මුලු නගරයේම සංචාරයක යෙදෙන්න...

"සෝයෝන්ශි...මං ඔයාට පොඩි උපදෙසක් දෙන්නම්..."

ජින් කුමරු එහෙම කියද්දී සෝයෝන් කුමරු දිහා බැලුවා...

"දේ කුමරුනි...පවසන්න.."

"යුන්ගි කියන්නේ මගේ මල්ලි බව ඇත්ත...හැබැයි...එයා ටිකක් මුරණ්ඩුයි, හිතුවක්කාරයි, කේන්තිකාරයෙක්...එයා කැමති එයා වගේ ශක්තිමත් පිරිසක් වටේ ඉන්නවට...හැබැයි කෙටියෙන්ම කිව්වොත් අවුරුදු 24ක් උනාට කරන්නෙම අවුරුදු 2 ළමයෙක්ගේ වැඩ...හරිම දගයි..."

"ම්වෝ..?"

කුමාරයා එහෙම කියද්දී සෝයෝන් කුමාරයා දිහා බලන් හිටියේ යුන්ගි ගැන කියපු දේවල් හිතාගන්න බැරුව...

"දේ...එයාට ඉස්සෙල්ලා හිටපු ප්‍රධාන සේවිකාවෝ තනතුර අත අරින්න හේතුව ඕක...නමුත්...මතක තියාගන්න එයා හරි බුද්ධිමත්...ඔයාව බය කරන්න එක එක දේවල් කරයි...බය වෙන්න නම් යන්න එපා..."

"දේ කුමරුනි..."

සෝයෝන් එහෙම කිව්වේ හිත ඇතුලින් හිනාවෙන ගමන්...යුන්ගි එච්චර පොඩි ළමයෙක් වගේද කියලා හිතලා සෝයෝන්ගේ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා...

බොරු කියන්න ඕනි නෑ...කිසිම පිරිමියෙකුට හොල්ලන්න බැරි වුන ගෝර්යෝවේ අනාගත රැජිනගේ හිත බෙක්ජේවල බාල කුමාරයා හොල්ලලා ඉවරයි...

SPY LOVE ♥️✔️Where stories live. Discover now