Author POV
ජිමින් හිටියේ ඈත බලාගෙන කල්පනා කරන ගමන්..
එයාට එයාගේ පවුලේ අය මතක් වුනා...ඔම්මා...
අප්පා...
තමන්ගේ හුරතල් යොදොන්සෙන්ග්...ජිමින්ගේ ඔම්මා නැති වුනේ ජිමින්ගේ යොදොන්සෙන්ග් හම්බවෙලා සතියකට පස්සේ...ජිමින්ගේ ඔම්මා නැති අඩුව පිරෙව්වේ මේ නංගි...
නංගි එක්ක ජිමින් ගත කලේ බොහොම පොඩි කාලයක්...
ජිමින්ගේ ජීවිත කතාව දන්නේ එයාගේ සහෝදරයෝ හයදෙනා විතරයි...කවුරුත් නොදන්න රහසක් එයාගේ ජීවිතේ තිබුණා...
"ජිමිනා..."
ඒ ටේහ්‍යුන්ග්...එයා පැය ගානක ඉදන් ජිමින් දිහා බලන් හිටියේ එයා ඉන්නේ ප්‍රශ්නෙක කියලා තේරුණ නිසා...
ජිමින් ටේගේ කටහඩ ඇහුණු ගමන් තමන්ගේ ඇස්වල තිබුණු කදුලු බිංදු ඉක්මනින් පිහදගත්තා...
"ජිමිනා, කරුණාකරල ඔච්චර දේවල් හිතන්න එපා...අපි ඉක්මනට ගෝර්යෝවට යමු...ම්ම්...රජතුමත් සතුටු වෙයි තමන්ගේ ලොකු පුතා ජීවත් වෙනවා කියලා දැනගත්තම..ම්ම්..."
"හ්ම්ම්...ඒත් මට පාලුයි බන්...මගේ ජීහා කෙල්ල කොහොමද දන්නෑ...දැන් ලස්සන තරුණියක් වෙන්න ඇති...මට ආරංචි උනා මට දීලා තිබුණු යුවරජ පදවිය ජීහාට දුන්නා කියලා..."
පුදුම උනා නේද?
පාර්ක් ජීමින් කියන්නේ පාර්ක් ජීහාගේ වැඩිමහල් සහෝදරයා...ගෝර්යෝවේ හිටපු යුවරජ...
ජිමින් ඉන්නේ බෙක්ජේවල හිරවෙලා...රාජ තාන්ත්‍රික කටයුත්තකට බෙක්ජේ ආපු වෙලාවේ මොකක්දෝ හේතුවකට ජිමින් කුමරුට ආපසු යන අතරමගදි බෙක්ජේ රජතුමා පහර දුන්නා...
හැමෝම මිය යද්දී ජිමින්ගේ සෙබලු කලේ කුමාරයාව ආරක්ෂා කරන එක...ජිමින් කුමාරයා තමන්ගේ හොදම යාලුවා සෙන්පති කිම් ටේහ්‍යුන්ග් සමග පැනලා යද්දී කුමරු සෙබලුන් එකා දෙන්නා මැරී ඇද වැටෙන විදිහ කුමාරයා බලන් හිටියේ හිතේ කැකෑරෙන වේදනාවෙන්...
ජිමින්ට ඒ වෙලාවේ දැනුනේ තමන් පරාජිතයෙක් බව! දැනට ජීමින් බෙක්ජේවල හිරවෙලා මාස 7ක් විතර වෙනවා...
ගෝර්යෝවේ රජතුමාට මේ බව ආරංචි උනාම හුගක් දුක් වුනා වගේම කේන්ති ගියා..
එයාලට ආරංචි උනේ බෙක්ජේ රජුගේ ප්‍රහාරයකින් කුමරු පාර්ක් ජීමින් සහ සෙන්පති කිම් ටේහ්‍යුන්ග් මිය ගියා කියලයි...
මුලු ගෝර්යෝවම ඒ දවස් ටිකේ මලගෙයක් වගේ...ජීමින් කුමාරයා හැම කෙනෙක් ගැන හොයලා බලලා කරුණාවෙන් කටයුතු කරපු කෙනෙක්...ඔහුගේ මිතුරා ටේහ්‍යුන්ග්නුත් එහෙමයි...ඉතින් කුමරු ජීමින්‍ටත් සෙන්පති ටේහ්‍යුන්ග්ටත් රටවැසියෝ හුගක් ආදරෙයි කුමරිය ජීහාට වගේම...
ජීහා කුමරිය හිටියේ මානසික හුගක් ඇද වැටිලා...තමන්ගේ ඔම්මගේ අඩුව පිරෙව්ව ඔප්පා, එයාගේ චූටි ඔප්පා ටේහ්‍යුන්ග් ආපහු එන්නේ නෑ කියලා දැනෙද්දී ඒ වේදනාව මුලු පපුවටම දැනුනා...
ඊට පස්සේ තමයි ජීහා,රාජ්‍ය පාලනය සම්බන්ධ වැඩවලට එකතු වෙලා තමන්ගේ ආදරණීය ඔප්පගේ අඩුව පුරවන්න හැදුවේ...
ඒත් ජීහාට තාමත් එයාගේ ඔප්පව ඕනි...ජීමින්ටත් එයාගේ යොදොන්සෙන්ග්ව ඕනි...
ජීමින්ටයි ටේහ්‍යුන්ග්ටයි පස්සේ තමයි ජන්ග්කුක්ව මුන ගැහෙන්නේ...එතනින් පස්සේ තමා බෙක්ජේවල නීති විරෝධි වැඩ නවත්වන කුමරු යුන්ගිගේ රහස් කණ්ඩායමට එකතු වෙන්නේ...
තමන්ගේ හරි වෙලාව එනකන් එයාලා බලන් ඉන්නවා...!
YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...