Author POV
ඒ සිද්ධියෙන් මාසයක පමණ කාලයක් ගත වුනා...
කුමරු යුන්ගි ඒ සිද්ධිය වූදා සිට සෝයෝන් එක්ක කල් ගත කලේ බොහොම ළෙන්ගතු කමකින්...ඒක සෝයෝන්ට තේරුනත් ඇය ඒක ගණනකට ගත්තෙ නැත්තේ ඒක කුමරුගේ සාමාන්‍ය හැසිරීම කියලා හිතලා...ඒත් කුමරු යුන්ගිට නම් සෝයෝන්ව තමන්ගේ සේවිකාවක් විදිහට තවදුරටත් දකින්න නම් පුලුවන් වුනේ නෑ...
=============
"එතකොට කොහෙන්ද උමගට විවෘත වෙන්නේ..."
සෝයෝන් කුටියේ හැමතැනම පරික්ෂා කරන්න ගත්තා...ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි තරමට සූක්ශමයි වගේ...
මොකද්ද සෝයෝන් මේ කරන්නේ..?
අද තමයි සෝයෝන්ගේ රහසිගත ලිපි ගොනුවල අන්තිම ලිපිය ගෝර්යෝවට යවන්න තියෙන දවස...
අන්තිම ලිපියෙන් ඇය ලියන්න බලාපොරොත්තු වෙන්නේ රජතුමාගේ සහ රැජිනගෙ කුටියෙන් විහිදෙන රහස් උමං පද්ධතිය ගැන විස්තරයක් දෙන්න...
සෝයෝන් ඉන්නේ දැන් බෙක්ජේ රජුගේ කුටියේ...සෙබලු ටිකක් එහෙට මෙහෙට වෙච්ච ගමන් සෝයෝන් රජුගේ කුටියට ආවා...ඇත්තටම බොහොම අවධානම් වැඩක තමයි සෝයෝන් මේ කරන්නේ...
ඒත් ඇය මේ දේ කරන්නේ බොහොම සතුටින්...තමන්ගේ රාජ්‍ය වෙනුවෙන් වගේම අනිත් රාජ්‍යයේ අසරණ ජනතාව වෙනුවෙන් මේ දේ කරන්නේ තමන්ගේ ජීවිතේ නැති වුනත් කමක් නෑ කියලා හිතලා...
"කමක් නෑ...හිමීට පරික්ෂා කරන්න ජීහා...කලබල වෙන්න එපා...සමහර විට බිමින් ඇතුලට යන විදිහට හදලා තියෙන්නත් පුලුවන්..."
සෝයෝන් තමන්ටම මුමුණගන්න ගමන් බිම ඉදගත්තා...බිම හදලා තිබ්බේ ලීවලින්...තමන්ගේ අතේ ඇගිලිවලින් බිමට තට්ටු කරන්න ගත්තා...
"මේ හරියේ නෙවේ...ම්ම්...කොහේ වෙන්න ඇතිද..?? ම්ම්ම්...අතන!!!!!!!!!!!! ඔව්!!!!!! එතන වෙන්න පුලුවන්!!!!!"
සෝයෝන්ගේ ඇස් යොමු වුනේ සයනය ගාව තිබුණු බුමුතුරුණ වෙතට...හිමීට එතනට ගිහින් බුමුතුරුණ එතනින් ඉවත් කලා...
"මෙතන...ම්ම්ම්..."
එතනට ඇගිල්ලකින් තට්ටු කලාම ඇහුණේ හරිම බොල් හඩක්...ආපහු සෝයෝන් වෙන තැනකට තට්ටු කරලා බුමුතුරුණ තිබ්බ තැනට තට්ටු කරලා බැලුවේ ඒ හඩවල් සංසන්දනට කරලා බලන්න...
"ඔව්...දෙවියනේ...ඒ මෙතන තමයි...අරිමු...මේක අරින්න ඕනි...කොහොමද..."
ඒ තැන සෝයෝන් දැක්කා දොර පිහිටලා තිබ්බ විදිහ...අරින්න ක්‍රමයක් නෑ...සෝයෝන් වටපිට බලලා දැක්කා කුටියේ කොනක තියෙන ටිකක් පැතලි දිග ලී දණ්ඩක්...
"මේකෙන් බලමු..."
සෝයෝන් දිග ලී දණ්ඩ අතට අරගෙන බිම හදලා තිබුණු දොර පලුව අතරට තියලා දණ්ඩ අනිත් පැත්තෙන් පාත් කරලා ඉස්සුවා...
ක්රාස්...
හඩ නගමින් දොර ඇරුණේ සෝයෝන්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී එතනින් පහලට පඩිපෙලක්...
සෝයෝන් ගිහින් දිග ලී පතුර තිබ්බ තැනින්ම තිබ්බා...ලොකු හුස්මක් අරන් ආපහු එතනට ආවේ ඇතුලට යනවා කියලා හිතාගෙන...
"අපි බලමු ඇතුලට ගිහින්...ම්ම්.."
සෝයෝන් කුටියෙන් පිටතට වටපිට බලලා ආපහු ඇවිත් උමග ඇතුලෙන් පඩිපෙල බැස්සා...
හැබැයි ඊට කලින් සෝයෝන් ඇතුලට ගිහින් උමගේ දොර බාගෙට වහලා උඩින් එතනින් අත දාලා එලියේ තිබ්බ බුමුතුරුණ ආපහු සකසලා ඇතුලට ගියේ ඇතුල් පැත්තේ තිබුණු දොරේ අගුල දාගන්න ගමන්...
![](https://img.wattpad.com/cover/304914056-288-k981180.jpg)
YOU ARE READING
SPY LOVE ♥️✔️
Historická literatura"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...