Author POV
"ඕහ්!! හරිම කලුවරයි..."
සෝයෝන් උමග ඇතුලට ගියත් කෑලි කපන්න පුලුවන් කලුවරක් තිබ්බ නිසා හරියට දෙයක් දකින්නවත් පුලුවන් කමක් නෑ...
"අපරාදේ...එලියක් අරන් ආවෙත් නෑ....අයිගෝ..."
සෝයෝන් තමන්ටම මුමුණගන්න ගමන් උමගේ බිත්තිත් අතගගා හිමින් හිමින් ඉස්සරහට ගියා..
කිසිම සද්දයක් නෑ..අතරින් පතර මීයෝ කෑගහන හඩක් ඇහුණේ සෝයෝන් ආවා කියලා දැනගෙන බයවෙලා නිසා වෙන්නැති කියලා ඇයට හිතුනා...
"එලියක්...!!!"
සෝයෝන් යනකොටම දැක්කේ ටික දුරකදී ගිනි සිලු පත්තු කරලා තියෙන විදිහ...
එතන වාතයේ සංයුතිය ගැන හිතුවම නම් කියන්න පුලුවන් අනිවාර්යයෙන් මේ ටිකේ ගිනි සිලු පත්තු කරලා තියෙනවා කියලා හැමදාම...
ඒ විදිහට කරලා තියෙන්නේ හදිස්සියක් උනොත් කියලා වෙන්නැති...
"උමග ඉවරයි වගේ මෙතනින්..."
කිලෝමීටරයක් දෙකක් විතරම උමග දිගට ඇදිලා තිබ්බා...අන්තිමට සෝයෝන් දැක්කේ එතනින් එලියට යන්න පුලුවන් උමගේ අවසානෙට ඇවිත් බව...
"දෙවියනේ...මේ ශිල්ලාව නේද..?"
උමගේ අවසානය = ශිල්ලා රාජධානියේ බටහිර කොටස...
උමගේ අවසන් කට ගස් වැල්වලින් වහලා තිබ්බේ කාටවත් අහු නොවෙන්න...සෝයෝන් එතනින් එලියට ඇවිත් බැලුවම තේරුණා එයා ඇවිත් තියෙන්නේ ශිල්ලාවට කියලා...ශිල්ලාව කියන්නේ බෙක්ජේ රජුට සැගවෙන්න ලේසිම ස්ථානය...
අනික එතන ටිකක් පාලු දූපතක් වගේ තැනක්...කොහොමත් ලේසි ඉතින්...
"ඕහ්..!! එතකොට ඔබතුමා හැමදාම දිවි බේරගන්නවා ඇත්තේ මෙතනට ඇවිත් වෙන්න ඇති..."
සෝයෝන් වටපිට ඇවිදලා බලද්දී දැක්කේ රාජකීයෙකුට ජීවත් වෙන්න සුදුසු තරමේ නවාතැනක් තියෙන බව...
කටකොනින් හිනාවුනු සෝයෝන් ආපහු උමග ඇතුලට ගියේ කොහොමහරි තමන් බෙක්ජේ මාලිගාවේ නෑ කියලා දැනගන්න කලින් ඉක්මනට මාලිගාවට යන්න ඕනි නිසා...
තමන්ගේ ගිනි සිලුව එතන තිබ්බ තවත් සිලුවකින් පත්තු කරගෙන අඩිය ඉක්මන් කරලා ගියා....
ගිනි සුලුව නිවලා උමගේ දොර ඇරලා එලියට ඇවිත් උමග හරියට වහලා තිබ්බ දේවල් ඒ විදිහටම තියලා කුටියෙන් පිටවෙන්න අනිත් පැත්ත හැරෙනකොටම හිටපු කෙනා නිසා සෝයෝන්ගේ ඇස් ලොකු උනා...
"කිම් සෝයෝන්...!!"
"කුමරු යුන්ගි...ආහ්හ්හ්...."
YOU ARE READING
SPY LOVE ♥️✔️
Fiksi Sejarah"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...