Author POV
"රජතුමනි...අපි කොටු වෙලා..."
සෙබලු කිහිපදෙනෙකු බෙක්ජේ රාජ්යයේ රජුට පවසද්දී ඔහු කවුලුවෙන් පිටතට බැලුවා...
රාජධානියම ජනතාව වට කරලා...එකම හිස් ගොඩක්...එතනින් එලියට ගියොත් ආයේ එන්න වෙන්නේ මලමිණියක් විදිහට...
එතා බෙක්ජෙ ගෝර්යෝ රාජ්යයන් දෙකේම ජනතාව හිටියා...රජතුමා හිරවෙලා කට මුලටම...
"රජතුමනි...අපි මොකද්ද කරන්නේ දැන්...?"
එවෙලෙම එතනට ආවේ රැජින සහ සොක්ජින් කුමරු...කුමරු යුන්ගි පේන්න හිටියේ නෑ...
"කුමරු යුන්ගි කොහෙද...?"
රජතුමා එහෙම අහද්දී රැජින වගේම සොක්ජින් කුමාරයාත් මූනට මූන බලාගෙන බිම බලාගත්තා...
"කොහෙද කුමාරයා...!!!!!"
"රජතුමනි...මේ බලන්න.."
රජතුමා කෑගහද්දී සෙන්පතිතුමා කවුලුවෙන් පිටතට ඉන්න කෙනෙක්ව පෙන්නුවා...
"යුන්ගි...එතකොට ඔහු මටත් ද්රෝහි උනාද...ඕහෝ...මට දැන්නේ තේරෙන්නේ..මේ සියල්ලම ඔහුගේ වගේම කුමරිය ජීහාගෙත් වැඩ...කුමරු පාර්ක් ජීමින් සහ සෙන්පති ටේහ්යුන්ග්...ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින්නේ කෙසේද සෙන්පතිතුමා..."
රජතුමා මුලු මාලිගාවම දෙදරන්න කෑගහද්දී කුමරු සොක්ජින් කවුලුවෙන් පිටතට බැලුවා...එයාගේ ඇස් සතුටු කදුලුවලින් පිරුණේ කෙනෙක්ව දැකපු නිසා...
"නම්ජුන්..."
හිමින් මුමුනද්දී හැමෝම කුමරු දිහා බැලුවා...
"ඔහෝ...කුමරු නම්ජුන්, කුමරු ජග්කුක් සහ කුමරු හෝසෝක්...හහ්...රැජිනියනි...ඔවුන් බේරුණේ කෙසේද...??"
මේ පාර රජතුමා තියුණු බැල්මක් දැම්මා රැජින පැත්තට...ඒත් රැජින නම් බියවුනු බවක් පේන්න තිබ්බේ නෑ...
"ඔව්...මං ඔවුන් නිදහස් කලා...බේරගත්තා...ඔබ කරන නොමනා ක්රියාවලට ඒ අහිංසක දරුවෝ පලි නැහැනේ..."
රැජින ආවේගෙන් වගේ කියද්දී රජතුමාගේ ඇස් පුදුමෙන් ලොකු උනා...
"ඔබට කොහොමත් මමයි මගේ දරුවෝ දෙන්නගෙනුයි වැඩක් තිබුනේ නැහැනේ...කවදද ඔයා අපිත් එක්ක කාලේ ගත කලේ...එක දවසක් හරි දරුවෝ දෙන්නට ආදරෙන් වචනයක්..එක වචනයක් කතා කරලා තියෙනවද...කොයි වෙලේ බැලුවත් සිංහාසනේ බදාගෙන..
මේ අහන්න රජතුමනි...මං ඔබගේ බිරිද වගේම රාජ්යයේ රැජින හැටියට...හැමදේකදිම මේ වෙනකන් උදව් කලා...ඒත් මට තවත් ඒ දේ කරන්න අමාරුයි...යුන්ගි එයා...එයා හරි තීරණය අරන්...ඒ වගේම ජිනුත්...මට සතුටුයි...මං මගේ දරුවෝ දෙන්නා හැදුවා හරියට..."
රැජින එහෙම කියද්දී රජතුමා රැජින දිහා බලන් හිටියේ හැගීම් විරහිත මුහුනකින්...
"සෙන්පතිතුමනි...අපි සටන් කල යුතුයි..."

YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...