SPY LOVE 彡 03

249 51 0
                                    

Author POV

කුමරිය ජීහා හිටියේ හැමෝගෙම අදහස් අහන ගමන්...ඒත් ඇයගේ ඔලුව ඇතුලේ වැඩ කලේ දැන් ඇතිවෙන්න යන ප්‍රශ්නයට සහ ඉස්සරහට ඇතිවෙන්න තියෙන ප්‍රශ්නවලට විසදුමක්....

"රජතුමනි, අපට බෙක්ජේ වැසියන් උදව් කිරීමට කැමති බව ප්‍රකාශ කර තිබෙනවා..."

"හ්ම්ම්ම්...ඔවුන් සිටින්නේ බොහෝ කරදරවලින් හෙම්බත් වෙලා..."

රජතුමා එහෙම කියද්දී ජීහා නිශ්ශබ්දව තවත් කල්පනා කරන්න ගත්තා...

"ජීහා...ඔයා මොකක්ද මේ ගැන හිතන්නේ දුව?"

රජතුමා නිශ්ශබ්දව කල්පනා කරන ජීහා පැත්තට හැරෙන ගමන් ඇහුවා...

රජතුමා දැනන් උන්න ජීහා නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ එයා මොකක් හරි විසදුමක් හොයන ගමන් ඉන්නේ කියලා...

"අප්පා...බෙක්ජේවල මිනිස්සුත් අපේ ජනතාව වගේ...ඔවුන් ඉන්නේ තමන්ගේ පාලකයා නිසා ගොඩක් අසරණ වෙලා...මං කියන්නේ අපි එයාලත් එකතු කරගෙන මේ වැඩේ කරමු කියලා..."

ජීහා එහෙම කියද්දී රජතුමා කල්පනාවට වැටුණා..

"රජතුමනි, මාත් කැමති ජීහා කුමරියගේ යෝජනාවට..."

"දේ...මමත් එකගයි...අපි හැමෝම මිනිස්සු...අපි එකිනෙකාට උදව් කරගන්න ඕනි...මේක අපිටත් තියෙන ප්‍රශ්නයක්..."

හැමෝම ඒ විදිහට එකග වෙද්දී රජතුමා තමන්ගේ අන්තිම තීරණේ ඉදිරිපත් කරා...

"එහෙනම්...අපි මෙවරත් ජීහා කුමරියගේ සැලසුම් අනුව ක්‍රියා කරමු...අපි බෙක්ජේ වැසියන්වත් ගෝර්යෝවේ වැසියන් යන දෙගොල්ලන්වම බේරගමු..."

රජතුමා එහෙම කියද්දී හැමෝම ජය ඝෝෂා පැවැත්වුවා...

"හරි කුමරිය...අපි දැන් මොකද්ද කරන්න ඕනි..."

මහඇමති එහෙම අහද්දී ජීහා හිටපු තැනින් නැගිටලා හැමෝටම අවධානය දුන්නා...

"මං හිතනවා අපේ රාජ්‍යයේ ඉන්න මේ පාලක මණ්ඩලයට පක්ෂපාතී කියලා...ඒ වගේම අපි මේ දේ කරන්නේ රාජ්‍යන් දෙකක ඉන්න අහිංසක වැසියෝ බේරගන්න ඔනි නිසා..."

ජීහා එහෙම කියද්දි හැමෝම ඒකට උනන්දුවෙන් අවධානය දුන්නා...

"ඔබතුමන්ලා හැමෝම දන්නවා අපිට එකපාරටම ගිහින් ආක්‍රමණය කරන්න බැරි බව...ඒ නිසා මං කල්පනා කලේ ඒගොල්ලන්ගේ ශක්තිය ගැන අවතක්සේරු නොකර සැලසුම් ක්‍රියාත්මක කරන්න...මොකද කියනවනම් බෙක්ජේ කියන්නෙත් ශක්තිමත් රාජ්‍යයක්..."

"දේ කුමරිය...අපි මොකද්ද දැන් කරන්න ඕනි..."

"අපි මුලින්ම එයාගේ රාජ්‍ය ඇතුලේ සංවිධානය ගැන හොයන්න ඕනි...ඒකට අපි මෙහෙන් යවන්න ඕනි..."

"ඔත්තුකාරයෙක්..?"

ජීහා කිය කිය හිටපු දේ සම්පූර්ණ කරන ගමන් රජතුමා කතා කලා...

"දේ අප්පා...එයාලාගේ රාජ්‍ය ඇතුලේ යුධ සංවිධානය, රාජ්‍යයේ පිහිටීම ගැන, පාලක මණ්ඩලය ගැන දැනගත්තොත් අපිට වැඩේ තවත් ලේසි වෙනවා...ඒ වගේම බෙක්ජේ රාජ්‍යයේ ජනතාවත් සංවිධානය කරන්න ඕනි..."

"ම්ම්...ඒක හොද අදහසක්...දුව ඔයාගේ හිතේ කවුරුහරි ඉන්නවද ඔත්තුකාරයෙක් විදිහට යවන්න කෙනෙක්..."

රජතුමා එහෙම කියද්දී හැමෝම කුමරිය ජීහාට අවධානය දුන්නා...

"දේ අප්පා...කෙනෙක් ඉන්නවා..."

කල්පනා කරලා බලලා ජීහා උත්තර දුන්නා...

"කුමරිය...කවුද ඒ...?"

සෙන්පතිතුමා එහෙම අහද්දී ජීහා හිනා වෙලා උත්තර දුන්නා...

"මං කැමති...මම ම ඒ වැඩේ ගිහිල්ලා කරන්න..."

ජීහා එහෙම කියද්දී හැමෝගෙම ඇස් පුදුමෙන් ලොකු උනා...

"දුව...ඔයා යන්න...බෑ...බෑ...ඒ දේ වෙන්න බෑ..."

"ආනී...අප්පා මං යන්නම්...මේක අපි හිතනවා වගේ ලේසි වැඩක් නෙවේ...කාලය වගේම මහන්සිය වැය කරන්න ඕනි වැඩක්...හුගක් හිතලයි මේ දේ කරන්න ඔනි...ඒනිසා මං යන්නම්..."

ජීහා මුරණ්ඩු විදිහට කියද්දී රජතුමා අවසර දුන්නේ කරන්න දෙයක් නැති නිසා...වෙන කෙනෙක් යවනවට වැඩිය රජතුමාටම තේරුණා ජීහා යන එක හොදයි කියලා...

SPY LOVE ♥️✔️Where stories live. Discover now