Author POV
"රජතුමනි...මේ අහන්න..මෙසේ සටන් කිරීමේ තේරුමක් නෑ...ඔබ මේ නීති විරෝධී ක්රියා නවත්තන්න...චෙබල්..."
ගෝර්යෝවේ රජතුමා බෙක්ජේවල රජුගෙන් ඉල්ලීම් කලා...ඒත් බෙක්ජේ රජු එය පිලිගන්න බවක් නම් පේන්නට තිබුනේ නෑ....
"නැහැ...මෙය විසදිය යුත්තේ මේ මාර්ගයෙන්මයි...එක්කෝ නුබ නැතිනම් මම..."
නැවතත් බෙක්ජේ රජු ගෝර්යෝවේ රජුට පහර දෙද්දී ගෝර්යෝවේ රජුගේ ඒ පහර තමන්ගේ කඩුවෙන් වැලැක්වූවා...සටන ඉතාම තීව්ර ලෙස ඇදෙනවා...දිනුමක් පැරදුමක් පේන තෙක් මානෙක නැති තරම්...
"ආශ්..."
එක්වරම ගෝර්යෝවේ රජු තමන්ගේ කඩුවෙන් බෙක්ජේ රජුගේ කඩුව ඈතට විසි කලේ පරාජිත හැගීමක් බෙක්ජේ රජුගේ හිතට දනවන අතරේ...
"ආර්හ්හ්..."
ගෝර්යෝවේ රජු එල්ල කල පා පහරින් බෙක්ජේ රජු බිම ඇද වැටුනා...ඒ සැණින් ගෝර්යෝවේ රජු තමන්ගේ කඩුව බෙක්ජේ රජුගේ බෙල්ලට තැබුවේ සියල්ලකම අවසානය සනිටුහන් කරමින්...
===============
"ඔම්මා...හ්යුන්ග්...ඔයාලා කොහෙද?"
කුමරු යුන්ගි කෑගසන ගමන් මාලිගාවේ ඇතුලටම පැමිණියා...ඔහු දැන් හරියටම ඉන්නේ සිරකුටි තිබෙන තැන...
"යුන්ගි...ඔවුන්ව හම්බවුනාද..?"
ඒත් එක්කම එතනට ආවේ කුමරිය ජීහා...ඇයටත් රැජින සහ කුමරුව හම්බවෙලා තිබුනේ නෑ...
"නෑ...දැන් ඉතුරු මෙතන..."
එහෙම කියන ගමන් කුමරු හිසින් සිර මැදිරිය පෙන්නුවා...
"ඔබ හිතනවද ඔවුන් මෙතන ඇතිය කියලා..."
"හ්ම්ම්ම්...සමහරවිට ඉන්න පුලුවන්..."
"අපි යමු ඇතුලට..."
කුමරිය ජීහා කුමරුගේ අතින් අල්ලගෙන ඇතුලට ගියා...හුගක් සිරකරුවන් එතනින් පැනලා ගිහින්...
"යුන්ගි..."
"ඔම්මා..."
ඇත්තටම ඔවුන් සිරගත කරලා...යනකොටත් ඔවුන් සිර මැදිරියක හිර කරලා තිබ්බා...
"හ්යුන්ග්...ඔයා හොදින්ද..?"
"දේ යුන්ගියා..."
සොක්ජින්ගේ පිලිතුරෙන් සෑහීමකට පත් වුනු යුන්ගි ජීහා පැත්තට හැරුණා...
"ජීහා...ඔයා මේ මොකද්ද කරන්න යන්නේ මැණික..."
"මැණික..??"
රැජිනයි සොක්ජින් කුමාරයයි එකපාර කියද්දී කුමරිය ජීහාගෙයි කුමරු යුන්ගිගෙයි මූනූ රතුවුනා...
"ඔම්මා...මං පස්සේ ඒ කතාව කියන්නම්..."
එහෙම කියද්දී ජීහා ලොකු යකඩ පොල්ලක් වගේ එකක් අරන් ඇවිත් කුටියේ අගුල කඩන්න හැදුවා...දෙතුන් පාරක් ගැහුවත් වැඩක් නෑ...ඒක හුගක් ශක්තිමත් අගුලක්...
"ආශ්...යුන්ගියා මේක හරියන්නෑ...කඩන්න අමාරුයි..."
කුමරිය ජීහා ඉනට අත තියාගන්න ගමන් එහෙම කිව්වේ හති අරින ගමන්...එයාට මහන්සි...
"ජීහා...අපි මේකෙන් උත්සහා කරලා බලමු..."
කුමරු යුන්ගි සිරමැදිරියේ යතුරු කැරලි ටික පරික්ෂා කලා...
"අපරාදේ...මගේ මහන්සිය..."
කුමරු යුන්ගි යතුරු කැරැල්ලේ යතුරු එකින් එක අගුලට දාලා කැරකෙව්වා...
"දෙවියනේ හරි ගියා..."
කුමරු යුන්ගි ඔම්මවයි හ්යුන්ග්වයි වැලදගන්න හැටි කුමරිය ජීහා බලන් හිටියේ සතුටින්...
"දුව...එන්න..."
රැජින කුමරියට කතා කලාම ඇයත් රැජිනව වැලදගත්තේ ඇස්වල කදුලු පිරෙද්දී ඇයටත් හිතුනා තමන්ගේ ඔම්මත් හිටියනම් කියලා...
"ඔම්මා..."
YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...