Author POV
දැන් හුගක් රෑ වෙලා...ඒත් කුමරු යුන්ගිට නම් නින්දක් නැති පාටයි...
කුමාරයා යහනේ කොච්චර ඒ මේ අතට පෙරලි පෙරලි හිටියද කිව්වොත් දැන්නම් කොන්දත් මොකද්ද වෙලා වගේ...
යුන්ගිට ඇහෙන්නෙම රහස් කුටිය පැත්තෙන් වේදනාවෙන් කෑගහන මිනිස්සුන්ගේ හඩ...කවුරුත් දන්නේ නැති වුනාට යුන්ගි හැම වෙලේම එතනට ගියා...
උඩුකය නිරුවතින් හිටපු කුමාරයා යහනෙන් බිමට බැහැලා උඩු ඇදුම ඇගලාගෙන කඩුවත් කොපුවට දාගත්තේ පොඩි ගමනක් යන්න...
අශ්ව ගාලට ගිය කුමාරයා තමන්ගේ ආදරණීය අශ්වයගේ පිටට නැගලා වේගෙන් ගියේ බෙක්ජේ රාජ්‍යයේ තිබ්බ මහ ඝන කැලෑවේ කවුරුත් නොගිය පැත්තකට...
මේ පැත්ත හැමෝගෙම අවධානයට ලක් වුනු පැත්තක්...හැමෝම කතා වෙන්නේ ඒ පැත්තේ ඉන්නේ බයානක හොරු කණ්ඩායමක් කියලා...
රජතුමා පවා සෙබලු යැව්වා ඒ හොරු අල්ලගන්න කියලා...ඒත් ඒ සෙබලු ආපහු ආවේ හොදටම හොරුන්ගෙන් පහර කාලා...
"කුමරුනි...සැරදේවා...!''
එතන හිටපු 5 දෙනාම දණක් බිමට නවලා පපුවට අත තියාගෙන කුමරු යුන්ගිට ආචාර කලා...
"ජන්ග්කුක්, හෝසෝක්, නම්ජුන්, ජිමින්, ටේ...කොහොමද ඔයාලට..."
මේ තමයි යුන්ගි කුමරුගේ රහසිගත කණ්ඩායම කැරලි කාරයන්...රජතුමා නිසා බොහෝ පීඩාවට පත් වෙච්ච රාජකීය පවුල්වල කුමාරවරුන්...ඔවුන්ට කාත් කවුරුවත් මේ ලෝකේ නෑ...ඒ නිසයි තමන්ගේ රට වෙනුවෙන් හරි මේ දේවල්වලට බැදුනේ...
කුමරු අශ්වයගේ පිටෙන් බැහැලා එතන තිබ්බ ගහක ගැටගහලා ඔවුන් ඉන්න නවාතැන තුලට පැමිණියා...
"දැනට නම් ප්‍රශ්නයක් නැහැ කුමරුනි...රාජ්‍යයේ තත්ත්වය බොහෝම බයානකයි කියලා ආරංචි..."
"හ්ම්ම්...දේ...අප්පා සේරම වැඩ අවුල් කරනවා...අපි කොහොමහරි මිනිස්සු රැස් කරගන්න ඕනි..."
නම්ජුන්ට උත්තර දෙන ගමන් යුන්ගි එහෙම කිව්වා...
"සොක්ජින් කුමාරයා...?"
YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...