Author POV
"දෙවියනේ මට මොකද්ද මේ වෙලා තියෙන්නේ..?? ඇයි මං මේ අඩන්නේ...නෑ..නෑ...ජීහා ඔයාට දුර්වල වෙන්න බෑ මෙහෙම..."
කුමරිය ජීහාගේ මනසේ නිතරම මැවෙන්න ගත්තේ කුමරිය සෝහා යුන්ගිව වැලදගෙන හිටපු හැටි...
කුමරියගේ හිත කුමරු යුන්ගිව ඉල්ලුවත් ඇයගේ මනසේ කුමරුව ඇත් කරන්නමයි හදන්නේ....ඇයට විශාල මෙහෙයුමක් තියෙනවා ඉතින් ඇය කැමති නෑ තමන්ගේ හැගීම් තමන්ට බාධාවක් වෙනවට...
කුමරිය ජීහා කුමරිය සෝහාව දැකලා තිබ්බේ රාජතාන්ත්‍රික කටයුතු සදහා ඇය වගේම ඇයගේ පවුලේ අයත් ගෝර්යෝවට ඇවිත් තියන නිසා...ඒත් කුමරිය ජීහාව නම් ඇයට මතක බවක් පේන්න තිබුණේ නෑ...
"ඇත්තටම මං ඔහුට ආදරෙයිද..? නෑ..නෑ...ඒක වෙන්නේ නෑ...කොහොමහරි මගේ මෙහෙයුම අවසන් වුනු ගමන්ම ආපහු ගෝර්යෝවට යනවා...එච්චරයි..."
කුමරිය ජීහා තමන්ගේ සයනයෙන් වැතිරෙන ගමන් ඇස් දෙක පියාගත්තේ හොද නින්දක් අපේක්ෂාවෙන්...දැන් ඕනි හොද නින්දක්...
===========
Prince Yoongi's view
Author POVසෝයෝන් යන දිහා බලන් හිටපු කුමරු යුන්ගි තමන්ව වැලදගෙන හිටපු කුමරිය සෝහාව තමන්ගෙන් ඈත් කලේ කුමරිය පුදුමෙන් වගේ බලන් ඉද්දී...
"කුමරුනි...ඔබ කොහෙද යන්නේ...කුමරුනි...!!!"
කුමරිය සෝහා දිගින් දිගටම කෑගැහුවත් කුමරු යුන්ගි ඒ කිසිවකට ඇහුම්කන් නොදී සෝයෝන් ගිය දිශාවටම ගියේ ඇය හොයාගන්න...
කුමරු යුන්ගිට දැනුනා සෝයෝන් කියන්නේ සේවිකාවක් උනත් ඇය ළගදි තමන්ගේ හිතට අමුතු හැගීමක් දැනෙනවා කියලා...
සෝයෝන්ගේ නිල් දෑස්, උනුහුම් හුස්ම, ඇයගේ සකුරා සුවද හැමවෙලේම කුමරුගේ හිත හොලවන්න සමත් වුනා...
ඔහු දන්නවා මාලිගයේ සේවිකාවක් හා ආලයෙන් බැදීම තහනම් කියලා...ඒත්...ඒ පිරිමි හිත හොයන්නේම ඒ තමන්ගේ හිතේ නතර වුනු නිල් ඇස්මයි...
"සෝයෝන්...සෝයෝනා-හ්...මේ කෙල්ල කොහෙටද ගියේ..?"
සෝයෝන් කොහෙවත් හිටියේ නෑ...
"ආශ්...මං මේ මොනාද කරන්නේ..."
කුමරු තමන්ගෙන්ම එහෙම ඇහුවේ තමන්ගේ හිත වෙනදටත් වඩා හුගක් නොසන්සුන් කියලා දැනුනු නිසා...
කුමරිය සෝහා තමන්ව වැලදගෙන ඉද්දී කුමරුට දැනුනේ තමන් කරන්නේ ලොකු වැරැද්දක් වගේ හැගීමක්...
"මං මොකද කරන්නේ...ඇය...කොහේ ගිහින්ද?"
කරන්නම දෙයක් නැති නිසා කුමරු ඉක්මනින්ම තමන්ගේ අනිත් සේවිකාවන්ගෙන් ඇහුවා...
ඔවුන් පැවසුවේ සෝයෝන් තමන්ගේ නිවසට ගිය බවක්...
YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...