Author POV
"කිම් සෝයෝන්..."
බෙක්ජේ මුරපොලේ සෙබලෙක් තමන්ගේ නම කතා කරද්දී ඇය හැන්බොක් එකත් හදාගන්න ගමන් මුරපොලේ සෙබලා ලගට ගියා...
"මෙන්න අවසර පත්‍රය...ආපහු රාජ්‍යයෙන් පිටතට යනවනම් මෙය පෙන්වීම අත්‍යාවශ්‍යයි..."
"හොදමයි..."
සෙබලා තමන්ගේ නම පොතක සටහන් කරගන්න හැටි බලාගෙන හිටපු සෝයෝන් ඉක්මනින් රාජ්‍යයේ ඇතුලට ගියා...
සෝයෝන්ට කරන්න තිබ්බේ එකම දෙයයි...
ඒ තමයි තමන්ගේ හොදම මිතුරාගේ වැඩිමහල් සොහොයුරිය හොයාගන්න එක..."සෝයෝන්...!!"
වටපිට බල බල හිටපු සෝයෝන්ට ඇහුණේ තමන් පිටිපස්සේ හිටපු කෙනෙක් තමන්ගේ නම කතා කරනවා..
"ඔබ වෙන්නැති.."
"දේ...මං තමයි ඔහුගේ වැඩිමහල් සොහොයුරිය...මින් හනා...එන්න මා සමග පැමිණෙන්න..."
"ආරස්සෝ හනා..."
සෝයෝන් හනා පස්සේ ගියේ ඇගේ නවාතැනට...ඒ නිවස වැඩිපුර විශාලත් නැති කුඩාත් නැති මධ්‍යම ප්‍රමාණයේ හුරුබුහුටි පියකරු නිවසක්...
දකින හැම කෙනෙක්ගෙම හිතට ගේන්නේ හරි පහන් හැගීමක්...
"මේ තියෙන්නේ මගේ නිවස සෝයෝ- ඕහ්...සමාවෙන්න කුමරියනි..."
හනා බයෙන් වගේ හිස නවලා ආචාර කරද්දී ජීහා ඇයගේ හිසට දාලා තිබ්බ ආවරණය අයින් කරලා හනාත් එක්ක හිනා වුනා...
දැන් තේරෙන්න ඇති ඔයාලට මේ කිම් සෝයෝන් කියන්නේ කවුද කියලා...
ගෝර්යෝවේ කුමරිය පාර්ක් ජීහා තමා මේ කිම් සෝයෝන් විදිහට ඇවිත් තියෙන්නේ...
එතකොට මින් හනා කියන්නේ ශින්වූගේ වැඩිමහල් සොහොයුරිය...ශින්වූ ඇයට ජීහාගේ සැලසුම කිව්වට පස්සේ ඇය කැමති උනා කුමරියට තමන්ගේ උපරිමයෙන් සහය වෙන්න...
මුලදි කුමරිය ජීහාගේ අදහසට ටිකක් බය වුනත් හනා පස්සේ තේරුම් ගත්තා රාජ්‍යයන් දෙකේම මිනිස්සු බේරගන්න තියෙන හොදම මාර්ගය මේක තමයි කියලා...
"අනී...අනී ඔන්නි...මට නම කියලම කතා කරන්න...පිටදි සෝයෝන්...ඇතුලෙදි ජීහා...ම්ම්ම්.."
"හරි කුමරි--- චොසම්නිදා ජීහා..."
හනාත් කුමරියත් එක්ක හිනාවුනා...කවුරුහරි ජීහාට එයාගේ නමින් කතා කරනකොට හරි සමීප ගතියක් දැනුනා...නැත්තන් මාලිගාවේ හැමෝම කුමරිය කියලා කතා කරද්දී ජීහට දැනුනේ වගකීම්වලින් පිරිච්ච ගතියක්...
"හරි ජීහා...අපි මොනාහරි කාලම කතා කරමු...ඔයා ඊට කලින් හොදට පිරිසිදු වෙලා එන්න...ඉන්න මං ඔයාගේ කාමරේ පෙන්නන්නම්...!"
ජීහා හනා පස්සෙන් ගියේ එයාට වෙන් කරලා තිබුණු කාමරේ බලන්න...
ටිකක් කුඩා උනත් හරිම ලස්සන උනුහුම් කාමරයක්...
ඇදුම් අල්මාරියේ වෙන වෙනම ගමන් යනකොට අදින, මාලිගාවට යනකොට අදින, රාත්‍රියට අදින, ශීත කාලෙට අදින හැන්බොක් කියලා වෙන් කරලා තිබ්බා...
*මාලිගාවට යනකොට අදින හැන්බොක්?!?*
මොකක්ද ඒ වෙන්න යන්නේ ජීහාගේ සැලසුම මොකක්ද..??
ජීහා හොදට පිරිසිදු වෙලා උඩින්ම තිබ්බ නිල් පාට හැන්බොක් එක ඇදගත්තා...මුතු පොටක් බෙල්ලට දාගත්ත ජීහා...කොන්ඩේ ගොතාගෙන පහලට ආවා...
"ආහ්...පිරිසිදු උනාද..?? එන්න කෑම ගන්න..."
හනා සිනාමුසු මුහුනින් ජීහා දිහා බැලුවා...හනා සරල කෑමක් හදලා තිබ්බේ...ඒක ජීහාට වුවමනාවටත් වඩා වැඩි...
"අනේ ඔන්නි...ඔයා මෙච්චා කරදර වෙන්න ඕනි නෑ..."
"ආශ්...ඒක ගනන් ගන්න එපා දරුවෝ...ඒක නෙවේ...මට කියන්න ඔයා මොකද්ද ඉස්සරහට කරන්න ඉන්නේ කියල..."
ජීහාගෙන් හනා එහෙම අහද්දී ජීහා හනා දිහා බැලුවා...
"මෙහෙමයි ඔන්නි...මට ඕනි මාලිගාවට ඇතුල් වෙන්න...සේවිකාවක් විදිහට හරි කමක් නෑ..."
ජීහා එහෙම කියද්දී හනා කල්පනා කරන්න ගත්තා..මොකද හනා කියන්නෙත් මාලිගාවේ සේවිකාවක්...එයාට එච්චර අමාරු වෙන්නේ නෑ ජීහාට ඇතුලට යන්න...
"හරි මං කොහොමහරි වැඩේ කරලා දෙන්නම්..."

YOU ARE READING
SPY LOVE ♥️✔️
Historical Fiction"මාව මරන්නද ඕනි...ම්ම්ම්.." "අනී...අනී..කුමරුනි...චොම්මල් චොසම්නිදා...ඔබතුමා මේ වෙලාවේ රාජ සභාවට යන නිසා මං ටිකක් බය වුනා...ඔබතුමාගේ කාමරේ මේ වෙලාවට ඉන්න කෙනෙක් නැති නිසා..." "හ්ම්ම්ම්..." යුන්ගි කුමරු සෝයෝන්ගේ ඉහලට එසවිලා තියෙන අත තවමත් අල්ලගෙන...ද...