Author's pov_
අද අපේ කට්ටිය හරිම busy. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි අපේ බින්විනි කපල් එකගේ වෙඩිම next week නිසා. කට්ටියම හෝ ගාලා වැඩ. අපේ කපල් ටික එකට වැඩ කරන්න භාර ගත්තා. ඒගොල්ලන්ගේ ඒ ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් අපේ කපල් ටික චූටි චූටි වලි මැද්දේ ආදරේ කරන්න විනාඩි පහක වෙලාවක් හරි හදා ගත්තා. කවදාවත් ඒ වැඩක් නිසා තමන්ගේ සෝල්මේට්ව අපේ දහ දෙනාම කිසිම වෙලාවක මග හැරගත්තේ නෑ. කට්ටිය ගොඩක් සතුටින් ජීවත් වුණා.
අපේ eun woo තමා මේ වෙඩිම plan කරේ. එයා ඒ හැම දෙයක්ම කිසිම ප්‍රශ්නයක් නොවෙන්න plan කරා. මේ තමා අපේ eun woo ගේ plan එක.
❤Eun woo❤
Eun woo කියන්නේ දකුණු කොරියාවේ තියෙන ඉතාම විශාල හෝටල් සමූහයක ප්‍රධානියෙක්. Eun woo ගේ යටතේ hotels විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හෝටල් ජාලය කොරියාවේ විතරක් නෙවෙයි මුලු ලෝකය පුරාම පැතිරිලා තියෙනවා. ඉතින් මේ වෙඩිමට අපේ eun woo දායකත්වය දක්වන්නෙත් ඒකෙන්ම තමා. ඒ කියන්නේ අපේ eun woo ගේ හොටෙල් එකක තමා මේ වෙඩින් එක ගන්න තීරණය කරලා තියෙන්නේ. ඒක eun woo ගේ තීරණයක්. ඒ හොටෙල් එක Beach side resort එකක්. ඒකෙ indoor section එකේ තමා පාටිය. එතකොට මේගොල්ලො හිතුවා යාලුවො ටික විතරක් ඉදලා පාටි එකක් දාන්න. එතකොට ඒ හොටෙල් එකේම තියෙනවා outdoor එක. එතන තමා මේ පාටි එක තියෙන්නේ. මේක ගමු කිව්වේ අපේ විනි. එයාට ඕනේ වුණේ එයාගේ පුන්චි කාලේ හිටපු යාලුවො, අලුතින් හම්බුන යාලුවො නැත්තන් වෙන්ඩ නෑනලා, ඒ වගේම එයාගේ වෙන්ඩ මස්සිනාලා එක්ක නැති වෙන්න බොන්න. ඒකට තමා ඔය වෙනම පාටියක් ගන්නේ.( ඕ යෑස් විනියා උබේ වෙඩිමේ අපි මේම පාටියක් ගමූ🤧🥺)
❤ Rocksun❤
Rocky sunhee couple එක තමා මේ දෙන්නගේ ඇදුම් හදන්නේ. Rocky කියන්නේ ගොඩක් හොද fashion designer කෙනෙක්. ඒ වගේම එයාගේ යටතේ ගොඩක් හොද branded fashion design company එකක් තියෙනවා. කොරියා වල idol ලට පවා මේ company එකෙන් costume සපයනවා. ඒ වගේම අපේ sun hee uni එකේ කරේ fashion designing. ඒක තමා ඉතින් bright එක faculty එකේ. ඒත් නැත්තන් තේරෙන බාසාවෙන් කිව්වොත් මේක තමා faculty එකේ මීටරේ. හැමදාම badge top. දැන් uni එකෙන් out වෙලා අපේ rocky ගේ company එකේම fashion designer කෙනෙක් විදිහට වැඩ කරනවා. Fashion designer ට වඩා ඉතින් කරන්නේ rocky ගේ body guard වැඩේ😂 අපේ sun hee ට තමා මෙතන ලොකුම වැඩේ තිබ්බේ. මොකද එයාට තමා විනි ගේ ඔලුවට දාන වේල් එකේ ඉදන් හදන්න තිබ්බේ. ඇත්තටම එතනදි අපේ rocky ට ලොකු වැඩක් කරන්න තිබ්බේ නෑ. මොකද එයාට තිබ්බේ sun frock එක හැදුවම ඒ design එකට match කරලා full suit එක හදන එක. Sun මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. සමහර වෙලාවට නිදා ගද්දි පාන්දර එකයි, දවල්ට කද්දි දවල් තුනයි. ඒ තරමට මහන්සි වුණා. මොකද ඉතින් අපේ අනිත් සෙට් එකගේ ඇදුනුත් හැදුවනේ. ඔය වෙලාවට ඉතින් අපේ sun ගැන හොයලා බැලුවේ rocky. Rocky ත් තමන්ට පුලුවන් උපරිම support එක දුන්නා. ඒ දෙන්නා ඒ විදිහට wedding suits හදන්න මහන්සි වුණා.
❤ NiruSan❤
නිරූ සන් දෙන්නා තමා මේ වෙඩිමේ music and dancing වැඩ බැලුවේ. Music විතරක් නෙවෙයි dancing ඒවත් ඒම තමා. නිරූ තමා dancing items ටික ඔක්කොම හැදුවේ. එයා තමා surprise dance එකේ choreo එක හැදුවේ. ඒක එයා හරිම ලස්සනට හැදුවා. ඒ විතරක් නෙවෙයි ඔය වැඩේට අපේ sanhaත් ගොඩක් උදවු කරා. Sanha තමා music වල වැඩ ටික බැලුවේ. DJ එකේ ඉදන් surprise performance එක පවා හැදුවේ එයා එයාගෙම අතින්. Surprise performance එකේ තිබ්බේ sanha ගේ අතින් ලියපු සිංදුවක් නිරූසන් දෙන්නා කියද්දි ඒකට vinibin දෙන්නාගෙන් couple dance එකක්. Surprise dance එක ඉතින් දෙල්. Sanha ඕක මෙහෙම ගන්න කියලා යද්දි විනාඩි පහෙන් MJneha දෙන්නා dance එක වෙනස් කරලා😂 අම්මපා නිරූ මේක හදන්න කොච්චර මහන්සි උනත් අරුන් දෙන්නත් එක්ක ඒක කරන්න බෑ. කෝම හරි උබලා දෙන්නා ඕන මගුලක් කරගනින් කියලා sanniru දෙන්නා dance එක හැදුවේ. මොනා වුණත් ලස්සනට වැඩේ හැදුවා.
❤ MJ- Neha❤
මේ දෙන්නා තමා make up items වගේ වැඩ කරේ. Neha ගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා make up වලට. MJ තමා floaring items, shoes, rocky ගේ කෝට් එකට ගහන මලේ ඉදන් අපේ චූටි මල් කුමාරි වෙන eun hee ගේ මල් බකට් එක පුරවන මල් වෙනකන්ම flowers ගෙනාවේ. Flower bouquets පවා MJ තමා භාර ගත්තේ. ඒ ටික colours match කරලා හරිම ලස්සනට හැදුවා. එතකොට neha ට ඉතින් තිබ්බේ අපේ විනි ට අන්දන එකයි makeup කරන එකයි විතරයි. ඒවා ඉතින් එදාටනේ. ඒ නිසා neha MJ ට උදවු කරා.
❤Jinseha❤
මේ දෙන්නා තමා වෙඩිමේ හැමෝගෙම jewellery හදන වැඩේ කරේ. Seha තමා jewellery design කරේ. එතකොට අපේ Jin ට තිබ්බේ ඉතින් seha දෙන design වලට jewellery ටික හදන එක විතරයි. ඒ දෙන්නට ඉතින් ලොකු වැඩක් තිබ්බේ නෑ. Seha හරිම ලස්සනට ඒ ටික design කරා. කොච්චර ගොන් වැඩ කරත් ඉතින් කෙල්ල හෙන දක්ශයි. ඒ දෙන්නත් ඒ විදිහට වැඩේ කරා.
Sanha- යාහ් MJ මං උබට ආයි කියන්නේ නෑ. හරියට කරපන් බං.
MJ- ඒත් බං ඒක මේම ආවම ලස්සනයි.
Sanha- ඕන මගුලක් කරගනින්.
____________________________________________________________________
අද පොඩ්ඩයි සුදෝ. හෙට එක ලොකුයි.😁 හෙට ඉතින් වෙඩිම තමා. සින්දු කියන්න, නටන්න, කන්න, බොන්න හෙට වැඩ ගොඩයිනේ. ඒ හින්දා අදට මේ ඇති ඈ. බායි🌝❤
Saranghae❤❤❤