ඉතින් කොහොම ද කට්ටියට. මං අද ආවේ දෙයක් කියන්න වගේම ඕගොල්ලන්ගේ ප්රශ්නෙකට උත්තර දෙන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා kidnappers season 2 කොහොම එකක් වෙයිද කියලා. ඉතින් මං හිතුවා වැඩි දෙයක් කියන්නේ නැතුව ඒ ගැන සරලව පැහැදිලි කරන්න😇
Eun hee කියන්නේ තමන්ගේ නැති උන අප්පාගේ මතක එක්ක එයාගේ ඔම්මත් එක්කම දුක් විදින කෙල්ලෙක්. එයාගේ පවුලේ එයා විතරක් උනාට එයාට ඉන්නවා සහෝදරයො වගේ අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා වගේම තමන්ගේ වයසේ ඉන්න යාලුවො ටිකකුත්. මේ කට්ටියත් එක්ක මෙයා ජීවත් වෙනවා. ඔය අතරේ කෙනෙක් හදනවා කෙල්ලගේ හිතේ තියෙන ඒ අඩුව පුරවන්න. ඔව් එයා කෙල්ලට ආදරෙයි. පනටත් වඩා ආදරෙයි. මේගොල්ලො මොන ප්රශ්නේ ආවත් සතුටින් හිටියා. එකට හිටියා. ඔය අතරේ මේ කෙල්ලට ඕන වෙලා එයා ගොඩ කාලෙක ඉදන් කරන්න බලාපොරොත්තු වෙච්ච දෙයක් කරන්න. අනිත් අයත් ඒකට එකග වෙලා එයාට උදවු කරනවා. අන්තිමට මෙයාට ඕන දේ මෙයා කරනවා. පස්සේ...... වෙන මොනා වෙන්නද හැම කතාවෙම වගේ මේගොල්ලො සතුටින් ජීවත් උනා😁😂
ඕගොල්ලො හිතනවා ඇති මං මහ පිස්සු ඕතර් කෙනෙක් කියලා. පබ්ලිෂ් කරන්නත් කලින් කතාව කියන්න. කොහෙත්ම නෑ. මං මෙතන කතාව කියලා නෑ. Simple plot එක විතරයි දුන්නේ. ඒ මේ කතාවේ මොකක් වෙයිද කියලා ඕගොල්ලන්ට හිතන්න. අපි කතාව යද්දි බලමු ඕගොල්ලො හිතපු දේවල් හරිද කියලා. හරියට අනුමාන වගේ දේවල්. ඉතින් ඕගොල්ලන්ට ටික කාලයක් ඉන්න වෙයි මේක එනකන්. මොකද දැන්ම දෙන්නේ නෑ. Future husband එක ඉවර වෙලා තමා දෙන්නේ. ඕගොල්ලො දන්නවනේ ඒකේ තව ගොඩක් තියෙනවා කියලා. ඉතිං දැන් මගේ මාස්මෙලෝ කෑලි ටිකට වෙලාව තියෙනවා මේක ගැන හිතන්න. බලමු ඕගොල්ලන්ගේ අනුමාන හැකියාව කොහොමද කියලා. ඉතින් අදින් මේකේ අප්ඩේට් එනකන් බලන් හිටපු කාලේ ඉවරයි. දුකයිද?
මටත් එහෙම තමා. මොකද මේක තමා මං ආසම ff එක. ඉතින් අපි බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා😇Kidnappers ❤
අදුරු ලෝකයේ දිවි ගෙවූ අපට
එලිය දුන්නේ ඔබේ සිනහව
දිවියේ යලි බැඳීම් සෑදුවේ
ඔබගේ ඔය ඇවටිලි කම්
කෙනෙකුට ඔබ පියා කීවත්
අප සය දෙනාම ඔබගේය පණ
සමුගන්නා තුරු මේ දිවියෙන්
ඇස් දෙක මෙන් රකිනෙමු ඔබව
Eun hee ගෙන් Eun wooට❤
මේ ලේ වල අයිතිය
නොතිබුනත් නුඹටතමන්ගේය කියා මා
භාරගත් නුඹට
මා දිවිය වෙනුවෙන්
ඔබ දිවිය කැප කල නුඹට
පියා යැයි කට පුරා
මා පවසමි නුඹට ❤
Eun woo ගෙන් Eun heeට❤
ආදරය නොදැනුනත් මාගේ සිතට
බොහෝ ආලය දුන් ඔබට තුති දුවේ
නුඹගේම නොවුනත් මා
පියා යැයි කී ඔබට තුති දුවේ
හමුවුන දා සිට
මා අසල සිටි ඔබට තුති දුවේ
ඔබගේ දිවි රැකීමට
මා දිවිය දුන්නට කම් නැත දුවේ ❤
කවි ටිකට ගොඩක් thanks රන්සි අක්කේ. ම්ම් තව පොඩි දෙයක් තියෙනවා.
තෑන්ක්ස් මෙතු🌝❤ඒ වගේම මුලින්ම තිබ්බ කවර් එක හදලා දුන්න රන්සි අක්කටත් ගොඩක් තෑන්ක්ස්. ඉතින් මෙතනින් මං නවතිනවා. ඔය හැමෝටම ආදරෙයි🌝❤
Saranghae❤❤❤