At the hospital__
Unknown pov_
මං උදේ පාන්දරම ගියේ මගේ ජීවිතේ බේරන්න ගිහින් පරලොව යන්න ගිය මනුස්සයා බලන්න. පොරගේ නම Park Minhyuk. යාලුව නම් කිව්වේ Rocky කියල. මොකා උනාම මට මොකො, මං සම්පුර්ණ නම කියල කතා කරන්න තීරණය කරා. ගිය ගමන් එයාගේ යාලුවාව හම්බුනා. මාත් ඉතින් දත් තිස් හතරම දාලා කතා කරා. දැන් බලනවා ඇති දත් තිස් හතරක් කොහෙද කියලා. මේකනේ මට නල දත් දෙකක් තියෙනෝ. එහෙයින් දත් තිස් හතරයි. හීහීහී😁
ඔප්පා මට කිව්වා ඇතුලට යන්න එයා නැගිට්ටා කියල. මාත් ඉතින් ස්ත්රී ධෛර්ය අරගෙන, උදේ බීපු නෙස්ටමෝල් එකේ බලය, ජවය, ශක්තිය අරගෙන ගැම්මෙන් දොරට තට්ටු කරල ගියා. හැබැයි එයා හිටපු විදිය දැක්කම අර අරන් ආපු බලය, ජවය, ශක්තිය හේදිලාම ගියා. ඒ අස්සේ මේ හාටුව එකසිය ගානට රේස් දුවනවා🙂🙂🙂
Eun woo ඔප්පා කිව්වේ නෑනේ දෙයියනේ මේ මනුස්සයා ඇග හෝදන්න ගිහින් දැන් ආවේ කියල. මගේ ඇස් ටීක් බෝල වෙලා, කට බෝක්කුව වෙලා. ඇස් කටේ, කට කනේ🥲 තත්ත්වය ශෝචනීයයි. කොච්චර කියෙව්වත් මේ අවස්ථාවේ මගේ ඒ බෝක්කු කට ලත් තැන ලොප් වෙලා. ටවල් එකත් ඇදලා, කොණ්ඩේ පිහිද පිහිද එන Park Minhyuk දැකලා හිත ඇබරිලා, ගුලි වෙලා, පොඩි වෙලා, කීතු කීතු වුණා.
Rocky- හේයි, මං ඔයාව දන්නවා. ඔයා නේද ඊයේ මගේ බයික් එකට ඇක්සිඩන්ට් වෙන්න ගියේ.
Girl- ඔ..ඔ..ව්..ඔව්.
Rocky- මොකද බය වෙලා වගේ..?🙄
Girl- මේ මනුස්සයා බලපල්ලකො. මෙතන නූල් බදින්න වෙන වැඩ කරල මොකද බය වෙලා කියල අහන්නේ😒
Rocky- හප්පට. දැන්නේ මතක් උනේ. සොරි. වේට් එ මිනිට්.
Girl- okRocky- හරි දැන් කතා කරමු. මුලින්ම කියන්නකො ඔයාගේ නම.
Girl- මම Sun Hee. ඔයා Minhyuk නේද?
Rocky- ඔව් මට Rocky කියන්න.
Sun hee- ok. මටත් Sun කියල විතරක් කියන්න අනේ. අපේ අම්මලා මොකට මෙච්චර දිග නමක් දැම්මද මන්දා.
Rocky- හරි හරි.ටොක් ටොක් ටොක්💥💥💥
Rocky- එන්න.
Neha- sry rockyah. පොඩ්ඩක් පරක්කු උනා අද. මේ අර girl ද rocky?
Rocky- ඔව් neha.
Neha- Hi, මම neha. එතකොට ඔයා..?
Sun- මම Sun hee. එතකොට මේ ඔයාගේ යොදා චින්ගු ද rocky?ක්හැ ක්හැ.
Neha- අයියෝ අයියෝ rockyah කොහෙන්ද මේ කෙල්ලව හොයා ගත්තේ. මොනා උනත් ෂෝක් කෙල්ල😂
Sun- ඇයි මං වැරදි දෙයක්ද කිව්වේ?
Rocky- අයියෝ මේ මගේ නෑනා sun😂😂😂
Sun- හප්පට. සොරි වෙන්ඩ ඕනේ.
Neha- හරි හරි ඒකට කමක් නෑ කෙල්ල. Sun පැටියො, ඔයාට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?
Sun- මොකක්ද ඔන්නි.
Neha- අනේ මෙන්න මේක මේ බබාට පොවන්න.
Sun- බබා😂
Neha- ඔව් ඔව්. ඒක බොන්න බෑ.
Rocky- නේහා ඔයා මාව චා කරනවා නේ. මට බොන්න බැරි අත කැඩිලා හින්දනේ😒
Sun- හරි හරි ඔන්නි. මං පොවන්නම්😂
Rocky- ඒ Neha, කොහෙද යන්නේ. කෝ MJ?
Neha- එයත් එක්ක ගෙදරට බඩු ගන්න තමා මේ යන්න හදන්නේ.
Rocky- හා හා. තනියෙන් ද යන්නේ.
Neha- නෑ Sanhaයි niruයි එනවා.
Rocky- හා හා පරිස්සමෙන් යන්න.
Neha- බායි. Rocky, බායි Sun.
Sun- බායි ඔන්නි.