Eun woo- sanha..sanha..ලොකු ප්‍රශ්නයක්.
MJ- මොකද බං බෙරිහන් දෙන්නේ නිදා ගන්නත් නෑ😒💔
JJ- අනේ උබේ නින්ද. කියපන් බං මොකෝ කේස් එක.
Eun woo- අනේ බං අර ලමයා කෙල්ලෙක්🥲
JJ- උබ කෝමද දන්නේ😂
Eun woo- අනේ ඉතින් මගෙන් අහගන්න එපා.😒
Rocky- දැන් මොකක්ද කරන්නේ බං. ඕයි sanha කියාම්කො🙂
Eun woo- හරි අපි බලමු. ඔක්කොටම ඉස්සෙල්ලා JJයි MJයි ගිහින් බබාට ඕන බඩු අරන් වරෙන්.
MJ- සාක්කුවේ නෑ බං🙂
Sanha- මං කිව්වේ කඩේට ගිහින් අරන් වරෙන්😒
JJ- අපිම දෙන්නම යන්නෝනද🥲
Rocky- පොඩි එකාගේ ඇදුම් හෝදන්න ආසනම් හිටපන්.
JJ- ඒ බං අපි දෙන්නා ගිහින් අරන් එමු ඇදුම් හෝදන හෝදනවට වඩා ඒක හොදයි🙂( JJ ගේ කනට ලං වෙලා MJ කිව්වා)
MJ- ආ හරි හරි අපි යන්නම් ටටා හොදේ🙂🙂🙂
Eun woo's pov_
අනේ ඉතින් rockyaටත් මුන් දෙන්නව අවුස්සනවට වඩා වැඩක් නෑ. පව් කියලත් හිතෙනවා😂ඒත් එක්කම ඇහුණා බබා අඩනවා. අපි හැමෝම දිව්ව කාමරේට. මම ටග්ගාල බබාව අරන් නලවන්න හැදුව. කොහෙද අඩන එක නැවැත්තුවේ නෑ. ඊට පස්සේ එකා එකා මාරුවෙන් මාරුවට අරන් නලවන්න හැදුව.
Sanha- මේ කෙල්ලව නම් සක්කරයාගේ පුතා වයිමා ආවත් නලවන්න බෑ. අම්මො🤒
හැමෝම බැලුවේ Rocky දිහා. මොකද එයා ලමයා ගත්තේ නෑ.
Rocky's pov_
යකෝ මුන් මොකද මං දිහා බලන්නේ😒එන පොට නම් හොද නෑ පුතේ. මගේ පයට ඉස්සෙල්ලා කට ඉස්සර උනා🥲
Rocky- මං නම් දන්නේ නෑ ලමයි බලන්න.
Eun woo- rokcyah මං කියන හින්ද එක පාරක් ගනින්.
Rocky- මට බෑ😒
Sanha- අනේ එක පාරක් ගනිම්.🥲
Rocky- හරි හරි දියම්කො🙂
බබා මගේ අතට ආව විතරයි අඩන එක නැවැත්තුවා. Binaට නම් full happy😉මූ එක පාරම කෑ ගගහ උඩ පනින්න ගත්තා. Eun woo බැලුව විතරයි හුම් නෑ😂මම විනාඩි 5කින් විතර බබාව ඇදෙන් තිබ්බා. Eun woo බබාව බලා ගන්නම් කියල මට යන්න කිව්වා. එතකොටම වගේ අර නසරාණියො දෙන්නත් අතින් කටින් බඩු බෑග් උස්සන් එනව. මුන් බබාට අවුරුදු දෙක තුනකට හරියන්න බඩු ගෙනල්ලා😂හනේ ඉතින් මරු දෙන්නව කඩේ යැව්වේ.පස්සේ තමා දැනගත්තේ මුන් බඩු ගේන්න අරන් ගිහින් තියෙන්නේ මගේ කාඩ් එක කියල. මට ඉතින් අබ සරණයි🥲මොනා කොරන්නද බබා වෙනුවෙන් කියල හිත හදාගත්තා.