9¿

742 171 35
                                    

AN = මට ඇත්තටම අද මොකද්ද කරන්න ඕනෙ මොකද්ද ලියන්න ඕනෙ කියලා හිතාගන්න බැරි උනා .. කමන්නෑ දුකක් නෑ .. හූම් හාරි .. මන් කොපියක් දැක්කා ... දැක්කෙ නෑ වගේ ගියා ... කොපිකල හැක එහෙත් සමකල නොහැක කියන්නත් බෑ ඒකත් ලස්සනයි ... හහ්හහ්හා ... වයිට්චෙපල්ට චාන්ස් එකක් නේත 🥲.. යමු කතාවට මගෙ අදෝනා අහන්න නෙමෙනෙ ආවෙ ..

Grim Reaper pov ...

අදත් වෙනද වගේම ඩුකාටියේ නැගලා මන් පොට් එකට යද්දි එක පාරට කොහෙදෝ ඉදන් කොල්ලෙක් ඇවිත් හැප්පෙන්න ගියෙ බයික් එකේ ...

මොනවද ඕයි කරන්නෙ ..

සොරි ..

ඒ ඇස් උස්සලා කදුලු පුරවන් මන් දිහා බලද්දි මන් බැහැල ගියෙ වැටුන කොල්ලට මොකද උනේ බලන්න ... මේකා පැනලා තියෙන්නෙ පූස් පැටියෙක් බේරගන්න .. පූස් පැටියෙක් බේරගන්න පැන්නට මොකද ඒකත් පූස් පැටියෙක් වගේ ... හුරතල් අහින්සක ඇස් රෝස පාට නහය ... අඩන්න උල් වෙලා තියන තොල් දෙක ... ග්‍රිම් රීපර් සිහියට වරෙන් ..

සොරි කියන්නෙ මොනාහරි උනානම් මන් යන්න එපෑ හිරබත් කන්න ...

සොරි ස්සර් මන් හිතලා කරේ නෑ ...

සර් කියන්න එපා ...

එහෙනම් ...

ඕන එකක් කියන්න ...

හා සීයේ ...

මොකක් මන් ඒ තරන් නාකියි වගේ පේනවද ආ ..

ඔයාමනෙ මට ඕන එකක් කියන්න කිව්වෙ ...

මගුලක් .. මන් ආවෙ මේ පාරවල් මැද්දෙ බබ්බු හුරතල් කරන්න නෙමෙ ...

ම්හු ..

මන් යනවා ආය පිස්සෙක් වගේ පාරට පනින්න ලෑස්ති වෙන්න එපා ...

හ්ම් හා ..

.
.
.
.

මන් කල්පනා කරේ අද මට හම්බුන පිරිමි ළමයා ගැන ... එයා හරි අමුතුයි ...අමුතුයි කියන්නෙ ඒ ඇස් හුගක් ගැබුරුයි ... දරාගන්න බැරි තරන් ලස්සන ඒ ඇස්වල ගැබුරු දෙයක් හිරවෙලා තියනවා වගේ මට පෙනුනේ ... එයා ඒ ළගම කෙනෙක් වෙන්න ඇති ... පෙනුමෙන්නම් මට වඩා බාලයි ... මනසින් කොහෙදෝ ඈතක ගිහින් හිටපු මන් ආපහු සිහියට ආවෙ ආපු කෝල් එකත් එක්ක ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now