මන් ආපහු හොස්පිට්ල් කාමරේට ආවෙ හිතේ බරින් ... තව ටිකකින් බෝඩ් මීට්න් එක එතකන් යුනිෆෝම් අයින් කරන්න බෑ .. පපුවෙ ප්ලාස්ටර් ගහලා පොඩ්ඩෙක් වගේ නිදන් ඉන්න වයිට්චෙපල්ව රටටම තිරිසනෙක් උනත් මට ඒ වගේ පේන්නෙ නැත්තෙ ඇයි කියලා මන් කල්පනා කරා ...
එතකොට මට මතක් උනේ එයා ගුලිකරන් හිටපු කොල කෑල්ල ... මන් ඒක දිග ඇරලා බැලුවා ... තැනින් තැන කටු ගෑවිලා තිබුනත් වැල් අකුරු වගේ උනත් මට අදුනගන්න මහලොකු අපහසුවක් උනේ නෑ ..අද මේක ලියද්දි මන් ජීවතුන් අතර ඉන්නෙ නැතිවෙයි ... ඒත් ඔයාට මේක ලැබුනොත් මතක තියාගන්න මන් මැරුනෙ ඔයාට ජීවත් වෙන්න ඉඩ දීලා කියලා ... මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් .. ඒ වගෙම මන් වයිට්චෙපල් ... ඉතින් අද ඔයා ඔහොම නිදහස් ලෝකෙ ඉන්න හේතුවත් මම .. ඒ වගෙම අද අවමංගල චාරිත්‍රවත් නැතුව පස් යට මන් වැලලෙන්න හේතුවත් ඔයා .. ස්‍තූතියි මේ තිරිසනාට මොහොතකට හරි නොකියා පරිස්සම් වෙන්න කිව්වට .. ඒ වගෙම සමාවෙන්න ඉතුරු හැමදේටම .. ඔයාට ඕන දේ ගැන නම් .. " සොයන්නාට සම්බවේ " ....
තමුසෙ මැරුනෙ නැ වයිට්චෙපල් .. මැරුනේ නෑ .. තමුසෙ ජීවත් වෙනවා ....
මන් මන් නෙමෙයි මන් හින්දා තමුන්ට මොකුත් උනේ නෑ .... මට තමුසෙගෙ සමාවෙන් ස්තූතියෙන් වැඩක් නෑ .. කියනවා ඇයි මෙහෙම කරේ ඇයි ඇයි ... සම්බවේ කියන්නේ කොහෙද කියපන් මගෙ ජෙස්ටර් ...ආර්ර්ර්ග්ග්ග්ග් ..ඒ කියන්නෙ හැමදේම කරලා තියෙන්නෙ එයා ... මගෙ ජෙස්ටර්ව අතින් අයින් කරලා ... සමහරවිට ඒ වෙනුවට වෙන ගන් එකක් තියන්න ඇති .. මන් හැමෝටම හැංගුව වගේම එයත් මන් ග්‍රිම් රීපර් කියන එක කාටවත් දැනගන්න දීලා නෑ ... මට නිදහස දුන්න කියලා ඔයා ලියලා තිබ්බේ මේකටද ... ඇත්ත ඔයා ජෙස්ටර්ව අයින් කරේ නැත්තන් මටත් සදාකාලෙටම කූරුගනින්න වෙයි ... කොහොම හරි මන් ශූට් කෙරුවෙ ඔයාව මරන්න බලාගන උනත් ... පණ ඇද ඇද ඇයි මාව බේරගන්න හැදුවෙ ....ඒ කියන්නෙ තමුන් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ද ... අනික මොකද්ද කිව්වෙ මගෙ ගගා කියලා ...මන් කොහොමද ඕයි තමුසෙගෙ ගගා උනේ .. මමයි පවුලෙ එකම දරුවා ...
මට නිදහස් කරගන්න ඕන උනත් නීතිය ඉදිරියේ තමුන්ට සමාවක් නෑ වයිට්චෙපල් ... එක්කො එල්ලලා මරාවි ...
ඒත් ඇයි තමුසෙට මේ දේවල්ම කරන්න ඕන උනේ .... හොරකමක්නම් කමන්නෑ ... ඒත් මිනිස්සු දාහතර දෙනෙක් .. දාහතර දෙනෙක්වම තමුසෙ කොහොමද මැරුවෙ ඕයි... ශිට් ...
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfiction€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022