22¿

696 157 14
                                    


මන් කොලේජ් ගියා ඉගන ගත්තා .. හැමදෙයක්ම සාමාන්‍ය විදියට උනා ...
මගඇරුනු දේවල් වලට උනත් යාලුවො මට උදව් කරද්දි මමායි පපායි නැති අනාතයෙක් කියලා සමහරු මාව හංවඩු ගහලා තිබුනා ... ඉස්සර එකටම ඉදපු සමහරු පවා පොඩි කාලෙම මමා පපා නැති උනේ මගෙ මූසලකමකට කියලා එයාලගෙන් මාව ඈත් කරා .. ඒත් එතනින් එකෙක් දෙන්නෙක් විතරක් හොරෙන් හොරෙන්ම මට ඉගන ගන්න උදව් කරා ..

වෙනදවගේම පස්වෙනි හරස්වීදියම ගොම්මනේ පාලුවට ගිහින් තියනකොට මම ඉක්මන් අඩි තිය තිය ජෝසෆ් ෆාදර්ගෙ ගේ පැත්තට ගියා .. අනේ මන්දා මට මගෙ හිතට මහ අමුත්තක් දැනුනා ...

වේගෙන් වේගෙන් ගෙදරට ගිහින් ලොක් නොකරපු දොර ඇරලා මන් ඇතුලෙන් ලොක් කරේ ෆාදර් එන වෙලාවක් කියන්න බැරි හින්දා .. කවදාවත් නැතුව මුලු ගෙදරම එක එලියක්වත් නැති වෙද්දි මන් පරිස්සමින් අඩිය තිය තිය ගිහින් ෆාදර්ට කතා කරා .. ඒ එක්කම කකුලට පෑගුන තෙත දෙයක් හින්දා මාව ලිස්සන්න ගියත් අමාරුවෙන් කෙලින් උන මම නැවතීමක් නැතුවම ෆාදර්ට කතා කරා ...

ඒ එක්කම ඈතින් එකම එක ඉටිපන්දම් එලියක් පේද්දි ඒ එලිය එන්න එන්නම මගෙ පැත්තට ලං උනා ... බය උනත් හිත හයිකරගත්ත මම හෙල්ලෙන්නෙ නැතුව එතනටම වෙලා හිටියා .. ටික ටික ඒ ඉටිපන්දන් එලිය ලංවෙද්දිම ..

සුභ උපන්දිනක් දරුවෝ .. !! දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...!!!

ඒ ෆාදර් .. ඔව් අද මගෙ දහඅටවෙනි උපන්දිනේ .. ඒත් මට මතක් උනේ නැ ...මතක් වෙන්නෙ කොහොමද නේද ..මතක් උනත් සමරන්නෙ කොහොමද ... මේතරන් වේදනා අස්සෙ මට සතුටුවෙන්න අයිතියක් තියද .. මමා පපාගෙ අවසන් කටයුතු කරගන්නවත් බැරි උන පුතෙක් විදියට මන් කොහොමද උපන්දින සමරන්නෙ ...

මන් ෆාදර්ගෙ මූන දිහා බැලුවා .. කේක් එකේ ඉටිපන්දන් එලිය ලාවට වැටිලා තියන ෆාදර්ගෙ මූනෙ මට මොකද්දෝ නොතේරෙන හැගීමක් පෙනුනා... ඒක හරියට හිනාවක් වගේ දෙයක් .. වෙනදට දත් පෙන්නල ආදරණීය විදියට හිනා උන ජෝසෆ් ෆාදර්ගෙ මූනෙ අද මන් දැක්කේ තොල් තද කරන් කට කොනකින් හිනා උන අමුතු කියවගන්න බැරි පෙනුමක් ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now