18¿

719 167 19
                                    

සීතල කටු සිමෙන්ති පොළවෙ නිදාගන හිටපු මාව සැරින් සැරේ ඇහැරුනේ දතකට පවා පූට්ටුවෙන විදිහෙ සීතලක් මේක ඇතුලෙ තිබුන හින්දා ...බඩිගිනීයි ... දවස් තුන හතරකින් බඩකට පිරෙන්න කෑමක් නොකාපු හින්ද මාව අඩපන වෙලා ගිහින් තිබුනා ...තව ටික දවසක් මාව මෙහෙ තියා ගනීවි ... ඊට පස්සෙ දිගටම බන්දනාගාරෙ ... හ්ම් ...

ආ කාපන් ...

මට එකෙක් ඇවිත් ගෙනත් දුන්නෙ සුප් එකක් ... ඒකත් වතුරයි බටුයි විතරක්ද කොහෙද ... මන් බටු කන්නෙ නෑ .... ඒත් මේ වෙලාවෙ හැටියට නොකත් බෑ ...

මන් ඇස් දෙක වහන් හුස්ම තද කරන් බාජනේ අතට අරන් බීගන යද්දි උගුරු දෙක තුන කට සැරයක් මට බ්වෑක් ගාල බිව්ව ටික ආපහු ආවා ...අමාරුවෙන් අමාරුවෙන් සුප් එක බඩට දාගත්ත මන් අමාරුවෙන් නැගිටලා වේදනා දෙන කකුල් වලට බර දීලා හෙමින් හෙමින් අඩියක් දෙකක් ඇවිද්දා ...වැඩිය යන්න බැරුව මාව කඩාගන ආපහු ඒ කට්ට පොලවටම වැටෙන කොට දනිස් පොල්කටු ලෙලි යන්න ඇති කියලා මට දැනුනා ...
ඒ එක්කම පිට කොන්දෙන් ආපු දැවිල්ලක් හින්දා මන් කොන්දට අත තියද්දි වැටුන පාර පෑරුන තුවාල වලින් ලේ වෑස්සෙන ගමන් තිබුනා ...

මට අවුරුද්දක්වත් ජීවත් වෙන්න ඕනනෑ දෙයියනේ ... මාව මැරිලා පලයන් ඊට කලින්... මේ වගෙ මැරි මැරී මට ජීවත් වෙන්න උවමනාවක් නෑ ....

මටත් කලින් කදුලු ඉස්සර වෙනකොට මන් ආපහු නැගිටගන්න බැරුව වැටුන විදිහටම දිගා වෙලා හිටියා .. ඒ එක්කම ආපහු දොර ඇරෙද්දි මාව හිරිවැටිලා ගියෙ ආයම පාරක් දස වද දීලා මාව තැලෙන්න යන හැටි මතක් වෙලා ...

.
.
.

ආර්ර්ර්ග්ග්ග්ග් එපා ....

තිබුන වේදනාව ආයම පාරක් දෙපිටින් යනකොට මගෙ අත තද කරලා අල්ලගත්ත උන් මොකද්ද මන්දා අඩුවකින් මගෙ අතේ නියපොත්ත නියපොත්ත ගලවලා දැම්මා ....කනුමහ ඉරාගන නියපොත්ත හමත් එක්ක ඇදිල එනකොට ඒ වේදනාවට මගෙ කටින් කෙදිරියක් පිටවුනා .. සපත්තු අඩි වලින් නිල් වෙලා ගියපු බඩයි ... කසපාරවල් වලට පැලිලා තිබුන පිටයි හින්දා ලාවට මට උන ගැනීගනත් එනකොට කිසිම අනුකම්පාවක් නැතුවම උන් මාව තලලා දැම්මා ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now