Wang YiBo pov ...
මන් කාර් එක බීච් රෝඩ් එකෙන් දාලා සීන්වත් අරන් ආවේ වෙරලට ... තාම එලිය වැටුන ගමන් හින්දා සෙනග අඩුවෙද්දි අම්මලා එක්ක ආව පොඩි ළමයි වගයක් වෙරලෙ නට නට හිටියා ...
කතා වල වගේ බැහැගන යන ඉරක් වෙනුවට නැගගෙන එන ඉරක් තියනකොට මට ඒ වෙනස හොදයි වගේ දැනුනා ... අපි දෙන්නගෙන් කවුරුත් කතා කරේ නැ ... කතා කරේ නෑ කියන්න බෑ අපිට කතාකරන්න හදිස්සියක් තිබ්බෙ නැ ... විදින්න පුලුවන් මොන හැගීමද ඒක ඒ මොහොතෙ උපරිමේටම විදින්න අපි දෙන්නටම ඕන වෙනකොට වැල්ලෙ ඉදගෙන වචනයක්වත් නොකියා අපි දෙන්නම ඈතින් පේන ක්ශිතිජය දිහා විනාඩි ගානක් බලන් හිටියා ...
යීබෝ....
ඒ පලවෙනිම පාර එයා මට නමින් කතා කරපු ...
ම්ම් ...
අරක කිව්වෙ ඇත්තටමද ....
මොකද්ද ...
ආදරෙයි කියලා ... දැක්ක දවසෙ ඉදන්ම ...
මන් බොරුවට ආදරෙයි කියන්නෑනෙ පැටියා ...
...
කිටී ... ඔයා මට ආපිට ආදරෙයි කිව්වෙ හැගීමක් තිබිලද .. එහෙම නැතිනම් මන් බලකරපු නිසාද ...
ගගා .... ගගාට පේනවා නේද අතන සෙල්ලන් කරන ළමයින්ව ... දන්නවද එයාලගෙ හිත් හරිම පිරිසිදුයි ... පුංචි අය මල් වගේ කියන්නෙ නිකමට නෙමෙයි .. මල් පෙත්තක් තැලුවම .. කැඩුවම ආයම ඒක මලක් වෙනවද ...පර උනාම ඒ ලස්සන ඒ සියුමැලිකම ඉතිරි වෙනවද නෑනේද ...මටත් තිබුනා ගගා ලස්සන කාලයක් .. ඒ සියුමැලි හිතම ආදරෙන් විතරක් පිරුන කාලයක් .. පවුලෙ හතර දෙනා එකතු වෙනවා කියන්නෙම අහල පහල මිනිස්සුන්ට පවා අපේ හිනා හඩ ඇහුන ඒ සතුටට ඒ මිනිස්සුන්ට ඉරිසියා හිතුන කාලයක් ඒක .. ඉතින් ඔහොම සතුටින් ඉද්දි ඒ පුංචි හිතේ හීන මැවුනා අහසටත් වඩා උසට ... නොතේරුම්කමට ඕනෙ ඕනෙ කිව්වට ඒ චූටි හීනවලට මන් මහ හුගක් ආදරේ කෙරුවා ...ඉතින් ඒ ආදරෙ ඒ හීනම අපිව සතුටින් තිබ්බා ... අපේ පවුල කියන්නෙම ඕනම කෙනෙක්ට ලැබෙන්න කියලා හිතෙන තරමට පරිපූර්ණ පවුලක් ... ඉතින් හීනෙකින්වත් නොහිතපු දෙයක් එකපාර උනාම මට දරාගන්න බැරි උනා ...කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි උනා ... ඇත්තටම මන්වත් දන්නෑ මොනා උනාද මන් මොනා කරාද කියවලවත් ....
මූනට හම්බුනාම අපරාදකාරය කියලා නොකිව්වත් යන යන තැන මිනිස්සු මට අපහාස කරන විදිය .. තිරිසනෙක් කරලා කොන් කරපු විදිය කන් වලට ඇහෙනකොට මේ හිතට ඒක දරාගන්න අමාරු උනා ... යුනි එකේ බින් ඇරුනම වචනයක් කතා කරන්න කෙනෙක් හිටියෙ නෑ මට ... බින් එක්ක උනත් මගෙ දේවල් කියන්න තරන් සමීපකමක් තිබුනෙ නෑ ... ඉතින් මගෙ ඩයරිය , අහසෙ තරු ඇරුනම මගෙ දුක අහන්න වෙන කවුරුත් හිටියෙ නෑ ... මන් ගැන හොයල බලන්න .. කෑවද බිව්වද අහන්න ... පරිස්සන් කරන්න එකම කෙනෙක්වත් හිටියෙ නෑ ...මන් වින්ද වේදනාව ඒ තනිකම දන්නෙ මගෙ කොට්ටෙ විතරයි...
ඔහොම ඉන්නකොට තමා ඔයා එක පාරටම ඇවිත් මට පරිස්සම් වෙන්න කිව්වෙ .. අවුරුදු ගානකට පස්සෙ මන් ගැන අංශුමාත්රෙක දෙයක්වත් නොදැන පරිස්සම් වෙන්න කියපු එකම කෙනා ඔයා හින්දද කොහෙද ඒක මගෙ හදවතටම දැනුනා ... පහලොස් වෙනියා විදියට මරන්න අරන් ගියත් මරාගන්න බැරුව මන් අසරන උන තරම දන්නෙ මන් විතරයි ... ඔය ඇස් හැමවෙලේම මටමතක් කරේ මගෙම ගගාව... ඒ ඇරත් ඔය ඇස් හැම තත්පරයක් ගානෙම මගෙ හිත ගස්සද්දි කොහොමද දෙයියනේ මන් ඔයාට මැරෙන්න දෙන්නෙ ..
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfiction€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022