Grim Reaper Pov ...එහෙම ඉද්දි මන් හිතන්නෙ මට නින්ද ගියා ... මන් ආපහු ඇහැරියත් ඇස් අරින්නෙ නැතුව හිටියෙ එයා තාම ඉන්නවද කියල දැන ගන්න ඕන හින්දා .. පැය කාලක්ම එහෙම හිටියත් කිසිම සද්දයක් ඇහුනෙ නැති හින්දා මන් ලාවට ඇස් ඇරලා වටපිට බැලුවා ... පේන්න ඇතුලෙ කවුරුත් නෑ ...
හිතුවත් වගේ ඒක බිම්මහලක් .. ලා කහපාට හීනී ලයිට් එකක් විතරක් තිබුන බිත්ති හතරකින් වට උන බිම්මහලක් ... මන් හෙමීට වටේටම ඔලුව කරකවලා බැලුවා .. මොකක් හරි හේතුවකට ඒ බිත්තියේ ඔරලෝසුවක් හයි කරලා තිබුනා .. ඒකෙ අටයි විස්සයි කියලා වෙලාව තියෙද්දි මන් දැනගත්තා එයා ඒ වෙනකොටත් ගිහින් කියලා ...
ඔයාල හිතනවද මේ ග්‍රිම් රීපර් හෑන්ඩ්කෆ් එකක් ගලව ගන්න බැරි තරන් ළදරුවෙක් කියලා ... අද මන් මේ තැනට ආවෙ හුගක් අත්දැකීම් වගෙම හුගක් ට්රික්සුත් එකතු කරගෙන ...
බ්‍රේස්ලට් එකට සෙට් කරලා තිබුන මැග්නට් එක හෑන්ඩ්කෆ් එකේ ලොක් එක ලගට අමාරුවෙන් ලන් කරද්දි හෑන්ඩ් කෆ් එක කටස් ගාල ගැලවිලා ගියා ... පොලිස් හෑන්ඩ්කෆ් වගේ නෙමෙයි මේ සාමාන්‍ය ඒවා .. ඒවා මැග්නට් එකක් ලංකරපු ගමන් අගුල පනිනවා ... හිරිවැටුන වම් අත නිදහස් කරගත්ත මම පිලිවෙලට අනිත් අතයි කකුලයිත් ගලවගත්තා ...
දැන් බලමු මොකක්ද මේ මනුස්සයා කරන්න යන්නෙ කියලා ...
බිත්ති හතරකින් වටවෙලා තිබුන කාමරේ බිත්ති දෙකක්ම පිරෙන්න තිබුනෙ එක එක නෝට්ස් වගේම පොටෝස් ...
එකින් එක හෙමින් බලන් යද්දි තව මේසයක් උඩ තියලා තිබ්බෙ ටෙලිපෝන් පොත් .. දැන් අටහමාරයි .. මට එකොලහහමාර වෙනකන් වෙලා තියනවා ...මන් ඉස්සල්ලම ගියෙ නෝට්ස් පටන් ගන්න තැනට .. එතන මුලින්ම අලවලා තිබුනෙ සිතියමක් ... අපේ රටේ සිතියමක් .. ඒක හුගාක් ලොකුයි ... තැනින් තැන සමහර පාරවල් රතු පාටින් හයිලයිට් කරලා තිබ්බ ... ඒ හැමපාරක්ම හොදට බලාගන යද්දි තමයි මන් දැක්කෙ ඒ හැමඑකක්ම පල්ලි එක්ක තිබුන පස්වෙනි හරස් වීදී ....
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfiction€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022