29¿

874 177 41
                                    

Wang YiBo Pov ..

තේරෙනවද මට දැනුන හැගීම ....දෙවියනේ මන් තත්පරයක් හරි පරක්කු උනානම් සීන්ට මොනවා වෙයිද .... ඒ අහිංසක ජීවිතේ වේදනාවකින්ම ඉවර වෙයි ... වේදනා විදලා විදලා කාමාතුරයන්ගෙ පහත් ආශාවන් හින්දා බන්දනාගාරයක් ඇතුලෙ ලෝකෙටත් හොරා මැරිල යයි ....

මන් උන්ට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නවා ... නීතියක් තියෙන්න ඕන අහින්සකයව තලන්න නෙමෙයි වැටුන තැනින් ගොඩ වෙන්න අත දෙන්න ... ඒකයි චීන පොලිසිය  ජනතාවගේ පොලිසිය කියන්නේ ...

මන් ඇතුලට යද්දි කට්ටියක් නිරුවතින්ම එක තැනකට වට වෙලා හිටියා මොකක් හරි වෙනවා කියලා තේරුන හින්දා මන් උඩට වෙඩි තියද්දි උන් අයින් වෙලා ගියාම එතන හිටියෙ කිටී  .. තැනක් කියාගන්න බැරුව මුලු ඇගම එකම තුවාලයක් වෙලා තියනකොට දැක්ක දර්ශනෙත් එක්ක මට දැනුනෙ මාව ඇතුලෙන් ගිනි ගන්නවා වගේ ..මන් ආවෙ පරිස්සමට එයාව එක්කන් යන්න ... ඒවුනත් උනේ මොකද්ද ජීවිතේ ආය පාරක් එයා කෙලෙසෙන්න ගියා ... ඒකත් සමූහ දූශනයක් ...

අනිත් උන්ට ඕන මගුලක් කරගන්න කියලා මන් සීන්ව හරහට උස්සගත්තා ඇගේ නූල් පටක් නැතුව හිටපු එයාගෙ ඇගිලිවල නියපොතු පවා මුන් ගලවල තිබුනා ... දැනෙන සීතලටද කොහෙද එයා තව තව මගෙ ඇග අස්සට රින්ගද්දි මමත් එයාට පහසු වෙන විදියට එයාව තුරුල් කර ගත්තා ... ඇගේ මහන්සියටයි හිතේ මහන්සියටයි එයාට උන ගැනිලා තියනකොට මගෙ අත් අස්සෙ ඉදන්ම එයාගෙ හැගිම් වලින් මාව තෙමුවා ...

ඇත්තටම අනුකම්පාවක් ලෝභ කමක් ඇරුනම මට හිරිකිතක් නොදැනෙද්දි මන් එයාව මගෙ පපුවට තද කරගත්තා .. එතනින් ඉල්ලගත්ත බ්ලැන්කට් එකේ ඔතාගන එයාව මන් පරිස්සමට අපාර්ට්මන්ට් එකට අරන් යනකොට මගෙ බෙල්ල අස්සෙ මූන ගහන් පුරු පුරු ගාපු විදියට මට හිතුනෙ මන් කිටී කිව්වට සීන් ඇත්තම පූසෙක්ද කියලා ....

එයාව උස්සන් ඇවිත් ඇදෙන් තියද්දි ආයම කැරකිලා ඇවිත් මට තුරුල් වෙනකොට කියාගන්න බැරි ලෝභකමක් දැනුනා උනත් මන් එතනින් නැගිටලා ආවෙ එයාව පිරිසිදු කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕන හින්දා ...

ටවල් එකකුයි උනු වතුර එකකුයි අරන් ආව මම එයාව පිහදාන්න පටන් ගත්තා .. පෑරිලා තිබුන තුවාල උඩ කැටිගැහිලා තිබුන ලේ මම පරිස්සමට අයින් කරේ එයාගෙ කටින් ලා කෙදිරියක් පිටවෙද්දි ...
නියපොතු නැති ඇගිලි පැලිලා තිබුන පිට මේ සේරම හිමින් පිහදාල මන් එයාට ඇන්දුවෙ මගෙ බැගී ටීශර්ට් එකක් ... මාව හිරකරගත්ත දවසෙ නපුරා වගේ කෑගහපු කට වැහිලා ගිහින් එයා ආයම අසරණ උන සීන් වෙලා තිබුනා... පිහදාද්දි පපුවෙ දකුනු පැත්තෙ තිබුන තුවාල කැලල දකිනකොට මට මතක් උනේ මම නේද ඒකට වග කියන්න ඕනෙ කියලා ... හිතින් එයාගෙන් මන් දහස්වාරයක් සමාව ඉල්ලුවෙ බිදුනු හිතක් තිබුන එයා වගේ කෙනෙක්ව තවත් මන් අතින් අනතුරට ඇදලා දාපු හින්දා ...එයාව ඇදෙන් තියන කර්ට්න් එක වහපු මන් කුස්සියට ගියෙ පුලුවන් විදියට සුප් එකක් හදන්න ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now