Wang YiBo Pov ...
ඔලුවට වැදුනු පාරත් එක්ක ශිරූ බාතෲම් එකේ වැටෙනකොට සීන් හොදටම බයවෙලා .. එයාගෙ අතින් උන දෙයක් විදියට එයාව වැරදිකාරයෙක් වෙයි කියලා බය උන පාර එයා කොලේජ් ටයිම් එකෙන් පස්සෙ හොරපාරෙන් සිහිනැතිඋන කෙල්ලව අපාර්ට්මන්ට් එකට නොයා මේ තරන් කාලයක් නොගිය එයාලගෙ ගෙදරට අරන් ගිහින් එතනින් තමයි හැමදේම පටන් අරන් තියෙන්නේ අහම්බෙකින් උනත් ශිරූ අවුරුද්දක් වැඩිමල් වෙද්දි සීන්ට මතක් වෙලා තියෙන්නෙ ගගා හිටියනම් එයත් ඒ වයසෙ නේද කියලා ... ඔහොම තමයි හැමදෙයක්ම පටන් අරන් තියෙන්නේ අනතුරකින් උනත් ශිරූව මරපු එක සීන්ට සහනයක් වෙද්දි එයා ඒකට ඇබ්බැහි වෙලා .. ගගා නැති උනේ පස් වෙනිදක ගගා ඉපදුනේ පස් වෙනිදක එයා ඉපදුනේ පස් වෙනිදක හැමදේම උනේ පස් වෙනි වීදියක .... ඔය හැමදේම එක්ක බලද්දි එයාගෙ දඩයම් හැම එකක්ම පහ එක්ක සම්බන්ද වෙලා ... ඇත්තටම ඒ අයගෙන් සමහරු හුගක් අහින්සක ළමයි ...ඒ උනත් සීන්ට වැරැද්දක් කියන්නත් බෑ එයා ඇහෙන් දැක්ක දරාගත්ත දේවල් එක්ක බලද්දි එයා පිස්සෙක් නොවී ඔතනින් නතර උන එකම ලොකු දෙයක් ...
ඉතින් ඔහොම අවුරුද්දක් යද්දි එයා දාහතර දෙනෙක්වම මරලා ... ඒ කරලා පස්වෙනි හරස් වීදියකම පල්ලියක් ඉස්සරහට ගිහින් දාලා .. එයාට ඒ දේවල් යම් තරමක හරි සහනයක් වෙලා ... ඔහොම ඊලග අවුරුද්ද පටන් ගනිද්දි එයා අවුරුදු විසිපහක් උන අදාල මාසවල පස්වෙනිදා ඉපදුනු අය මරන්න අරන් ...මොකද එයාගෙ ගගා හිටියනම් ගගාටත් ඒ වෙනකොට විසිපහක් හින්දා ..
දන්නවද එයා මන් ගැනත් ලියලා තිබුනා ... ජීවිතේ අවුරුදු ගානකට පස්සෙ එයාට කෙනෙක් නොකියා පරිස්සමින් ඉන්න කිව්වලු .. අවුරුදු ගානකට පස්සෙ මූනට හිනාවක් ගෙනාවලු ... ඒත් පහලොස්වෙනියා විදියට එයාට මරන්න තියෙන්නෙ මාව කියලා දැනගත්තම එයා හදවතින් දහස්වාරයක් කඩා වැටුනලු .. යන්න දෙන්න බැරුව මරාගන්නත් බැරුව අසරණ උනාලු ... මන් ග්‍රිම් රීපර් කියලා දැනගත්තම තරහක් ආවත් මාව නොමර ඉන්න ලොකුම හේතුව උනේ මගෙ පෙනුමලු ... මන් දන්නෙ නැ ඒ ඇයි කියලා ... එයා මන් ගැන ගොඩක් ලියලා තිබුනා .. ඒ හැමදේම ඒ හැම අකුරක් ගානෙම මට දැනුනෙ වෙනස් හැගීමක් ... මොන වගේද දන්නවද ... නිකන් හරියට එයාගෙ ඩයරියේ අවුරුදු ගානකට පස්සෙ හදවතේ තියන දෙයක් ලියවිලා වගේ හැගීමක් ...
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfic€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022