24¿

746 167 19
                                    

පස්වෙනි හරස්වීදියට ලගින්ම තිබුන අපේ ගෙදරට මන් සූට් කේස් එකත් තල්ලු කරන් ගියෙ කොහෙදෝ තිබුන වැස්සකුත් කඩා පාත් වෙද්දි ... ගේට්ටුව ඇරලා මාස ගානකින් පාලුවට ගියපු ගෙදරට මන් අඩිය තිබ්බෙ ගෙදර පළවෙනි ළමයගෙ මලසිරුරත් අරගන ...

එහෙන්මම පිටිපස්සෙ ගබඩාවෙන් යකඩ ඉන්නයි උදැල්ලයි තාච්චියයි කලුපාට ඉටිකොල රෝලයි අරගත්ත මම වැස්සේ තෙමි තෙමිම ගියෙ ගෙදර පැත්තකට වෙන්න තිබුන හිස් බිමට ... මූන දුන්න දේවල් එක්ක ඇගට පනක් නැති වෙද්දි හිතේ හයියෙන් මන් කැපුවෙ පලවෙනි පස් පිඩැල්ල ...උදැල්ලෙන්  කප කප යකඩ ඉන්නෙන් පැය ගානක් හාරපු මගෙ අත්වල කරගැට ඇවිල්ලා ඒවා පුපුරලා වැහිවතුරට හේදිලා ගියා ...

නැමීගන ඉදලාම පිටකොන්ද වේදනා දෙද්දි  මන්ම අතගාගන ආයම නැවතීමක් නැතිව වැස්සට මඩ උන පස් තට්ටු තට්ටු අයින් කරේ එලිය වැටෙන්නත් ලගයි කියලා තේරෙද්දි ... නැවතීමක් නැතුවම වැටෙන වැහැවතුර ඇගට සීතලක් දැනෙද්දි  ඒ ගැන නොහිතම මම අඩි හතරක් විතර යටට වලක් හාරලා තිබුනා .. වැස්සට තෙමිලා තෙතබරිත වෙලා තිබුන සූට් කේස් එක ඇරලා මන් ගගාව අරගෙන කලුපාට ඉටිකොලේ උඩින් තිබ්බා ...

ඔක්තෝබර් පහ මගෙ උපන්දිනේම ගගාගෙ අවසාන දවස වෙනකොට දැනටම  හයවෙනිදට එලියවැටෙනගමන් තිබුනා .. ගගාගෙ නිසල සිරුර ඉස්සරහා හයි කරන් ඉදපු කදුලු ඉබේම ගලාගන යද්දි මන් ඇඩුවා ... කෑ ගහලා ඇඩුවා ... අඩන්න එපා පුතේ කියන්න මමා ලග නැති වෙද්දි .. හිත හදන්න පපා ලග නැති වෙද්දි .. දැනුන අසරණකම හින්දම නැවතීමක් නැතිවම මගෙ ඇස්වලින් කදුලු ගලාගන ගියා ... මට කියලා මේ ලෝකෙ හිටපු එකම කෙනත් අද මාව දාල ගිහින් තියෙද්දි ඕජස පිරුනු ගගාගෙ නිරුවත් සිරුර කිටි කිටියෙ තුරුලු කරන් මන් කෑ ගැහුවා ...

අහසවත් අන්තිමේදි මගෙ පැත්තේ නෑ කියන්න වගේ  වැස්සත් වැඩිකරේ ගගාව වගේම මාවත් නෑවිලා යද්දි ... කාලෙක රෑට තනියෙන් නිදාගන්න බය උන මම .. හොල්මන් වලට බය උන මම අද මේ විදියට කලුවරේම මැරුන කෙනෙක් බදාගන හූල්ලනවා ... ඇත්තටම මගෙ දයිවය මටම විහිලුවක් වගේ දැනුනා ... ඇයි මෙහෙම මට උනේ කියලා අහගන්න බැරි තරන්වත් ... ගගාට ආයම එන්න කියන්නවත් බැරි තරන් අඩලම මගෙ උගුරකට වේලිලා තියෙද්දි මන් වැහිවතුරට කට ඇල්ලුවා ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now