Wang Yibo POV ... / Grim Reaper pov
අන්තිමට එහෙනම් එහෙම තමයි උනේ නේද .... එයාගෙ ගෙදර බිම්මහලෙන් හම්බුන හැම සාක්ශියක් එක්කම අධිකරණ තීන්දුවෙන් අනිවාරෙන් එයා වැරදි කාරය වේවි ... සීන් ශියාඕ ජාන් ... ඇයි එයා වයිට්චෙපල්ම උනේ ... එහෙම නොවුනනම් ...
සර් ....
ඔව් ජෙෆ් කියන්න ...
තව සතියක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉන්න වෙනව ...
හ්ම් ...
සර් වයිට්චෙපල්ටත් ටිකකට කලින් සිහිය ආවා...
හ්ම් ...
මට බලන්න යන්න ඕන උනා ... ඒවුනාට මට ඒක කරන්න හයියක් නෑ .... කොහොමද යන්නෙ ....මන් අද මේ නිදහසේ ඉන්නෙ අපරාදකාරයෙක් උනත් සීන් හින්දා ..
නොයා ඉන්න තීරනේ කරපු මන් ගියෙ වොශ් එකක් දාගන්න .. පපුව තෙමන්නෙ නැතුව අමාරුවෙන් තනියම වොශ් කරපු මම ඇදගන්න ගියෙ ලොකු ටී එකයි ශෝට් එකයි... මගෙ තුවාලේ පෑරිලා .. උරහිස්සෙ එක නම් අවුලක් නෑ වගේ ... ඒත් පපුව කලින් මිරිකපු හින්දද කොහෙද පෑරිලා ...
ඇදුම් ඇදගෙන වහලා තිබුන සුප් එක අතට අරනුත් නොබීපු මන් බෙහෙත් පෙති ටික විතරක් බීලා දැම්මා ... අදට නවත්තපු සේලයින් කැනියුලා කටු ආයම හෙට ඉදන් ගහන්න පටන් ගනීවි ... මමවත් තාම දන්නෑ ඩිස්චාජ් කරන දවසක් ....
නින්ද යන්නෑ .... දෙතුන් පාරක් එහාට මෙහාට පෙරලුනත් නින්ද යන්නෙ නැති හින්දා මන් නැගිටල ජනේලේ ගාවට ගියා .. ලස්සනයි... පහල තිබුන ටවුන් එකේ පාට පාට ලයිට් එලි මෙතනට ලස්සනට පෙනුනා ... සීන් එයාට ආයම මේ දේවල් වල ලස්සන දකින්න බැරි වේවි ...
මට දැනුන සිතුවිල්ලක් එක්ක මන් හොරෙන් හොරෙන් ගාඩ්ලා මග ඇරලා ගියෙ එයාගෙ කාමරේට ... මන් හිතුවෙ නිදි ඇති කියල ...නිදි නැ .. එයා උඩුබැලි අතට හැරිලා ඇස් වහගන කකුලක් වන වන ඉන්නවා ... මන් සද්ද නැති වෙන්න දොර ඇරලා ඇද ගාවට ගිහින් බලද්දි ඒ ඇස් වලින් කදුලු ගලනවා ....ඔව් එයා ඇස් වහගන අඩනවා ... මට බලන් ඉන්න බැරි තැන මන් එයාට කතා කරා ...
සීන් ..
රීප්.. රීපර් ඔයා හොදින් ... ඔයා ඔයා මැරිලා නෑ ...
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfiction€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022