13¿ Bonus

747 171 21
                                    


Whitechapel pov ...

එයා මන් හිතුවට වඩා දක්ශයි.... මන් හිත හදාගන එයාව මරන්න් තීරණය කරද්දි එයා මන් හිතුවෙ නැති වෙලාවක මට පහර දුන්නා ... මගෙ යටි බඩට වැදුන පාර එක්ක මාව ඇදෙන් බිමට වැටෙද්දි එයා ඒකෙන් ප්‍රයෝජන අරන් මාව බිමට පෙරලගත්තා ... කොහොම හරි අපේ සටන දුර දිග ගිහින් අන්තිමට නතර උනේ එයාගෙ ජෙස්ටර්ගෙ උන්ඩෙකින් මාව සිදුරුවෙනවත් එක්කම මගෙ උන්ඩෙකින් එයාව සිදුරු වෙලා අපි දෙන්නගෙම සුසුම් වා තලයට මුදා හැරෙද්දි .....

Grim Reaper pov ...

මන් ඇස් අරිද්දි හිටියෙ හොස්පිට්ල් රූම් එකක ... ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව ඉද්දි තමයි එකපාරටම උනේ මොකක්ද කියලා මතක් උනේ ... වයිට්චෙපල් ... එයා එයාට මොකද උනේ .. මැරුනද ...

එයා මැරුනනම් ඒ ජෙස්ටර් හින්දා ...  අපිව හොයාගන්න ඇත්තෙත් පොලිසියෙන් වෙන්න ඕනෙ ... ඒත් පොලිසියෙන්නම් ජෙස්ටර්ව දැක්කම මාව අදුනගනත් ඇති ... ඒත් මාව අදුනගනනම් අදින් පස්සෙ සමහරවිට මට සදහටම බන්දනාගාරෙ ඉන්න වෙයි ... වයිට්චෙපල් මැරිලා නැත්නම් එයාටත් බන්දනාගාරෙ ඉන්න වේවි නැත්තන් එයාව එල්ලලා මරාවි .. කොහොමත් නීතියට අනුව එයාටයි මටයි මෙතනින් එහාට අපිට ඕන විදිහෙ ජීවිතයක් ගත කරන්න වෙන්නෙ නැති වෙයි ...

මන් එහෙම ඊලගට වෙන්න පුලුවන් දේවල් ගැන හිත හිත ඉද්දි ජෙෆ් ආවෙ හොස්පිට්ල් රූම් එකේ දොර ඇරන් ...

සර් ..

තාම සර් කියලා කිව්වෙ .. ඒ කියන්නෙ ජෙස්ටර්ව දැකලා නෑ  .  ඒත් දකින්නෙ නැති වෙන්න විදියක් නෑ ....  ජෙස්ටර් හිටියෙ මගෙ අතේ ...

ඔව් ජෙෆ් .. මොකද උනේ ...

සර්ට වෙඩි වැදිලා හිටියේ .. හාර්ට් එකේ ෆැට් එක කොටසට උන්ඩෙ වැදිලා හින්දා සර්ව බේරගන්න පුලුවන් උනා ... පැය හයක ඔපරේශන් එකකින් පස්සෙ ...

එතකොට ඒච්චරද ජෙෆ් ...

නෑ සර් සර්ට මහන්සි වෙන්න හොදනෑ අපි පස්සෙ මේ ගැන කතා කරමු ..

ඒත් ජෙෆ් ..

ආ .. ගවනර් එකෙන් සර්ට තෑන්ක්ස් කරා ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now