Episode 10

137 23 7
                                    

තොල් අතරින් සිංදුවක් මුමුනමින් කණ්ණාඩිය ඉස්සරහට වෙලා ටයි පටිය ගැටගහමින් හිටියෙ ඔෆිස් යන්න ලැහැස්ති වන යූංගි. ජංගුක් නැති නිසා පුළුවන් තරම් ඉක්මනට යන්න හිටියත් ඔහුගෙ නින්ද ඔහුට හරස් වුනා.මදක් දවල් වෙලා වුනත් මේ ලෑස්ති වෙන්නෙ ජංගුක්ගෙ අඩුව පුරවන්නත් එක්ක.

"ඒයි හියුන් දැන්ද එලිය වැටුනෙ.කබරයා හොදයි ඔහෙට වැඩිය"

"ඉතින් දැන් මට නටන්න ද කියන්නෙ ඌ හොදයි කියලා.මේ හෝසොකා මගෙන් අහගන්නෙ නැතුව මෙන්න මේ ටයි එක දාලා දෙනවකො.ඒකෙ ගෑණු ගැටෙ වැටෙන්නෙ කලබලෙට"

"මම නැති දවසට කොහොමද දා ගන්නෙ හියුන්.ඉක්මනින්ම කෙනෙක් ගේන්න වෙයි " හෝසොක් කිව්වෙ යූංගිගෙ ටයි එක ගැට ගහන ගමන්.

"දාන්න බැරිනම් බෑ කියනවකො. කසාදෙට මිනිස්සු හොයන්නෙ" කියපු යූංගි කට ඉරක් වගෙ කරගත්තෙ හෝසොක් දිහා බලාගෙන.

"පණ්ඩිතකමනම් තියෙනවා මොකක්ද එක වගෙ.ඔන්න ඉවරයි"
ටයි එක දාලා ඉවර වෙලා හයියෙන් එකක් පිටට ගහන ගමන් හෝසොක් කිව්වා.

"අහකට යනවා.තට්ටු දාන්නෙ.අද orphanage එකට යනවද."

"ඔව් ඔව්.ලෑස්ති වුනෙ ඒකට තමයි.ජින් හියුන්ලගෙ ගෙදරට යනවා මං.ටේබල් එකෙ බ්‍රෙක්ෆස්ට් එක රෙඩි.කාලා යන්න හියුන්.මම යනවා"

"ම් හරි බායි" සපත්තු දෙක දාන අතරෙ යූංගි කිව්වෙ ජංගුක්ට කතා කරන්න හිතාගෙන.පඩිපෙලෙන් බහින ගමන්ම ජංගුක්ට කෝල් එකක් ගත්තෙ loud speaker එකත් on කරගෙන.ටේබල් එකට ආව යූංගි කෑම ගන්න සූදානම් වුනෙ ජංගුක් answer කරනකන්.

'හෙලො යූංගි ඔෆිස් එකට ගියාද'

"ඔව් මම මේ කන ගමන් ඔෆිස් එකෙ ඉදලා"

'උබ කාලා ගියෙ නැද්ද.ආ කාපන් කාපන්.මම දැන්ම එන්නෙ නෑ.මේ මම මිස්ටර් කන්ග් meet වෙන්න යන ගමන්'

යූංගි හා ජංගුක් දෙන්නට දෙන්නා බොරු කියාගන්න වුනෙ දෙන්නගෙම හැටි දැනගෙන.

"ආහ් එහෙමද.එහෙනම් ඔය මිස්ටර් කන්ග් කිම් ටේහ්‍යුන්ව ෆලො කරලා හිතුන වෙලාවකට වරෙන්.මම මෙතන දහසක් වැඩ ටික කරලා තියන්නම්"

REBIRTH Donde viven las historias. Descúbrelo ahora