" ඔහොම නවතිනවා කිම් ටේහ්‍යුන්!!"
පණ නැතිව හිටිය ටේහ්‍යුන්ට තවත් පණ නැතිව ඇදගෙන වැටෙන්න යනවා වගෙ තේරුනෙ ජංගුක්ගෙ විදාන හඬටයි, වියරු වැටුනු රතු ඇස් දෙකටයි. කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරිව කදුළු පිරුනු ඇස්වලින් අහිංසකව , කියන්න වචන හදාගනිමින් ඇස් දෙක බිමට හරවාගෙන , වෙව්ලන දෑත් එකිනෙක පටලවාගෙන හිටපු තැනම හිටගෙන හිටියෙ ජංගුක් කියපු හින්දා." මට දැන ගන්න පුළුවන්ද තමුන් .. තමුන් මෙච්චර වෙලා කොහෙද හිටියෙ..?!" ජංගුක් ඇහුවෙ, සෝෆාවෙන් නැගිටලා සාක්කු දෙකට අත් දෙකත් දාගෙන නපුරු බැල්මකින් ටේහ්‍යුන් දිහා බලාගෙනම.
"ම්.. මම ... මේ... ප්.. පොඩි වැඩක හිටියෙ ග්...ගුකි"
"ඉතිං මට ඒක කියන්න ඔච්චර ගොත ගහන්නේ මොකද ? හහ්... හොර වැඩක්ද ?" ටේහ්‍යුන් දිහා සමච්චල් බැල්මක් හෙලලා ජංගුක් කිව්වා .
" අනි.. අනි.. කම්පැනියෙ පාර්ටි.. ඔව් පාර්ටි එකෙ වැඩක් ගුකි.. ඒකයි..". අඩියෙන් අඩිය ජංගුක් දෙසට තියමින් ඉදිරියට එමින් ටේහ්‍යුන් කිව්වෙ බොරුවක් වුනත් ඒ වෙලාවේ හැටියට ජංගුක්ගෙන් බේරෙන්න . මොකද ටේහ්‍යුන් බය වුනා ජංගුක්ට සිද්ධවුන දේවල් කිව්වොත් එයාව දාලා යයි කියලා..
" ජංගූ .. ඔයාට මාව අවිශ්වාසද? මම කම්පැනියෙ හිටියෙ" සාක්කුවෙ තිබුන අත අල්ලන්න හදමින් ටේහ්‍යුන් කිව්වත් ජංගුක් තරහින් අත ගසලා දැම්මා. එයාට කේන්ති, මොකද ටේහ්‍යුන් ආවේ මහ රෑ වගේම කිසිම මැසෙජ් එකක් ජංගුක්ට දාලා තිබුණේ නෑ. ඒ විතරක් නෙවේ , ජිමින් එක්ක කතා කරපු මෙහොතෙ ඉදන්, ඔහු කාමරයේ ගත කල නිසාත් ටේහ්‍යුන්ව මොහොතකට අමතක කරලා තිබුණා.
" දැන් යනවා ගිහින් නිදා ගන්නවා . හැබැයි ආයෙත් මෙහෙම වෙන්න බෑ තේරුනානෙ " මූණටම කෑ ගහලා ජංගුක් යන්න ගියත්, ටේහ්‍යුන් එතනම දනින් වැටිලා අඩන්න ගත්තේ ඔහුට දැනුන දුකට වගේම කේන්තියට.
අඬ අඬ හිටිය ටේ එතනම සෝෆාවට හේත්තු වෙලා ඔහුටත් නොදැනීම නින්දට වැටුනෙ ඇගට දැනුන මහන්සියටත් එක්ක.
ජංගුක් කාමරයට ගිහින් දොර ලොක් කරගත්තේ ටේහ්‍යුන්ට එන්න බැරි වෙන්න. ආපසු හැරිල වත් බලන්නේ නැතුව ආව පිම්මටම ඇඳට පැනලා නිදා ගත්තේ ටේහ්‍යුන් ගැන නොහිතා ඉන්න උත්සහ කරමින්.
STAI LEGGENDO
REBIRTH
Fanfiction"ගුක්.... ප්ලීස්.. මම කියන දේ-" "ටෙහ්යුන්.... ප්ලීස් මගෙන් ඈතට පලයන්.උබ මට මහ කරදරයක්. " "සරන්හෙ මගෙ ගුකි" "මම ආදරෙයි මගෙ බෙයා" "මමත් ආදරෙයි මගෙ බෝගූමි.." Taekook Taegook Taegum Jigook Mpreg