ඉර අවරට ගිහින් මුළු අහසම විවිධ වර්ණයන්ගෙන් රටා මවලා තිබුණෙ පින්තාරු කල සිත්තමක් වගෙ.දකින්නන්ගෙ සිතට නිදහස් හා විවිධ හැගීම් එක්කරන්නට සැන්දෑ අහසට පුළුවන් වුනා.කඩිමුඩියෙ වැඩකටයුතු ඉවර කල සියළු දෙනා ලහි ලහියෙ යන්න ගත්තෙ මාර්ගත් කාර්යබහුල කරලා.ඒ අතරෙ නිවසට පැමිණ ඇගපත සෝදගෙන බැල්කනියට වෙලා තේ එකක් තොල ගාමින් අහසෙ සුන්දරත්වය විදිමින් හිටියෙ ටේහ්‍යුන්.අද දවසෙ වුන සේරම මතක් කරමින් තේ එකෙන් රත්වුන අත් දෙක මුහුන දෙපැත්තෙ තියාගත්තෙ රෝස පාට වුන කම්මුල් හමාගෙන යන සුලගට වසන් කරන්න වගෙ.
'මොකක්ද අද ඒ වුනෙ...මගෙ ෆස්ට් කිස්ට් එක නේද ඒ මෝඩයා ගත්තෙ.මගෙ ලවර්ට දෙන්න හිටිය එක හැබැයි.ආයිශ්... ඇයි මෙච්චර අමුතු මට... ආහ්!!! මගෙ ඔළුව වටෙ බඹරෙක් වගෙ කැරකෙනවා මේ මනුස්සයා'. තොල් දෙකත් අතගාමින් ටේහ්‍යුන් හිතන්න ගත්තෙ ජංගුක් ගැන.
"අහ්.. මගෙ මනසෙන් යන්න...මට වදයක් නොවී..ශ්ශ්ශ්ශ්... මොකටද මේ මනුස්සයා මගෙ පස්සෙන් මෙහෙම එන්නෙ. මගෙ ගැන දන්නෙ කොහොමද" අත් වැටට හේත්තු වෙලා තමන් එක්කම කියවන්න ගත්තෙ එක අතක් පපුව වටින් බැදගෙන අනිත් අතින් නිකටත් අල්ලගෙන බරටම කල්පනා කරනවා වගෙ.එක පාරම හුස්සමක් උඩට ගත්ත ටේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගෙන කියවන්න ගත්තෙ දෙයක් හොයාගත්ත ගවේෂකයෙක් වගෙ.
"වට්... බැරිවෙලාවත් මේ මනුස්සයා මාව කිඩ්නැප් කරන්වත්ද, නැත්තං ඔට්ටුවක්වත්ද... දෙයියනෙ පලිගන්නවත්ද.නෑ නෑ මම කාටවත් කරදර කරලා නෑනෙ..... නැත්තං මට ඇත්තටම කැමැත්තක්ද..ප්‍රහෙලිකාවක් චන් ජංගුක්" අන්තිමට කියවලා කියවලා ඉවර වුන ටේ ඇස් දෙකත් රැලි කරගෙන කටත් ඉරක් කරගෙන නැවතුනා.
'මට අද හිතන්න ඒවා ගොඩයි වගෙ.කවුද ඒ ගර්ල්.මම දන්නෙ නැති.. ඒ කියන්නෙ බෝගම් හියුන් මට දැන් කියන්නෙත් නැති ඒවා තියෙනවද? ඇයි ඒ' මූනත් අදුරුකරගෙන බෝගම් ගැන හිතන්න ගත්තෙ ජංගුක්ගෙ හාදුව යටිහිතෙ තැන්පත් කරලා.
"මම කෝල් එකක් ගන්නවද නැද්ද..අරගෙනම බලමු" සාක්කුවෙ තිබුන ෆෝන් එක අතට අරගෙන බෝගම්ගෙ නම්බර් එකට dial කරන්න ගත්තෙ බලාපොරොත්තුවකුත් එක්ක.
YOU ARE READING
REBIRTH
Fanfiction"ගුක්.... ප්ලීස්.. මම කියන දේ-" "ටෙහ්‍යුන්.... ප්ලීස් මගෙන් ඈතට පලයන්.උබ මට මහ කරදරයක්. " "සරන්හෙ මගෙ ගුකි" "මම ආදරෙයි මගෙ බෙයා" "මමත් ආදරෙයි මගෙ බෝගූමි.." Taekook Taegook Taegum Jigook Mpreg