වේගයෙන් ආව ජංගුක්ගෙ කාර් එක නැවැත්තුවෙ හන්සොක්ගෙ කම්පැනිය ඉස්සරහ. කාර් එකෙන් බැහැලා , කෙනෙක්ට මූන දිහා බලන්න බැරි තරමක ආවේගයන් කම්පැනිය ඇතුලට ගියේ හන්සොක්ගෙ ඔෆිස් එකට. ජංගුක් කිහිප සැරයක්ම ඇවිත් තිබුන නිසා ඔහු තවදුරටත් අමුත්තෙක් නොවුනා. කැබින් එකෙ දොර ගලවාගෙන යන වේගයෙන් ඇරලා ඇතුලට ගිහින් වාඩි වෙලා හිටිය හන්සොක්ව ඇදලා අරන් ගහගෙන ගහගෙන ගියෙ වචනයක්වත් කතා කරන්න නොදි.
" යූ ඉඩියට්!! තමුසෙ ඒ මොකක්ද කරෙ කියනවා ආහ්!.. තමුසේගේ මහලොකු ප්ලෑන් එක ඒකද" හන්සොක්ගෙ ෂර්ට් එකෙ බෙල්ල හරියෙන් තද කරලා අල්ලගෙන ජංගුක් ඇහුවත් හන්සොක් කරෙ මහ හයියෙන් හිනා වෙන එක විතරයි.
" මම තමුසෙව මරනවා" දත් මිටි කාගෙන බෙල්ල තව ටිකක් තදට ඇල්ලුවත්, යූංගි ඇවිත් ජංගුක්ව ඇදලා ගත්තේ තව ටිකක් අල්ලන් හිටියොත් හන්සොක් මැරෙයි කියලා හිතුන හින්ද යි.
" ම්හ්... අහ්.... ස්..... චික්.. මගෙ කම්පැනියට ඇවිත් මටම ගහන්න ? ඇයි ජංගුක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගැන දුක හිතුන ද ම්ම්.." පොඩිවුන ෂර්ට් එකත් හදාගෙන, පැලුන තොල අතගාමින් හන්සොක් කතා කරා.
" මම තමුන්ට කිව්වා අනවශ්‍ය දෙයක් කරොත් මොකද වෙන්නෙ කියලා. " යූංගිගෙ අත අයින් කරලා සාක්කු දෙකට අත් දෙක දාගෙන සමච්චලයට හිනා වෙලා ජංගුක් කිව්වා.
" මොකද ඒ වගෙ ලස්සන කොල්ලෙක් එක්ක අපිට ඉන්න බැරිද. ආආආ...... ඔයාගෙ පර්සනල් ටෝයි එකක්ද? ජංගුක්ට එච්චර රසවත් වුන කෙනෙක්ව මටත් බලන්න හිතුනා" හන්සොක්ගෙ වචන වලට ජංගුක්ට තවත් කේන්ති ගියත් ඉවසන්,මූනෙ කිසිම හැගීමක් නොපෙන්වා හිටියෙ මෙ ඒකට වෙලාව නොවුන හින්දා. හකුදෙක එකට තද කරන් තරහ පාලනය කරගෙන හන්සොක් දිහා බලාගෙන හිටියෙ ඔහුගෙ හිනාව ගනන් නොගෙන.
" ම්ම්.... මම එව්වෙ ෆොටො ටිකයි . තව බලන්න ආසයි නම්-" ටේබල් එකෙ කවරයක දාලා තිබුන ෆොටොස් වගයක් ජංගුක්ගෙ අතෙන් තියලා, පිටට තට්ටු දෙකක් දාලා හන්සොක් කැබින් එකෙන් යන්න ගියෙ හිතට දැනුන බය හන්ගගෙන.
හන්සොක් ගිය ගමන්, අතට දුන්න කවරෙ ඇතුලේ තිබුන ෆොටොස් බැලුවේ වෙව්ලන අත් වලින්. ටේහ්යූන් හා හන්සොක් රූම් එකක ඉන්න ෆෝටෝස් හා ඔහුව වැලදගෙන ඉන්න ෆොටො ඒ අතර තිබුනේ. ජංගුක්ට හැමදේම පැහැදිලි වුනෙ එදා ටේහ්‍යුන් බෝගම් වෙනුවට හන්සොක් හම්බවෙලා වගේම ඒ ඔක්කොම හන්සොක්ගෙ ප්ලෑන් එකක් කියලා.

YOU ARE READING
REBIRTH
Fanfiction"ගුක්.... ප්ලීස්.. මම කියන දේ-" "ටෙහ්‍යුන්.... ප්ලීස් මගෙන් ඈතට පලයන්.උබ මට මහ කරදරයක්. " "සරන්හෙ මගෙ ගුකි" "මම ආදරෙයි මගෙ බෙයා" "මමත් ආදරෙයි මගෙ බෝගූමි.." Taekook Taegook Taegum Jigook Mpreg