උදෙන්ම ලැහැස්ති වුන බෝගම් company එකට ආවෙ ඉදිරියට තියෙන වැඩ ටික එදා දවසෙන්ම පටන් ගන්න.මුනගැහෙන හැමෝටම හිනාවෙලා good morning කියලා බව් කරන්න තරම් ඔහු නිහතමානිි පුද්ගලයෙක් වුනා.සමහර විට park company යෙ සියළු ජයග්‍රහණයන්ගෙ හේතුවත් ඔහුගෙ ගතිගුණ වෙන්න පුළුවන්.මෙච්චර පොහොසත් මනුස්සයකුට එච්චර නම්‍යශීලී වෙන්න පුළුවන්ද?
"Good morning sir."
"Good morning යූනා.අද ටේ නෑ යූනා.ඔයාගෙ උදව් ගොඩක් ඕනි වෙයි"
"ම්.. නැතුව.මම උදව් නොකර කොහොමද සර්."
"අපි යමු ඔෆිස් එකට.මම හිතන්නෙ මම තීරණයක් ගත්තා ජියෝන් company එකෙ ප්‍රොපෝසල් එක ගැන"
"ඕහ් ඇත්තමද. මම හිතනවා සර් හොදම දේ කරයි කියලා.මොකද අපිට එකේන් ලැබෙන profit එක වැඩි"
බෝගම් හා යූනා කතා කර කරම ඇතුල් වුනෙ බෝගම්ගෙ ඔෆිස් room එකට."ඔයා වෙලාසනින් යනවද සර්.ම් බෝගම්" යූනා ඇහුවෙ සමච්චලෙට හිනා වෙන ගමන්ම ටේහ්‍යුන්ගෙ මේසය අසල වුන පුටුවෙ වාඩි වෙන අතරෙ.ටේහ්‍යුන් වැඩ කරෙ බෝගම්ගෙ room එකෙම.ඒකට හේතුව වුනෙ බෝගම්ට ටේව තම ඇස් මානෙම තියාගන්න.
"වේ? මම මොකටද වෙලාසනින් යන්නෙ යූනා.හහ්.. මට වැඩ ගොඩයි අද"
"ඕකෙ.අපි බලමුකො නේද.?" ඇස් දෙකත් කරකවන ගමන් කිව්ව යූනා කකුලක් පිට කකුලක් දාගෙන ෆයිල් චෙක් කරන්න ගත්තා.
'ආහ්.. මේ යූනා එක්ක බෑ.. ටේ නැතුව පාළුයි.කොල්ලා නම් හොදට ඇච්චො බැච්චො එක්ක සෙල්ලම් කරනවා ඇති.මම එපැයි තනියම මේ කට්ට කන්න.මම කෝල් එකක් අරන් බැලුවනම් හොදයි. ම්.. ගන්නවද නැද්ද' බෝගම් හිතන්න ගත්තෙ අතකින් ෆෝන් එකත් කරකවන ගමන්.
' බලමුකො බෝගම් ඔයා මම දන්න බෝගම්නම් උපරිම පැය දෙකක් ඉදි.පුහ් හිතුවා මදී මේ යූනාගෙ කනින් රිංගන්න. යූනත් හිතන්න ගත්තෙ හොරෙන් බෝගම් දිහා බලාගෙන දබරගිල්ලෙන් මේසෙට තට්ටු දමමින්.
...................................................................................
බස් එකෙන් බැස්ස ටේහ්‍යුන් චොකලට් පෙට්ටියකුත් අරගෙන ගියෙ එයාගෙ ලමා කාලය ගතකරපු නිවස වුන අනාත නිවාසෙට.නිවාඩු දවස් වල ලමා නිවාසයෙ ඉන්න පුංචි පැටව් එක්ක කාලය ගෙවන්න ටේහ්‍යුන් පුරුදු වෙලා හිටියා.ඒ වගෙමයි පොඩි පැටව් ටිකත් ටේහ්‍යුන්ට හුගක් ලෙන්ගතු වුනා.එයාලගෙම හියුන් විදිහට.ඈත ඉදන් සෙල්ලම් කරන ලමයි ටික දකිනවත් එක්කම ටේහ්‍යුන්ගෙ තරු වගෙ ඇස් දෙක දිලිසෙන්න ගත්තෙ හිතෙ ඇතිවුන සතූටට.ඉක්මනින්ම ලමා නිවාසය භාර වුන චෝයි මහත්මිය ඉන්න ඔෆිස් එකට දිව්වෙ ඇයව හමුවෙන්න.

YOU ARE READING
REBIRTH
Fanfiction"ගුක්.... ප්ලීස්.. මම කියන දේ-" "ටෙහ්‍යුන්.... ප්ලීස් මගෙන් ඈතට පලයන්.උබ මට මහ කරදරයක්. " "සරන්හෙ මගෙ ගුකි" "මම ආදරෙයි මගෙ බෙයා" "මමත් ආදරෙයි මගෙ බෝගූමි.." Taekook Taegook Taegum Jigook Mpreg