ජංගුක්ට කලින් අවදිවුන ටේහ්යුන් අමාරුවෙන් වුනත් වොෂ් එකක් දාගෙන ,උයලා පිහලා ලැහැස්ති වුනෙ ඔෆිස් එකට යන්න.මේ දවස් ටිකෙ කම්පැනියෙ වැඩ වැඩිවුන නිසා ටේහ්යුන්ට නිවාඩු ගන්න ඕන කමක්නම් තිබුණෙ නෑ.වැඩටික ඔක්කොම ඉවරකරනකල් ජංගුක් නෙවෙයි නැගිට්ටෙ.උදේ කෑම ජංගුක් වෙනුවෙන්ම මේසෙ පිළිවෙලකට තියලා චිට් එකකුත් ලියලා තිව්වෙ ජංගුක්ට නොකියම ටේහ්යුන් කම්පැනියට යන්න හිතපු නිසා.දෙයක් මතක් වුන නිසා එලියට බහින්න ගිහින් ඔළුවටත් එකක් ගහගෙන ආයෙත් කාමරෙට ගියෙ කිසිම සද්දයක් ජංගුක්ට ඇහෙන්න නොතියා. Cupboard එක ලගට ගිහින් දොරත් ඇරගෙන ලාච්චුව පුරා මොකක් හෝ හෙව්වත් අන්තිමට අහු වුනෙ ඉවර වුන බෙහෙත් කාඩ් එක විතරයි."අයියො ටැබ්ලට් ඉවර වෙලානෙ.මතක් කරලා ෆාමසි එකෙන් ගන්න ඕන." ලාච්චුවත් වහලා cupboard එකත් වහලා දොර ලගට යන්න හැදුවත් ආපස්සට හිනාවකින් පිටිපස්සට හැරුනෙ ජංගුක්ගෙ කටහඩට.
"ටේහ්යුන්.කොහෙ යන්නද හදන්නෙ?"
"ගුඩ් මෝනින් ගුකි.කම්පැනි එකට.මම ඔයාට ලෙමන් ජූස් එකක් හදලා ෆ්රිජ් එකට දැම්මා ඒක බොන්න .මම ගිහින් එන්නම් ම්ම්" ආපස්සට හැරුන ටේහ්යුන් ජංගුක් ලගට ඇවිල්ලා ජංගුක්ගෙ හිස් මුදුනින් හාදුවක් තිව්වෙ හිතෙ තිබුන ආදරෙට.
"හ්ම්.කොහොමද යන්නෙ.ටැක්සි එකකද?"
"ඔව් ගුකි.කෑමත් හදලා තියෙන්නෙ.යන තැනකට කාලා යන්න.මම යන්නම් සරන්හෙ"
"හ්ම්.හරි"
ටේහ්යුන් ජංගුක්ව බදාගෙන ආදරෙයි කිව්වත් ටේහ්යුන් ඈත් වුනාම කිසිවක් නොකියම බ්ලැන්කට් එකත් පොරවගෙන ආයෙත් නිදා ගත්තෙ ටේහ්යුන්ගෙ හිත රිද්දලා.විනාඩියක් විතර ජංගුක් දිහා බලාගෙන ඉදලා ටේහ්යුන් කම්පැනියට යන්න ගියෙ පිරිපුන් මුහුණකින් වුනත් තාමත් ඒ හිත ප්රශ්න කරෙ ජංගුක්ගෙ චිමි කවුද?
හරිම කලබලකාරි කම්පැනිය ඇතුලෙ ටේහ්යුන්ට වෙනදට වඩා වැඩ වැඩි වුනෙ anniversary party එකයි year end project එකෙ වැඩ නිසයි.ඔවුන්ගෙ අරමුණ වුනෙ මේ පාරත් හොදම කම්පැනි එක විදිහට පාක් කම්පැනි එක ඉස්සරහින් තියන්න.බෝගම් ,යූරා හා ටේහ්යුන් වගේම අනෙකුත් අය මීටින් එකක් ගත්තෙ තව දවස් කිහිපයකින් තියෙන පාර්ටි එක ගැන කතා කරන්න.නමුත් ටේහ්යුන් හා බෝගම් දෙදෙනාගෙම ඇස් දිහා නොබැලුවෙ පෙරදින වුන ආරවුල නිසා.යූරාට ඉවෙන් වගෙ මේ දෙන්නගෙ වෙනස තේරුනා.බෝගම්ගෙන් පස්සෙ අහන්නම් කියලා හිතලා මීටින් එකට අවදානය දෙන්න වගබලාගත්තෙ බෝගම්ගෙන් නිකරුනෙ බැනුම් අහන්න අකමැත්තට.
YOU ARE READING
REBIRTH
Fanfiction"ගුක්.... ප්ලීස්.. මම කියන දේ-" "ටෙහ්යුන්.... ප්ලීස් මගෙන් ඈතට පලයන්.උබ මට මහ කරදරයක්. " "සරන්හෙ මගෙ ගුකි" "මම ආදරෙයි මගෙ බෙයා" "මමත් ආදරෙයි මගෙ බෝගූමි.." Taekook Taegook Taegum Jigook Mpreg