Episode 16

110 19 3
                                    

හැමදාම උදේ පුරුද්දක් විදියට වදින alarm එකෙ සද්දෙට ජංගුක් ඇහැරුනෙ නුහුරු වටපිටාවට හුරුවෙමින්.අතෙ දුරින් තිබුන alarm එකත් ඕෆ් කරලා ටික වෙලාවක් වටපිට බලලා ලාවට හිනා වුනෙ ඊයේ දවස මතක් කරලා. ඒ හිනාව කොච්චර පිවිතුරද යන්න ජංගූක්ටවත් නොදැනෙන්න ඇති.තමන්ට එහා පසින් හිදී ඔහුගෙ ගතට තුරුලු වෙලා නිදාගෙන හිටි සුන්දර තරුණයා දිහා ඔහු බලාගෙන හිටියෙ ඇසපියවත් නොගහ.වෙනදවස්වල alarm එකෙ සද්දෙට දනිපනි කියලා නැගිටින ටේහ්‍යුන් කිසිම හෙලවීමක් නැතිව නිදාගෙන හිටියෙ ජංගුක්ගෙ උණුහුමට ලෝබ කමට.

"ටේ ~ නැගිටින්න බබා.ඔෆිස් යන්න ඕනි නේද"
,,
"ම්ම්ම්ම්.... හ්ම්..තව විනාඩි පහයි ජංගූ"

" ඔයාටමයි පරක්කු වෙන්නෙ.කම්පැනියෙ ලොක්කා එලවලා දායි" ටේහ්‍යුන්ගෙ මුහුණ දිගෙ ඇගිලි යවමින් ජංගුක් ඔහුව අවදි කරන්න උත්සහ කරා.

"හම්ම්ම්ම්.... ම්වො? " ලොක්කා කියනකොටම බෝගම්ව මතක් වුන ටේහ්‍යුන් ඇස් දෙක ඇරලා ඇද උඩින් වාඩි වුනා.

"ගුඩ්මෝනින් ලව්.ඔච්චර බයද ඒ මනුස්සයට"ජංගුක් කතාකරෙ ඇදෙ හෙඩ්බෝඩ් එකට හේත්තුවෙන ගමන්.

"නෑ නෑ බය නෙවෙයි ජංගුක්.බෝගම් හියුන් හරි හොදයි.අද අපිට විශේෂ වැඩක් තියෙනවා ඒකයි"

"ඇයි මට කියන්න බැරිද ?"

"සොරි ජංගූ.. ම්හු.." ටේහ්‍යුන් ඔළුව වැනුවෙ බෑ කියලා.ජංගුක්ට ඕන වුනෙ බෝගම්ගෙ ප්ලෑන් ටේගෙන් අහගන්න.නමුත් ටේහ්‍යුන් කා එක්කවත් තමන්ගෙ කම්පැනියෙ තොරතුරු ගැන කතා කරෙ නැහැ.

" අයියො ජංගුක් උදේ පාන්දර ඔය හැන්ඩ්සම් මූන එල්ල ගන්න එපා.කො මෙහෙ බලන්න." තරහින් වගෙ මූන හදාගත්ත ජංගුක් අහක බලාගන්නකොට ජංගුක්ගෙ මූන අත් දෙකෙන් අල්ලලා ටේහ්‍යුන් පැත්තට හරවාගෙන නලලට හාදුවක් දීලා අහිංසක හිනාවක් එක්ක ඒ ඇස් දිහා බලාගෙන හිටියා.ටේහ්‍යුන්ගෙ ඇස් දෙක දිහා අවංකව බලාගෙන ඉන්න බැරිවුන ජංගුක්ගෙ ඇස් එහා මෙහා ගියෙ කලබලයෙන්.

" ජංගූ.. thank you.මගේ ජීවිතෙට ආවට.මම ආදරෙයි" ජංගුක්ගෙ මූන පුරා ඇස් යැව්ව ටේහ්‍යුන් ඔහුව බදාගත්තෙ හිතෙ තිබුන ආදරෙට.ආපිට ජංගුක් ටේහ්‍යුන්වත් බදාගත්තෙ හිතත් එක්ක ලොකුවාදයක් කරන ගමන්.මොකද ජංගුක්ගෙ හිත ලොකු සටනක.ටේහ්‍යුන්ගෙ ආදරෙ ඉස්සරහ ඔහුට ඔහුගෙ ආදරවන්තයාවත් අමතක වෙලා.ටේහ්‍යුන්ගෙ ආදරෙ ජංගුක්ට දැනෙන්න ගත්තත් ඔහුගෙ අරමුණ මතක් කරගෙන හදවතෙ හැගීම් වලට අගුලු දාන්න තරම් ජංගුක් දැඩි වුනා.

REBIRTH Where stories live. Discover now