💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
🐯හරියට ඔයාගෙ නපුරු ඇස් හෝසොක් ළඟදි වෙනස් වෙනවා වගේද් මිනී....
ටේහ්‍යුන් ආපිට ඇහුවේ ජිමින් ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා ස්ටක් වෙලා වගේ බලාගෙන ඉද්දි🐣ම් මො ක ක් ද
🐯ඇයි මං බොරුවක්ද කිව්වේ මිනී... මට සමහරවිට මගේ හ්‍යුන්ග්ව මඟෑරෙන්න ඇති... හැබැයි මගේ සෝල්මේට් දෙන්නගෙන් එක්කෙනෙක් වුණ ඔයාව එහෙම මිස් වුණේ නෑ මිනී මට..
🐣හ්ම්ම්ම්
🐯මං වගේ මෝඩ වෙලා තීරණ ගන්න එපා මිනී... ශක්තිමත් වෙන්න.. අපිට ඉස්සරහට අනිවාර්යයෙන්ම එයාලට විරුද්ධ වෙලා තීරණයක් ගන්න වෙනවා.. මොකද එයාලා දැනටමත්
🐣මං දන්නවා.. එයාලා ඉක්මන් වුණා... ඒත් වෙච්ච දේවල් එක්ක මට තාමත් හිත හදාගන්න බෑ ටේ
🐯වුණ දේවල්වලට එයාලා තුන්දෙනාම වැරදි නෑ කියලා අපි දන්නවා මිනී... වැරැද්ද අපෙයි.. අපියි මුකුත් හොයන්නේ බලන්නේ නැතුව දැකපු අහපු හැමදේම විශ්වාස කරෙ...
🐣හ්ම්ම්ම්
🐯මේ ගමනින්වත් හැමදේම විසඳෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මිනී
🐣අනිවාර්යයෙන්ම හැමදේම හොඳින් වෙයි ටේ...
ජිමින් ටේහ්‍යුන්ගේ අතින් අල්ලගෙන කිව්වේ මොන දේ වුණත් එයා ටේහ්‍යුන් එක්ක ඉන්නවා කියලා පෙන්නන්න වගේ...පැය ගාණකට පස්සේ ටේහ්‍යුන් ජිමින් දෙන්නත් ඩේගුවලට ආවේ.. නම්ජුනුත් ඊට පැයකට විතර කලින් ඩේගු ආවා කියලා ජිමින්ගේ කෙනෙක් ජිමින්ට පණිවිඩේ දෙද්දී...
එතකොට මේ කිසිම දෙයක් නොදැන ජින් එයාලගේ ගෙදරට ගියේ හෙට නිවාඩු දවසේ එයාගේ මල්ලිලා එක්ක ඇවිදින්න යන්න ප්ලෑන් කරන ගමන්මයි... ඒ අතරේ එයාට නම්ජුන්ව මතක් වුණේ නැත්තෙමත් නෑ හැබැයි...
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
DiversosDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔