💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
බාත් රූම් එකට ගියපු යුන්ගි සීතලම සීතල වතුරවලින් වොශ් එකක් දාගෙන ඇඳට ගියේ හෙටක් කියලා දවසක් නැත්නම් කියලා හිතාගෙනයි... තවත් පැයක් දෙකක් යනකල් යුන්ගිගෙ ඔලුවෙ තිබ්බේ එයා දැකපු දේවල් විතරයි... යුන්ගිට ඕන වුණා කෑගැහලා අඬන්න ඒත් එයාට බෑ එයා දුකින් කියලා එයාගේ හ්‍යුන්ග්ලට පෙන්නන්න ඉතින් වෙනදා වගේම කොට්ටයක් තුරුළු කරගෙන හෙමීට අඬපු යුන්ගිට එහෙම්ම නින්ද ගියේ ගතේ වගේම හිතේ මහන්සියට වෙන්නැති
Yoongi's pov
පහුවදා උදේ මං ඇස් ඇරියේ හෝසොක් මට කතා කරනවා ඇහිලා වුණත් මං එහෙම්ම හිටියේ මට නැගිට ගන්නවත් පණක් නෑ කියලා තේරුණ නිසා.. මගේ මුළු ඇඟට තලලා දාලා වගේ රිදෙනවා..
මං එහෙම්ම ඇස් වහගත්තේ තවත් ඇස් ඇරගෙන ඉන්න බෑ කියලා තේරුණ නිසා
ඒත් සොකී ආයෙත් ඇවිත් කතා කරද්දී මං අමාරුවෙන් හරි නැගිටින්න ට්‍රයි කරේ මගේ කටින් කෙඳිරියකුත් පිට වෙද්දී
මට දැනුණා සොකී මාව ඇහැරවන්න කියලා ඇඟට තියපු අත ඒ තප්පරෙන්ම අරගෙන ගිහින් ජින් හ්‍යුන්ග්ට කෑගැහනවත්.. ඒත් මං හිටපු විදියටම හිටියේ මට ගොඩක් අමාරු නිසා.. ඒ අස්සේ මට ආයෙ ආයෙ ඊයේ වෙච්ච දේවල් මතක් වෙද්දී ආයෙත් ඇඬුණා
🦄දෙයියනේ යුනී ඔයාට ගොඩක් අමාරුද.. හ්‍යුන්ග් අපි හොස්පිට්ල් යමුකෝ යුන්ගිට ගොඩක් අමාරුයි වගේනේ
මට ඇහුණා සොකී හ්‍යුන්ග්ට කිය කිය එයත් අඬනවා..🐱ස් සොකී ම් මං හොඳින්..
මං අමාරුවෙන් හරි කිව්වේ එයාලා දෙන්නම මං ළඟට එද්දි🐷යුනී මොකක්ද මැණික ඔයාට වුණේ මෙහෙම උණ ගන්න තරම්
ජින් හ්‍යුන්ග් මගෙන් ඇහුවත් මං කරේ එයා මගේ ඔලුව අතගාද්දි දැනුණ සනීපෙටම ඇස් වහගත්ත එක
YOU ARE READING
The Boyz Next Door || Taegi || Jihope || Namjin || On Going
AcakDescription එකක් ඥෑහ්... තිබ්බ එක delete වෙලා මට ඒක මතක ඥෑහ් දැන් 🙂🙂💔