ජිමින් හොස්පිටල් ලීව් වෙලා කෙලින්ම ටේහියුන්ග්ගේ ගෙදර ආවේ එයාට ලැබුණ Interval එකේ.ජිමින් සිකුරිටි එක්ක කතා කරලා කොහොමහරි ගෙදර ඇතූලට ආවා.මේඩ්ට එයාව අදුන්වලා දුන්නම එයා දැනගත්තා මේ ඇවිල්ලා ඇත්තේ ඉස්සෙල්ලා ජන්ග්කුක් කතා කරපු ඩොක්ටර් කියලා.
ජිමින්ව එක්කන් ටේහියුන්ග්ගේ කාමරය ලගට අරන් ආපු මේඩ් ආපව් පල්ලෙහා තට්ටුවට ගියේ ජිමින් දොර ඇරන් ඇරන් ඇතුලට යද්දි,ජිමින්ගේ ඇස් පොල්ගෙඩි සයිස් වුනේ එයාගේ ඉස්සරහ එයාට පේන දේ විශ්වාස කරගන්න බැරුව.ටේහියුන්ග් හිටියේ ජන්ග්කුක්ගේ උකුල උඩ,එයා ජන්ග්කුක්ගේ බඩට මූන ඔබාගෙන එයාට ගුලිවෙලා නිදාගෙන හිටියා.ජන්ග්කුක්නුත් ටේහියුන්ග්ව ලගට කරන් එයාගේ ඔලුව අතගගා හිටියත් එයාටත් ලාවට නින්ද යන ගමන් තිබ්බේ
හිමින් එයාලා ලගට කිට්ටු වුන ජිමින් ජන්ග්කුක්ගේ උරහිසට තට්ටු කලේ ටේහියුන්ග් ඇහැරෙන්නේ නැති විදියට.
ගැස්සිලා ඇහැරුන ජන්ග්කුක්,"ජි...ජිමිනි !!! "
ජන්ග්කුක්ට නොදැනුවත්වම කෑ ගැහුනා.ඒ සද්දෙට ටේහියුන්ග් එහාට මෙහාට ටිකක් දැගලුවත් ආපව් ජන්ග්කුක්ගේ බඩට මූන තියාගෙන ගුලිවුනා.
"කෑ ගහන්න එපා කුකී ! එයා ඇහැරෙයි "
ජිමින් රහසින් කිව්වේ ටේහියුන්ග්ව පෙන්නලා
"ඕඕඕ..ඕකේ ඕකේ.ඒත් ඔයා කොහොමද මේ වෙලාවේ"
"මං ලන්ච් ටයිම් එකේ ආවා.මං බය වුනා ඔයා කියෙව්ව විදියට.ඒත් ඉතින් දැන් නම් බොසාට කිසි අමාරුවක් නෑ වගේ ඒකනේ ඔය හොදට ගුලිවෙලා සැපට නිදාගෙන ඉන්නේ"
ජිමින් කට කොනින් හිනා වෙවී කියන කොට ජන්ග්කුක්ව ලැජ්ජාවටහ රතූ වුනා.
"අනේ..මේ 😀"
"ම්ම් හ්ම් දැන් ඔයාගේ ඔය කොටි පැටියාට ඇහැරවන්න.මට උණ බලන්න "
"අනී පව්නේ.එයා නිදි ජිමිනි"
"දැන් ඉතින් කොහොමත් තව ටිකකින් අර මීටින් එකනේ.ඒ නිසා ඇහැරවන්න !"
ජිමින් මීටින් එක ගැන කියනකොට තමා ජන්ග්කුක් ටත් මීටින් එක මතක් වුනේ . Bedside table එක උඩ තියලා තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව දැක්කම ජන්ග්කුක් පුදුම වුනා.දැන් වෙලාව 2.30 යි.දෙයියනේ තව පැය භාගයයි තියෙන්නේ මීටින් එකට..

YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...