[ 13th tale ]

1.4K 229 38
                                    

ටේහියුන්ග් හිටියේ සැප නින්දක...කොට්ටත් බදාගෙන හොදට නිදාගෙන හිටියත් තවත් නිදාගන්න බැරි වුනේ ජන්ග්කුක් ටේහියුන්ග්ගේ ඇගට පැනපු නිසා...ඒ නිසා ටේව ඇහැරුනත් ඒ එයාගේ naughty husband කියලා දන්න නිසාම එයා බොරුවට ඇස් පියාගෙන හිටියා.
ටේහියුන්ග්ගේ බඩ උඩින් ඉදගත්ත ජන්ග්කුක් ටේට කුචි කවන්න පටන් ගත්තේ ටේ තොල් හපන් හිනාව පාලනේ කරගද්දි

"හොර ගෙඩියා ! නැගිටිනවා උදේ වෙලා... කම්පැනි එකට යන්නේ නැද්දදෝ ??? කුචි කුචි"

ජන්ග්කුක් ටේහියුන්ග්ගේ බඩ උඩ දගල දගල ඉන්නකොට ටේට තවත් ඉවසගන්න බැරි වුනා.ජන්ග්කුක්ව ඇදලා අරන් මූනට ලං කරගත්ත ටේගේ, ඇස් ජන්ග්කුක්ගේ මූන හැමතැනම ගියේ මත් වෙලා වගේ.කූගේ කන ලගට තොල් කරගත්ත ටේ දෙයක් මිමිණුවේ ඒක ඇහිලා ජන්ග්කුක්ව හිරි වැටිලා යද්දී

"බඩ උඩ ඉන්නවනම් දගලන්න එපා ම්ම්ම් ! Good boy නේ ? නැත්නම් ඔයාටම තමා පස්සේ පසුතැවෙන්න වෙන්නේ 😏"

ඉක්මනට ටේගෙන් අයින් වුන ජන්ග්කුක් ඇදෙන් බිමට පැනලා හයියෙන් කාමරෙන් එලියට දුවන් ගියේ දැනුන ලැජ්ජාවට...

හිනාවුන ටේහියුන්ග් වොශ් එකකුත් දාගෙන ශර්ට් එකක් එක්ක පැන්ට් එකක් ඇදලා කිචන් එකට ඇවිදන් ආවේ හිනාවීගෙනමයි.එයා දන්නවා මේ වෙලාවේ එයාගේ හස්බන්ඩ් ඉන්නේ කිචන් එකේ කියලා.

එයාගේ කූ හරි හරියට වැඩ.එහාට මෙහාට දුව දුව බඩු හොයනවා...කෑම හදනවා.එයාත් එක්කම හිනාවෙනවා....කෑම වල රස බලලා රස නැත්නම් මූණ ඇඹුල් කරගන්නවා.මේ හුරතලේ දිහා බලාගෙනම ජන්ග්කුක්ට නොදැනෙන්න එයා ලගට ඇවිදන් ආපු ටේහියුන්ග් එයාගේ නහර පිරුණු අත් ඒ ඉන වටේ යැව්වේ ජන්ග්කුක්ව ටිකක් ගැස්සිලා යද්දී. ඒත් එයාට මේ උණුහුම ගොඩක් හොදට පුරුදුයි.මේ එයාගේ ටේ !

මේ එයාගේ ටේ !

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now