"අහ්ම් අහ්ම්... ! "
දෙන්නව ගැස්සිලා ගියේ දොර ලගින් ඇහුන උගුර පාදන කටහඩක් නිසා.
දෙන්නම ඒ පැත්ත බැලුවේ පුදුමෙන්.
මේ වෙලාවේ කවුරු එන්නද?ප..පපා !?
ටේහියුන්ග්ට ගොත ගැහුනේ ඉස්සරහ හිටගෙන හිටපු එයාගේ පපායි අප්පයි නිසා.
ජන්ග්කුක්නුත් මේ දිහා බලන් හිටියේ බය වෙලා.
පපාගේ වල් හිනාව දැක්කම ටේහියුන්ග්ට තේරුණා ඇයි පපා එහෙම ඒ දෙන්නා දිහා බලන් ඉන්නේ කියලා.
මෙච්චර වෙලා ටේහියුන්ග්ගේ අතේ හිටපු ජන්ග්කුක්ව ටේහියුන්ග් අතෑරියේ ජන්ග්කුක්ගේ පස්ස බිම ඇනෙද්දි."ආව්...හියුන්ගි සර්"
ජන්ග්කුක් බිම ඉදන් පස්ස අත ගගා කිව්වේ ටේහියුන්ග් බෙල්ල කස කස හිනා වෙද්දි.
"අනේ මගේ බෑනා පොඩ්ඩා ! "
ජින් කෑ ගහගෙන ජන්ග්කුක් ලගට දුවන් ආවේ ජන්ග්කුක් බය වෙද්දි.
"මොකක්ද ටේ !!! මගේ පැටියාව බිමත් වැට්ටුවා"
ජින් කිව්වේ බිම ඉදගෙන හිටපු ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකන ගමන්.
ඒ අතරේ නම්ජුන් ගිහින් කවුච් එකෙන් වාඩිවුනා."අප්පා ඔයාලා එනවා කිව්වේ සිකුරාදා නේ.අද තාම බදාදා නේ"
පත්තරය පෙරල පෙරල හිටපු නම්ජුන් ටේහියුන්ග්ට රැව්වේ ජන්ග්කුක් දිහාටත් බැල්මක් දාලා
"ඇයි සතුටු නැද්ද අපි ආපු එකට ආ !?"
"අනී එහෙම නෑ , මං නිකන් ඇහුවේ ඉතින්
කිව්වනම් මට එයාර්පෝට් එකට එන්න තිබ්බනේ ""ජිනීට ඉක්මනට එන්න ඕන කිව්වා ජන්ග්කුක්ව බලන්න.ඉතින් ආවා "
නම්ජුන් කිව්වේ ජන්ග්කුක් දිහා බලන් හිනාවී ගෙන
"අනී ජුන් අජුම්මා කිව්වා වගේම මගේ බෑනා පොඩ්ඩා හරි කියුට් නේද ... අපේ ටේ නම් මාර ලකී.ඇත්තටම ඔයාලා දෙන්නා මාර මැචින්"
ජින් කම්මුල් මිරිකන විදියට ජන්ග්කුක්ව දෙපැත්තට වැනෙනවා.
නම්ජුනුත් ආපිට ජින් එක්ක හිනා වුනා.ටේහියුන්ග්නම් ඉරිසියාවටමද මන්දා ඇස් කරකවනවා."කෝ එන්නකෝ මගේ පැටියෝ
අපි ඉදගෙන කතා කරමු "ජින් ජන්ග්කුක්වත් නැගිට්ටවගෙන කවුච් එකෙන් ඉදගත්තේ ටේහියුන්ග්නුත් නම්ජුන්ගේ එහා පැත්තෙන් ඉදගනිද්දි
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...