ආපව් ජන්ග්කුක්නුයි ටේහියුන්ග්නුයි මැන්ෂන් එකට එනකොට ගොඩක් රෑ වෙලා තිබුනා.
ටේහියුන්ග් ගෙදර කා පාර්ක් ඒරියා එකෙන් කාර් එක පාර්ක් කරලා එහෙම්මම බැලුවේ ජන්ග්කුක් දිහා.
පුලුවන් තරම් කඩචෝරු කාලා කාලා දැන් කොල්ලා සැපට ටේහියුන්ග්ගේ උරහිසට ඔලුවත් තියාගෙන නිදි."මැණික..."
ටේහියුන්ග් ජන්ග්කුක්ගේ හිසකෙස් අතරින් අත් යැව්වේ ජන්ග්කුක් ඒ දැනෙන සනීපයට තවත් ටේහියුන්ග්ට ලං වෙද්දි
"බබා නැගිටින්න අපි ගෙදර ආවා."
"උහුම්.."
ජන්ග්කුක් ඇස් වත් අරින්න මහන්සි නොවී කෙදිරිගෑවේ එයාට බෑ කියලා කියන්න.
ටේහියුන්ග්ට තේරුණා බොරුවට මෙතන මෙයාව නැගිට්ටවන එක තේරුමක් නෑ කියලා.තමන්ගේ උරහිස උඩ තිබුන ජන්ග්කුක්ගේ ඔලුව පරිස්සමට ශීට් එකට හේත්තු කරපු ටේහියුන්ග් එයාගේ ශීට් බෙල්ට් එක ගලවලා වාහනෙන් බැහැලා අනිත් පැත්තෙන් ඇවිත් ජන්ග්කුක්ගේ පැත්තේ දොර ඇරියාට.
ජන්ග්කුක්ගේ කලවා යටින් අත දාපු ටේහියුන්ග් ජන්ග්කුක්ව පරිස්සමට වඩා ගත්තේ ජන්ග්කුක් දැනුන සුපුරුදු උණුහුමට තව තවත් ගුලි වෙද්දි...
කකුලෙන් එකක් ගහලා දොර වැහුව ටේහියුන්ග් ජන්ග්කුක් ඇහැරෙන්නේ නැතිවෙන්න පරිස්සමින් කා එකත් ලොක් කරගෙන ඇතුලට ආවේ ජන්ග්කුක් අත් අතරේ ඉද්දිදොර ඇරලා තිබ්බ නිසා එයාට ලේසියෙන්ම ඇතුලට එන්න පුලුවන් වුනා.
සාලේට වෙලා මේ දෙන්නා එනකන් බලන් හිටපු ජින් සෝෆා එකෙන් නැගිට්ටේ ජන්ග්කුක්ව වඩාගෙන එන ටේහියුන්ග්ව දැකලා.
"ඔයාලා පරක්කු වුනාම බය වුනා පුතා"
"සොරි පපා ! අපි ඩේට් එකකට ගියා "
ටේහියුන්ග් කිව්වේ සාලේ ටිකක් නැවතිලා ජන්ග්කුක් දිහා බලාගෙන
"මගේ හා පැටියා දොයිද "
"යා පපා මගේ මගේ ගාන්න එපා හරිද !
එයා මගේ විතරයි හුම්"ටේහියුන්ග් රවලා අහක බලාගත්තම ජින් බොහොම අමාරුවෙන් එයාගේ හිනාව පාලනේ කරගත්තා.
ටේහියුන්ග් ජන්ග්කුක්ට රණ්ඩු වෙන්නේ හරියට චූටි ළමයෙක් වගේ..
එයාගෙලු!
![](https://img.wattpad.com/cover/342138804-288-k430972.jpg)
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...