[ 37th tale ]

1.2K 198 59
                                    

ජන්ග්කුක් ටේහියුන්ග් දෙන්නා හිටියේ බුසාන් පාරවල් වටේම ඇවිද ඇවිද...
Breakfast එකත් අරගෙන දෙන්නම අත් වලින් අල්ලගෙන එයාලට හිතෙන ඕනම තැනක නිදහසේ ඇවිද්දා...
එයාලා කවදාවත් නැතුව හුගක් කතා කලා.
එයාලා අතර තව දුරටත් රහස් තිබුනේ නෑ.

"දන්නවද කුකී...
කවදාවත් අප්පයි පපායි මට බල කලේ නෑ කිසිම දෙයකට.එයාලා මට ඕනි හැමදේම දුන්නා අඩුපාඩුවකට කියලා මුකුත්ම තිබ්බේ නැති තරම්.එයාලාට දෙන්න බැරි වුනේ අවධානයයි ආදරයයි විතරයි සුදූ..."

ජන්ග්කුක් මේ හැමදේම අහගෙන හිටියේ ඇවිදින ගමන්...
ටේහියුන්ග් පිට අල්ල එයා හරි හිමීට පිරිමැද්දේ ටේහියුන්ග්ව හොරාට සනසවලා.

දුක් වුන ටේහියුන්ග්ගේ මූණ ආපව් සතුටින් පිරුණා.

"ඒත් ඉතින් දැන් මට වයිෆ් පොඩ්ඩක් ඉන්නෝනේ හිත පිරෙන්න ආදරේ දෙන්න.
එයාලා මට මැරේජස් හෙව්වා. නැත්තේ නෑ.
ඒ මං නපුරු නිසා එයාලා හිතුවා කාවහරි ලැබුණම තරහ අඩුවෙයි කියලා.ඒත් ඒ කිසිම මැරේජ් එකකට මං කැමති වුනේ නෑ.
පස්සේ එයාලා මටම හොයාගන්න කිව්වා කැමති එක්කෙනෙක්...
එයාලා කිව්වා අන්ත අසරණ දුප්පත් කෙනෙක් හරි කමක් නෑ එයා හදවතින් පෝසත් නම් ඇති කියලා...
ඉතින් මන් හිතන්නේ මං හොයාගත්තේ
අහ්ම් නෑ නෑ මගේ හදවත නැවතුනේ කියලා කිව්වොත් හරි නේ..."

ජන්ග්කුක් කදුලු පිරුණු බෝල ඇස් හංග ගෙන ලාවට ඔලුව වැනුවේ හිනාවෙලා.ටේහියුන්ග් ටිකක් නැවතිලා ජන්ග්කුක්වත් ලගට ඇදලා අරන් ඒ වැටෙන්න පොරකන කදුලු වැටෙන්න නොදී පිහදාලා දැම්මා.

කදුලු පිරුණට කමක් නෑ හැබැයි ඒ කදුලු වලට  කම්මුල් තෙත් කරන්න බෑ ඔයා ගාව ඔයාගේ හියුන්ගී ඉන්නකන්.

කදුලු පිහදාලා දැම්ම ටේහියුන්ග් ජන්ග්කුක්ගේ මූන එයාගේ ලොකු අත් වලින් අල්ලගෙන මූනට බර වුනා.

"ඉතින් මගේ හදවත නැවතුනේ හැම අතින්ම පෝසත් ආදරයක් ළග...
මං හිතුවේ නෑ බං මං කාට හරි ආදරය කරයි කියලා.ඇත්තටම මං හිතුවේ නෑ මේ ගල් වුන හදවතේ කෙනෙක් ගේ නමට ආදරයක් ලියවෙයි කියලා.
උබ එකපාරටම හදිස්සියේ ජීවීතේට ඇවිත් ඒ හැමදේම එක ක්ෂණයකින් වෙනස් කලා.
සමහරවිට උබව ලියවිලා ඇත්තේ මටම වෙන්න ඇති.ඒකනේ කිසිම සැනසීමක් තිබුනේ නැති මගේ එකම සැනසීම උඹ වුනේ...

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now