"මගේ සුදු මැණික මං දිහා බලන්නේ නැද්ද වස්තූ...?"
ටේහියුන්ග් ඇහුවේ එයාගේ වටේ ඒ දෙන්නා දිහා බලන් ඉන්න අය ගැන කිසිම විදියකින් හිතන්නේ නැතුව....
ඒ...ඒ...කටහඩ !
දෙයියනේ...ජන්ග්කුක් ගැස්සිලා ඔලුව ඉස්සුවේ ඒ හදවත වේගෙන් ගැහෙන අතරේ...
එයා හිටියේ මේ ලෝකේ එයාට රැකවරණය දැනෙන එකම අත් අතරේ වෙද්දි ඒ බෝල ඇස් වල කදුලු කැට පිරිලා ගියේ නොදැනුවත්වමයි...ඒත් එක්කම හයියෙන් කෑ ගහලා අඩපු ජන්ග්කුක් දේහ්යුන් ලගට දුවන් ගිහින් අප්පච්චිව හයියෙන් බදාගෙන අඩන්න ගත්තා.
මේ වෙනකන්ම ඒ ඇස් වල කදුලු පිරුණේ දුකට වෙද්දි...ඒ අහිංසක හිත පෑරුණේ වේදනාවට වෙද්දි...
මේ වෙලාවේ නම්
ඒ නීල නුවන් වගේම රෝස හදවතත් කදුලු වැගිරුවේ සතුටට...දේහ්යුන්ව බදාගෙන ඉකි ගහන ජන්ග්කුක්ට කතා කරගන්න තරම් වත් පණක් තිබුනේ නෑ...
ඒත් මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව සේහීත්,චූටි හේසූත් බලාගෙන හිටියේ ඇසුත් නලලේ තියාගෙන...ජිමින්නම් ඉතින් හැමදේම දන්නවනේ...
ජින් නම්ජුන් පවා ජන්ග්කුක්ගේ අහිංසකකම දිහා බලන් හිටියේ ආදරෙන්...එයා මේ දැන් ටිකකට කලින් ප්රාර්ථනා කළේ අද එයාව බලන්න එන මනුස්සයා වෙනුවට එතන ටේහියුන්ග් ඉන්න කියලා.
ඒක..ඒක ඇත්ත වෙලා !"සුදු පුතා කෝ අඩන එක නවත්තන්න...දැන් ඇති දවස් දෙකක්ම තිස්සෙම ඇඩුවා.කෝ මගේ හොද පුතා නේ"
ජන්ග්කුක්ට තාමත් කතා කරගන්න වචන එන්නේ නෑ.
"අ.. අප්පච්චි...මට..සමා..වෙන්න අප්පච්චි..."
ජන්ග්කුක් කිව්වේ අමාරුවෙන් එකතු කරගත්ත වචන ටිකක් බැදගෙන
"කමක් නෑ පුතේ... මගේ සුදු පුතා සමාව දෙන්න බැරි තරම් වැරැද්දක් කරලා නෑනේ...කෝ දැන් අඩන්නේ නැතුව මේ ආපු අයත් එක්ක කතා කරමු ම්ම්ම් !
හැබැයි ඉතින් කතා කරන්න දේකුත් නෑ වගේ නේද ?"දේහ්යුන් හිනාවෙලා ඇහුවේ රෝස වුනු කම්මුල් වල කදුලු පිහිදන ජන්ග්කුක්ගෙන්
ටේහියුන්ග් තාමත් හිටපු විදියටම හිටගෙන ජන්ග්කුක් දිහා බලන් ඉන්නවා.
දේහ්යුන් දැක්කා ඒ ඇස් වල තියෙන කාන්තිය

YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...