[ 27th tale ]

1.4K 267 59
                                    

Taehyung , conference room එකට ඇතුල් වුනාම හැමෝම නැගිටලා ආචාර කලා.
ජන්ග්කුක්නම් ටේහියුන්ග් දිහා බැලුවෙවත් නෑ.එයාට ලැජ්ජයි.ඒ වෙන්න ගිය දේ ආයිශ්...

ජන්ග්කුක්ගේ චෙයාර් එක තිබ්බේ ටේහියුන්ග්ගේ එකට එහා පැත්තේ මොකද එයානේ private secretary.ටේහියුන්ග් ජන්ග්කුක් දිහා ඇස් කොනින් බලාගෙනම එයාගේ චෙයාර් එකට ගියා.

අනේ ඔහොම රතු වෙන්න එපා බබා මට ඔයාව මෙහෙම්මම ගෙදර උස්සගෙන යන්න හිතෙනවා.

ටේහියුන්ග් හිතුවේ ඇවිලෙන හැගීම් වලින්.ඉස්සරනම් කොච්චර එයාගේ හැගීම් පාලනේ කරගන්න පුලුවන් වුනත් දැන් ජන්ග්කුක්ගේ නම් ඇහුනත් ඇති එයාව වෙව්ලලා යනවා.සමහරවිට මේක වෙන්න ඇති ආදරය කියන්නේ ...

ටේහියුන්ග් එයාගේ චෙයාර් එකෙන් ඉදගත්තේ හැමෝටම ඉදගන්න කියලා සන් කරන ගමන්,
එතකොට අනිත් හැමෝමත් ඉදගත්තා.

"ජොන්ග් සුක් start the presentation"

ටේහියුන්ග් ජොන්ග් සුක්ට කිව්වම ටේහියුන්ග්ට ආචාර කරපු ජොන්ග් සුක් එයාගේ පුටුවෙන් නැගිටලා screen sharing එක තැනට ගිහින් හිටගත්තා.
රූම් එකේ ලයිට්ස් ඕෆ් වෙලා ගිහින් screen light එකෙන් විතරක් රූම් එක ආලෝකමත් වුනා.

ජොන්ග් සුක් ගොඩක් සාර්ථක ලෙස එයාගේ presentation එක කරන් ගියා.
ඒත් මැදදි මැදදි ගොඩක් අඩුපාඩු වුනා.
ජොන්ග් සුක්ට information පැටලුනා.එතකොට සමහර තැන් පැටලුනා.ඒ වගේම presentation එක complete නුත් නෑ.ඇත්තටම මේක ගොඩක් වැදගත් දෙයක්.
මේ කිම් බ්‍රෑන්ඩ් එකේ improvement එක ගැන presentation එක.
ඒක හරියටම තියෙන්න ඕන.චූටිම වැරැද්දක්වත් වෙන්න බෑ.මොකද ඒක ඉදිරියේදී ගන්න ගොඩක් decision වලට බලපානවා.

ටේහියුන්ග් හිටියේ එයාගේ තරහ ගොඩක් උපරිමයෙන් පාලනය කරගෙන.එයාත් ජන්ග්කුක් එක්ක ඉන්න පුලුවන් ඊයේ දවසම එයා දුන්නේ මේ වෙනුවෙන්.ටේහියුන්ග් එයාගේ වැඩ කොටස පැය බාගයක් වගේ ඇතුලත ඉවර කලා.ඒත් ජොන්ග් සුක්ලට කොච්චර කල් දුන්නද ? සතියක්ම දුන්නා.
එයාලට ඒත් මේක කරගන්න බැරි වුනාද.

ජන්ග්කුක් පවා හිටියේ ටිකක් බයෙන්.එයා දන්නවා ටේහියුන්ග් මේ වගේ දේවල් වලට කැමති නෑ කියලා.විශේෂයෙන්ම අපිළිවෙල අසම්පුර්ණ වැඩ වලට.
එයා හොදටම දැක්කා ටේහියුන්ග් එයාගේ කේන්තිය පාලනය කරගෙන ඉන්නෙ අමාරුවෙන් කියලා.ඒ කම්මුල් පවා නලියනවා.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now