From now on, story going through it's romantic side...if it feels like kichi kichi ,
Tell me about that.
.
.
.
.
"සුදු මැණික"
කවුච් එකේ දිගා වෙලා තමන්ගේ පපුවට තුරුල් වෙලා ඇස් පියන් ඉන්න ජන්ග්කුක්ගේ හිසකෙස් අතරින් ටේහියුන්ග් අත යැව්වේ ආදරයෙන්
"මැණික නිදිද ?"
ටේහියුන්ග් එහෙම ඇහුවේ හුස්ම ගන්න රිද්මයට ජන්ග්කුක්ට නින්ද ගිහින් ඇති කියලා හිතලා.
"ම්ම්ම්"
ජන්ග්කුක් ලාවට කෙදිරුවම ටේහියුන්ග්ගේ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුනා
"මගේ කපටි බෝලේ..නිදි වගේ ඉදගෙන මාව රවට්ටනවා නේද...කෝ බලන්න මගේ කොල්ලගේ මූණු පොඩිය"
ජන්ග්කුක්ගේ නලල උඩින් තොල් තද කරපු ටේහියුන්ග් ජන්ග්කුක්ව චුට්ටක් උස්සලා අරන් එයාගේ මූණ ඉස්සරහට ගත්තා.
"මගේ මැණික දැන් නම් රතු මැණික වෙලා"
ආදරණීය හාදු ගොන්නක් නිසා මෙච්චර වෙලා ලැජ්ජාවට ටේහියුන්ග්ගෙන් මූණ හංගගෙන හිටපු ජන්ග්කුක්ගේ ලේ පිරුණු කම්මුල් දිහා ටේහියුන්ග් බලන් හිටියේ වශී වෙලා වගේ
"මං ගොඩක් ආදරෙයි පැටියෝ"
එහෙම කිව්ව ටේහියුන්ග් ආපව් ජන්ග්කුක්ගේ දැනටත් ටේහියුන්ග්ගේ වැඩ නිසා රතු වෙලා පිම්බිලා තිබ්බ තොල් වලට නැමුණා..
ඒ සෙල්ලක්කාර හදවත ඇතුලේ මොනතරම් දඩබ්බරකමක් එලියට එන්න පොරකෑවත් හරි අපූරුවට තමන්ව පාලනේ කරගන්න ටේහියුන්ග්ට පුලුවන් වුනා.
"බබා..ඇයි කතා කරන්නේ නැත්තේ මුකුත්?"
මේ වෙනකම්ම ජන්ග්කුක් කිසිම දෙයක් හරියට කතා කලේ නැති නිසයි ටේහියුන්ග් එහෙම ඇහුවේ.වෙනදා නම් ටේහියූන්ග්ගේ කන කැඩෙනකන් කියවන මේ පුංචි කේතලේගේ අද කට වැහිලා...
ඒවා ඉතින් ටේහියුන්ග්ගෙම වැරදි තමා.
තත්පරයක්වත් ජන්ග්කුක්ට නිකන් ඉන්න දෙනවා ඈ !
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...