ජන්ග්කුක් හවස වැඩ ඉවර කරලා කැබින් එකෙන් එලියට වෙලා බලන් හිටියේ හයුන්ග්සික් එනකන්.එවලෙම වගේ ටේහියුන්ග්නුත් ගෙදර යන්න කියලා එලියට ආවම තමා දැක්කේ ජන්ග්කුක් ලිෆ්ට් එක ලගට වෙලා බෑග් එක වන වන ඉන්නවා.
සතුටින් එයා ලගට ආපු ටේහියුන්ග්,
"ඔය මහත්තයා මං එනකන් ද බලන් හිටියේ?"
ටේ හිතුවේ ජන්ග්කුක් ඔය ඉන්නේ එයා එනකන් කියලා.මොකද වෙනදත් ජන්ග්කුක් ටේහියුන්ග් එක්ක තමා පහලට යන්නේ,එයා ලිෆ්ට් එකේ යන්න බයයි නේ ඉතින් ...
"අනී නෑ ! මං හයුන්ග්සික් එනකන් ඉන්නේ...?"
ජන්ග්කුක් ඒක කිව්වෙත් ඇගිලි තුඩු වලින් ඉස්සි ඉස්සි ස්ටූඩියෝ එක පැත්ත බලන ගමන්
ඒක අහලා ටේහියුන්ග්ට කේන්ති ගියා.එයාගේ වෙලා තිබ්බ හැමදේම හයුන්ග්සික් උදුරගෙන."ඒ මොකටද ?"
"ඒ මොකටද අහන්නේ ? අපි යන්නේ එකට."
"වෙනදා ඔයා ගියේ ජිමින් එක්කනේ.මට කියනවද ඇයි මේ අද විතරක්..."
ටේහියුන්ග් දත්මිටි කකා තරහින් ප්‍රශ්න අහද්දි
ජන්ග්කුක් අර පැත්ත බලන එක නවත්තලා ටේහීයුන්ග්ගේ උඩ ඉදන් පල්ලෙහාටම බැලුවා."මේ මට කියනවද මං මොකටද ඔයාට ඒවා කියන්නේ කියලා.ඔයත් මට අර පොතේ හීටපු ගුකියාද මොකාද එකා ගැන කිව්වේ නෑනේ "
ඒක ඇහුවම නම් ටේහියූන්ග්ට ලාවට හිනාවක් ගියා.ජන්ග්කුක්ගේ නහයයි එයාගේ නහයයි දෙකම එකට ගෑවෙන තරමට ටේහියුන්ග් ජන්ග්කුක්ගේ මූනට එබිලා,
"ඔයා මේ ඉරිසියා කරන්නේ චූටි නිසදැසක ඉන්න හුරතල් කොල්ලෙක්ටද ම්ම්ම් ?
ටේහියුන්ග් එයාගේ නහය ජන්ග්කුක්ගේ නහයේ ඇතිල්ලුවේ ජන්ග්කුක් නොදැනුවත්වම ඇස් පියා ගනිද්දී
එච්චරටම මාව නැති කරගන්න බයයිද බබෝ"
ජන්ග්කුක් එයාගේ ශර්ට් එක තද කරන් අල්ලන් හිටියා.එයාලා කවදාවත් මෙච්චරටම ලං වෙලා නෑ.මං කියන්නේ අහඹු ලංවීම් වෙනුවට ටේහියුන්ග්ම !!! ටේගේ නහය තමන්ගේ නහය එක්ක ගෑවෙද්දි එයාට දැනුනේ ඒක නිකන් කිස් එකක් වගේ.හිමින් තොල හපාගත්ත ජන්ග්කුක්,
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...